කොරෝනා නසන්න ප්‍රතිවයිරසයක් හදලා ලොවට වසංගතයක් වූ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය නැසීමට ප්‍රතිවයිරසයක් පර්යේෂණාගාරයක් තුළ නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යායන් සමත් වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 20 May 2021
‘‘වරාය කොමිෂන් සභා පනතෙන් රටේ ස්වාධිපත්‍යය පවරා දීමක් සිදුවෙනවා‘‘ කොළඹ වරාය කොමිෂන් සභා පනතෙන් රටේ ස්වාධිපත්‍යය පවරා දීමක් සිදුවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 May 2021
පොදු ප්‍රවාහනය ගැනත් සොයයි බස්රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් වල නිරෝධායන නීති රීති පිළිපදින්නේ ද යන්න සොයා බැලීම සඳහා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි . 20 May 2021
රටේ ආරක්ෂාව ත්‍රිවිද හමුදාව කඳවයි ජනාධිපතිවරයා විසින් රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ. 20 May 2021
රියදුරු බලපත්‍ර ගැනීමේදී අලුත් පරික්ෂණයක් බස්රථ ඇතුළු බරවාහන රියදුරන් සදහා රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ දී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය මත්ද්‍රව්‍ය ලබා ගන්නවාදැයි දැනගැනීම සඳහා සිදු කරන පරික්ෂණයට (DrugTest) අද සිට අනිවාර්ය කිරීමට ප්‍රවාහන වෛද්‍ය ආයතනය පියවර ගෙන තිබේ. 20 May 2021
එන්නත් අපනයනය ඔක්තෝබරයේ - ඉන්දියාව ඔක්තෝබර් මාසය වනතුරු ඉන්දියාවට ‘කොවිඩ්-19’ එන්නත් අපනයනය ආරම්භ කිරීමට නොහැකි වනු ඇතැයි එරට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 May 2021
රිමාන්ඩ් සිරකරුවන් ගැන නීතිපතිගෙන් රෙගුලාසි මාලාවක් ඇතැම් වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ට ඇප ලබා ගැනීමේ පහසුව සඳහා නීතිපතිවරයා විසින් නව රෙගුලාසි මාලාවක් නිකුත් කර ඇත. 20 May 2021
වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මතවේ කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (20) වැඩි ඡන්ද 89කින් සම්මත විය. 20 May 2021
පොඩි ලැසීගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි, පොලිස්පතිට දැනුම් දෙන බව නීතිපති කියයි දැනට බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව පවසන ජනිත් මධුසංඛ හෙවත් ’’පොඩි ලැසී ’’ නමැත්තාගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 20 May 2021
ගම්පහින් පමණක් ආසාදිතයෝ 1000 සීමාව පන්නයි ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොවිඩ් ආසාදිතයින් 1065 දෙනකු හමුව ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 20 May 2021
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ගන්න උත්සාහයක ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (J&J) කොවිඩ් මර්දන එන්නත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උත්සාහ කරන බව ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය. 20 May 2021
ගිලන් රථවලට අධිවේගය නොමිලේ අධිවේගී මාර්ගවල ධාවනය කරන සියළුම ගිලන් රථ අද (20) සිට නැවත දැනුම් දෙනතුරු ගාස්තුවලින් නිදහස් කිරීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ. 20 May 2021
ඡන්ද නීති වෙනස් කරන්න යෝජනා ඉල්ලයි මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීතිවල යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා යෝජනා ලබන 19 වැනිදා හෝ ඊට පෙර ලබාදෙන්නැයි මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 20 May 2021
‘‘වරාය නගර ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක කළොත් රටම ගොඩ‘‘ වරාය නගරය ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුවහොත් මේ රට ගොඩ යන එක ස්ථිර යයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. 20 May 2021
‘‘අක්ෂි රෝහලට එන්න පෙර දිනයක් වෙන් කර ගන්න‘‘ කොළඹ ජාතික අක්ෂි රෝහලට පැමිණීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නැයි එම රෝහලේ අධ්යක්ෂවරයා රොගීන්ගෙන් ඉල්ලීමක් කරයි. 20 May 2021
‘‘එන්නත් සෙවීමට පෙර රෝගය පාලනයට පියවර ගන්න‘‘ කොරෝනා වසංගත තත්ත්වය අතිශය උග්‍ර වී තිබෙන මේ අවස්ථාවේ කළ යුතු වන්නේ එන්නත් සෙවීම සඳහා කාලය වැය කිරීම නොව රෝග ව්‍යපෘතිය පාලනයට පියවර ගැනීම යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 20 May 2021
‘‘සජබ‘‘ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු දොරටුවේ විරොධතාවක වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට දී අද(20) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ. 20 May 2021
එන්නතට පෙර ලියාපදිංචි වන පෝරමයත් විකුණලා කොරෝනා එන්නත දීමට පෙර පිරවිය යුතු පෝරමය මතුගම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන දෙකක් රුපියල් 20 කට අලෙවි කිරීමේ පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 20 May 2021
මුජිබර් රහුමාන්ටත් කොවිඩ් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති . 20 May 2021
වරාය නගර පනතේ ඡන්දය අද සවස කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී අද (20)පස්වරු 4:30 ට පැවැත්වීමට නියමිතය . 20 May 2021
ශම්මි සිල්වා නැවතත් ක්‍රිකට් සභාපතිධූරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් පත්විය. ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරයට පත්වූ දෙවැනි අවස්ථාව මෙය වේ. 20 May 2021
රට ගැන හිතා වරාය පනතට සහාය දෙන්න කොරෝනා වසංගතය හමුවේ වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට ඇති ප්‍රධාන තුරුම්පුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යයි සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවැසී ය . 20 May 2021
මුහුදේ දිය නෑ උසස් පෙළ සිසුවා ගසාගෙන යයි අම්බලන්තොට ගොඩවාය මුහුදේ දිය නෑමට ගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක් (19) පස්වරුවේ සිට අතුරුදහන් වී ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි. 20 May 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චිගේ නිල රථයේ ටයර් කපයි බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතාගේ පෞද්ගලික රථයේ රෝද දෙකක ටයර් කපා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 20 May 2021
බොරු පොරොන්දු දී මුදල් ගැරූ දෙකක් අල්ලයි අන්තර්ජාලය ඔස්සේ ඒ ඇපල් සමාගමෙන් දුරකථන සහ පරිගණක ඇනවුම් කර ලබා දෙන බවට පවසා පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 20 May 2021
වැස්ස වැඩි වෙයි දිවයිනේ නිරිතදිග කොටසේ එනම්, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කළ හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 May 2021
දිස්ත්‍රික්ක හයක වසම් 38 හුදකලා බවින් නිදහස් කරයි දිස්ත්‍රික්ක හයක ග්‍රාම සේවා වසම් 38 හුදකලා බවින් නිදහස් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙයට පොලිස් වසම් තුනක් ද ඇතුළත් ව ඇත. 20 May 2021
නිරෝධායනය කැඩූ 493ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 493 ඊයේ දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි 20 May 2021
කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යයි කොරෝනා වයිරසය ආසාදිතය වූ මෙරට මුළු ගණන 15,0000 සීමාව ඉක්ම යද්දී මුළු මරණ සංඛ්‍යාව 1051 දක්වා ඉහළ ගියේය. 19 May 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026