වරාය පනතේ සංශෝධන යෝජනා කල්තියා ලබාදෙන්න කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළව රජය ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනා කල්තියා ලබාදෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (19)ඉල්ලීමක් කළේය. 19 May 2021
නඩු පැවරීම ප්‍රමාද වන්නේ විමර්ශන සූක්ෂමව කළ යුතු නිසයි පාස්කු ඉරුදින ප්‍රහාරයේ චූදිතයන් තිස් දෙනෙකුට එරෙහිව නඩු නවයක් පවරා ඇති බවත් අනෙකුත් චූදිතයන්ට ද කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය . 19 May 2021
වරාය නගර කෙටුම්පත විවාදයට මැති ඇමතිවරුන් අනිවාර්යයි කොළඹ වරාය නගර පනත් කෙටුම්පත විවාදයට ගැනෙන අද (19) සහ හෙට (20)ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය කර ඇත. 19 May 2021
බෝගම්බර රැඳවියෝ 104කට කොරෝනා බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනකුට කොරෝනා වයිසරය ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි . 19 May 2021
මුහුණු ආවරණය නැතිව ගිය 340ක් අල්ලයි මුහුණු ආවරණය නොමැති වීම සහ නිරෝධන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 340 ක් ඉකුත් 24 පැයෙ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 19 May 2021
නාවික - ගුවන් නිල දරුවෝ උසස් වීම් ලබති 12 වැනි ජාතික යුධ විරුවන් සැමරීමේ දිනයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාවික හමුදා නිලධාරීන් 64 දෙනකු සහ සෙසු නිලයන් 1904 දෙනකුට සහ ගුවන් හමුදාවේ නිලධාරින් 35 දෙනකුට උසස් වීම් ලබාදෙනු ලැබ තිබේ. 19 May 2021
වරාය පනතට ජවිපෙ විරෝධය අද පාර්ලිමේන්තුව ළඟ කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරයක් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද(19) උදේ 10.00ට පැවැත්වීමට නියමිතය. 19 May 2021
කෝවිඩ් - 19 මර්දන එන්නත මෙරටදීම නිෂ්පාදනයට කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත. 19 May 2021
මෙරට කොරෝනා මරණ දහසේ සීමාව පසුකරයි දිනක වාර්තා වූ වැඩි මරණ ගණන අද වාර්තා විය. අද වාර්තා වූ මුළු මරණ ගණන 34කි. ඒ අනුව ලංකාවේ කොරෝනා මරණ ගණන දහසේ සිමාව ද පසු කළේය. ඒ අනුව මුළු මරණ ගණන 1015කි. 18 May 2021
ලංකා සළුසල හා ලක්සල හිටපු සභාපති වෙනුවෙන් ආගමික වතාවත් කොවිඩ්-19 වෛරසය ආසාධනය වී මියගිය ලංකා සළුසල හා ලක්සල ආයතයේ හිටපු සභාපති,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ප්‍රධාන විධායක නිළධාරී, මහරගම ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන මහතා වෙනුවෙන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදු කෙරිණි. 18 May 2021
විදෙස්ගත ශ්‍රමිකයින්ටත් නව රක්ෂණ ක්‍රමයක් කොවිඩ් අවදානම හේතුවෙන් රැකියා අහිමිවීමේදීත් අවස්ථාවලදීත් රක්ෂණ හිමිකම් ලැබෙන අයුරින් විදේශගත ශ්‍රමිකයින්ට යෝග්‍ය නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 18 May 2021
ආසාදිතයෝ තවත් 744ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 744 දෙනෙක් අද (18) දිනයේ වාර්තාවූහ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 2478කි. 18 May 2021
TNA මන්ත්‍රීවරු කළු ඇඳගෙන පාර්ලිමේන්තුවේදී ඉටිපන්දම් දල්වති දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අට දෙනෙක් යුද්ධයේදී මියගිය උතුරේ පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉටිපන්දම් දල්වා අද (18) පෙරවරුවේ සැමරූහ. 18 May 2021
සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනාධිපති නීරික්ෂණයට සීදුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක යුද හමුදාව විසින් ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ නිරීක්ෂණයට කළේය. 18 May 2021
වරාය කෙටුම්පත සංශෝධනයට කැබිනට් අනුමැතිය කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිත ව සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය. 18 May 2021
රට රටවල කොරෝනා වාර්තා කෝවිඩ් - 19 වයිරසය ලොවපුරා රට රටවලින් වාර්තා වූ ආකාරය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා කටයුතු කළේය. 18 May 2021
කොරෝනා ආසාදිත ගර්භනී මවුවරු 184 රෝහල්වල කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන් 184 දෙනකු මේ වන විට රෝහල්ගතව සිටින බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි. 18 May 2021
කොරෝනා වයිරස ආසාදිතයන් 1,734 වාර්තා වෙයි කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,734 දෙනෙක් අද (18) දිනයේ වාර්තාවූහ. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,46,936 ක් දක්වා ඉහළ ගොස් ඇත. 18 May 2021
ගැටුම් නවතා සාමය යළි පිහිටුවන ශ්‍රී ලංකාව ඊශ්‍රායලයේන් හා පලස්තීනයේන් ඉල්ලයි ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 18 May 2021
සෞදියේ රැඳවුම් කඳවුරුවල සිටි 103ක් හෙට දිවයිනට සෞදි අරාබියේ රියාද් සහ ජෙඩා හි රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටි තවත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 103 දෙනෙකු හෙට (19) දිවයිනට පැමිණෙන බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 18 May 2021
ක්‍රිකට් නිලවරණයෙන් තිදෙනෙක් ඉවත් වෙති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති, උප සභාපති සහ ලේකම් ධූරවලට නාමයෝජනා බාරදී තිබූ නිශාන්ත රණතුංග, කේ. මතිවානන් සහ බන්දුල වර්ණපුර යන මහත්වරු ඔවුන්ගේ නාමයෝජනා ඉවත්කරගන්නා බව ක්‍රිකට් නිලවරණය කමිටුවට අද දැනුම්දී තිබේ. 18 May 2021
‘‘වරදක් කර ඇත්නම් එල්ලා මරන්න‘‘ තමා වරදක් කර තිබේනම් අධිකරණයට ඉදිරිපත් කර මරණ දඬුවම ලබා දෙන්නැයි ද එසේ නැතිනම් නිදහස් කරන්නැයි ද වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා (සජබ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 May 2021
කොරෝනා අවදානමක්:කොළඹ හදිසි අනතුරු අංශයේ එම්.ආර්.අයි සහ සීටී ස්කෑන් නවතී ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණවේදීන් 13දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වීම නිසා හදිසි අනතුරු අංශයේ එම්. ආර්.අයි සහ සීටී ස්කෑන් අංශ වසා දමනු ලැබ ඇත. 18 May 2021
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයක පැය 16ක ජල කප්පාදුවක් අනුරාධපුර, නුවරවැව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (19) පෙරවරු 8.00 සිට හෙට (20) මධ්‍යහන 12.00 දක්වා පැය 16 ක් ජය සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 18 May 2021
රිෂාඩ් ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් පාස්කු දින ප්‍රහාර එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් තමන් රදවා තබා ගැනීමට ලබා ගෙන ඇති රැදවුම් නියෝගය බල රහිත කර වහාම මුදාහරින නියෝගයක් නිකුත් ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය . 18 May 2021
වරාය පනත සරල බහුතරයෙන් සම්මත කරගන්නවා කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට බ්‍රහස්පතින්දා කමිටු අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කර එය සරල බහුතරයකින් සම්මත කර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවැසීය. 18 May 2021
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන අටක් කොළඹ තැනින් තැන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා ඉදි කළ සත්කාර ඒකක හතරක් සෞඛ්‍ය අංශයට බාරදුන් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි 18 May 2021
කොළඹ, ගම්පහ ප්‍රදේශ කිහිපයක පැය 16ක ජල කප්පාදුවක් සපුගස්කන්ද විදුලි උප පොළෙහි අලුත්වැඩියාවක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 18 May 2021
‘‘මේ වෙලාවේ පනතක් ගෙන ඒම රෝමය ගිනි ගනිද්දි නිරෝ විණා වාදනය කළා වගේ වැඩක්‘‘ රටේ වසංගතයක් තිබෙන අවස්ථාවක වරාය නගර වැනි පනත් ඉදිරිපත් කිරීම රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කළා වැනි ක්‍රියාවකැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 May 2021
යුද්ධ හමුදාවේ 4741කට උසස්වීම් 12 වැනි ජාතික යුධ විරුවන් සැමරීමේ දිනයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බ්‍රිගේඩියර්වරු 12 දෙනකු සහ කර්නල්වරු 37 දෙනකු ඇතුළු යුධ හමුදා නිලධාරීන් 452 දෙනකු සහ සෙසු නිලයන් 4289 දෙනකුට උසස් වීම් ලබාදෙනු ලැබ තිබේ. 18 May 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026