‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ චාම් හා අභිමානවත්ව
තිස් වසරක් පුරා රටත් ජනතාවත් පීඩාවට පත් කළ කුරිරු, බියකරු එල්.ටී.ටී.ඊ ත්රස්තවාදය පරාජයට පත්කර වසර 12ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසලදී සෞඛ්යාරක්ෂිත, චාම් හා අභිමානවත් අයුරින් අද පස්වරුවේ පැවැත්විණි.