
(ඩයනා උදයංගනී)
1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම එම කමිටු සභාපති ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතින් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.
ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මෙහිදී වාර්තාවේ පළමු පිටපත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
ජාතික ආරක්ෂාවේ විවිධ පැතිකඩවලට අදාළව නොයෙක් පාර්ශ්වයන් අතර ඇති වී තිබෙන කතිකාවත් සැලකිල්ලට ගනිමින් මෙම 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට ජනාධිපතිවරයා විසින් කැබිනට් අනු කමිටුවක් පත්කළ අතර ඒ වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම නිලධාරී කමිටුව පත් කෙරිණ.
මෙම කමිටුව 2021 ජූනි 24 දින පත්කෙරිණි.
ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එහි සෙසු සාමාජිකයන් ලෙස, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් රුවන් කුලතුංග, නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ, විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය නීති උපදේශක තිලානි සිල්වා, එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මහේෂා ජයවර්ධන යන මහත්ම මහත්මීහු කටයුතු කළහ.
නිලධාරී කමිටුවේ ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්තී සේනානායක මෙනවිය කටයුතු කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ..! ඒකෙන්වත් මහජනතාවගේ බඩු, රජය, දේපළ මංකොල්ල කන මහත්වරු ටික අල්ලගෙන නීතිය ක්‍රියාත්මක වෙයිද?
අපි තමයි හොඳටම කලේ