(යොහාන් භාසුර)
අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාව නිසා තාවකාලිකව අත්හිටුවූ උතුරු මාර්ගයේ දුරගමන් දුම්රිය ධාවනය හෙට (16) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
ඒ අනුව හෙට සහ අනිද්දා (16 සහ 17) උතුරු මාර්ගයේ දුරගමන් සේවා දුම්රිය හයක් ධාවනය කිරීමට නියමිතය.
හෙට (16) දුම්රිය කාලසටහන
● ගල්කිස්ස - කන්කසන්තුරය සීග්‍රගාමී දුම්රිය (කොළඹ කොටුවෙන් පිටත්වීම 5.45)
● කන්කසන්තුරය - ගල්කිස්ස සීග්‍රගාමී දුම්රිය (කන්කසන්තුරයෙන් පිටත්වීම 13.15)
● ගල්කිස්ස - කන්කසන්තුරය යාල්දේවි දුම්රිය (කොළඹ කොටුවෙන් පිටත්වීම 6.35)
● කන්කසන්තුරය - ගල්කිස්ස යාල්දේවී දුම්රිය (කන්කසන්තුරයෙන් පිටත්වීම 9.00)
● කොළඹ කොටුව - කන්කසන්තුරය (කොළඹ කොටුවෙන් පිටත්වීම 11.50) අනිද්දා (17) දුම්රිය කාලසටහන
● කන්කසන්තුරය - කොළඹ කොටුව නාරාන්තර දුම්රිය (කන්කසන්තුරයෙන් පිටත්වීම 5.30)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඵනකල් පැය එක හමාරක් කාර්යාල දුම් රිය 4 ක් මීරිගම තියාන ඉන්න එක හරිද.? කෝකටද මූලිකත්වය දිය යුත්තේ..