(නිමන්ති රණසිංහ)
රාජ්‍ය බුද්ධි සේවගේ අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) පැය 07කට අධික කාලයක් සිය ප්‍රකාශය ලබාදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්ත-ුවේ විශේෂ විමර්ශන ඒකක 1 හි ස්ථානාධිපතිවරයාගේ දැනුම් දීම මත ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) පෙරවරු 10 ට පමණ පැමිණී බව ද එම නිලධාරියා සදහන් කළේය.
ඒ අනුව පැය 08කට අධික කාලයක් සිය ප්‍රකාශය ලබාදුන් පියතුමන් නැවත හෙට (16) දිනයේ ද ප්‍රකාශ ලබාදීම සදහා පැමිණීමට නියමිතව ඇතැයි ද හෙතෙම පැවසීය.
මෙයට පෙර අවස්ථා දෙකකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණී පියතුමන්ව ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැදවූත් එතුමා එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණීයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න කරන්න ඕන මහ මොළකාරයින්ට, ආණ්ඩුවේ පව්කාරයින්ට කර්මය විසින් දඬුවම් ලැබෙනු ඇත. පියතුමනි, ජනතාව ඔබ සමග ඉන්නවා.
ගරු, පියතුමා ඉතින් ආයේ අමුතුවෙන් මොන ප්‍රකාශ කරන්නද? බලය ලබාගැනීම වෙනුවෙන් බෝම්බ ගහලා මිනීමැරුවා කියල තමයි කියන්න තියෙන්නේ. ජනතාවගෙන් වැටුප් ලබන බුද්ධි අංශයට මේ බෝම්බ ප්‍රහාරය ගැන දැනුවත් වී තිබුණත් ඔවුන්ගත් ක්‍රියා මාර්ගය මොකක්ද? ඔය සියලුම අමනයින් සම්බන්ධයි මේ ප්‍රහාරයට...
බලය ලබාගන්න බෝම්බ ගහන්න වගේම බොරු කියන්නත් පුළුවන්. ප්රභාකරන් නම් ත්රස්තවාදියා විනාශ කල දුකට 2015දී බොරු සමාජයේ පැලකර රාජපක්ෂලා එලවලා දැමීමේ ඵලවිපාක ඔවුන්ම විදීමට සිදුවිය.
අවශ්‍යනම් පැය 7 නොවෙයි පය 24ම ප්රස්නකලාට කමක් නැහැ. මොකද මොහු කර ඇත්තේ බලවත් චෝදනාවක්. මේ සමබන්ධව ඔහොම ප්රස්නකරගෙන යනකොට ඒ ගොල්ලෝ මේ ප්‍රහාරය ගැන කලින් දන්නා බවත් කියවේවි.
දැන් මේ ගොල්ලෝ නැට්ට ගිනිතියා ගත්තා හනුමා වගේ රටම ගිනිතිය තිය දුවනවා මහමොල කාරයා අල්ලන්න. දකින දකින කෙනා ප්‍රහාරයට සම්බන්දයි කියනවා. විමසිල්ලෙන් බැලුවොත් පල්ලියේ අයත් සම්බන්දයි කියලා හිතේවි. බෝම්බ පුපුරන බව දන්නා ක්‍රිස්තියානි කාරයෝ කාදිනල් තුමාට කිව්වේ නැහැ. එක්කෝ කියලා එයා ගනන්ගත්තේ නැහැ, ඒ කාලේ ආණ්ඩුව වගේ.
හිටපු ජනාධිපති, හිටපු අගමැති, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති මේ සියල්ලෝම මෙයට වගකිව යුතුයි. අහිංසකයන්ගේ ප්‍රශ්න කරන්නේ ඇයි.
ඔය බෝම්බේ පිපිරෙව්වේ කතෝලික පල්ලියේ වුවමනාවටයි කියලා කියන දවස වැඩි ඈතක නැහැ වගේ.. පියතුමාගෙන් පැය 7ක් ප්‍රශ්න කරන්නේ ඇයි? සර්ව සතුටු කරන්නද මේ හදන්නේ? නැතිනම් ප්‍රශ්නෙ කණපිට ගහලා මහමොලකාරයින්ව බේරාගන්නද?
බද්රානි, තොප්පිය හරිනම් දාගන්න.