මෝදි-පුටින් ජින්පින් හමුවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් හෙට (15) සහ අනිද්දා (16) දෙදින පැවැත්වෙයි. හමුව පැවැත්වෙන්නේ උස්බෙකිස්තානයේය. 13 September 2022
අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඩොලර් කෝටි 10ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යාවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදීගැනීම සඳහා වෙනත් ව්‍යාපෘති දෙකකට ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් කෝටි 10ක මුදලක් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව වැඩබලන කැබිනට් ප්‍රකාශක, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 13 September 2022
සංඥ වැඩ නැති දුම්රිය හරස් මාර්ගයේ මාරාන්තික අනතුරක් ගාල්ල මකුළුව දුම්රිය හරස් මාර්ගයේදි මාතර සිට වව්නියාව බලා ධාවනයවු ශීඝ්‍රගාමී දුම්රියේ හැපුන ලොරියක් ආපස්සට කැරකි නවතා තිබු යතුරු පැදි දෙකක වැදි සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබු යතුරු පැදිකරුවකු අද (13) කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය පවසයි. 13 September 2022
මෝටර් රථයේ ගැටුණු මව මීටර් 23 ඈතට විසි වෙයි බණ්ඩාරගම කළුතර මාර්ගයේ යටියන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වයෝවෘද්ධ කාන්තාවක් මෝටර් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම මිය ගිය බව බණ්ඩාරගම පොලීසිය කියයි. 13 September 2022
ෆෝන් ඇබ්බැහිය දරුවන්ගේ මොළ කුරුවල් කරයි දරුවන් වැඩි වේලාවක් තීරයන් සහිත විද්‍යුත් උපකරණවල රැඳී සිටින්නේ නම් ඔවුන්ගේ තර්කන හැකියාව සහ බුද්ධි වර්ධනය හීන වන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවැසීය. 13 September 2022
නව බඳවා ගැනීම් තාවකාලිකව නවතී රාජ්‍ය සේවයට අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. 13 September 2022
රැජින වෙනුවෙන් 19 රජයේ නිවාඩු ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ලබන 19 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇත. 13 September 2022
අරගලය කළ තරුණ තරුණියන්ට රජයෙන් තෑග්ගක් අරගල කරුවන්ට නව නිර්මාණ කිරීම සඳහා නව නිර්මාණ පරිශ්‍රයක් කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණ භූමිය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පැවසීය. 13 September 2022
’’ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රකෘතිය ළඟා කරගන්න දැඩි සහායක් ලබා දෙනවා’’ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීමට, ආර්ථික ප්‍රකෘතිය ළඟා කර ගැනීමට දැඩි සහායක් ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයේදී චීනයේ නිත්‍ය නියෝජිත චෙන් සූ මහතා ප්‍රකාශ කළේය. 13 September 2022
යූ.එන් සමුළුවේදී චීනයේ සහය ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී ඊයේ (12දා) ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂු මහතා 13 September 2022
කුකුළුමස් - බිත්තර නැති වෙන හැඩ කුකුළු කර්මාන්තය සඳහා 2021 වසරේ දී කිකිළියන් 80,000ක් ආනයනය කළද මෙම වසරේ එය 7000 දක්වා අඩුවීම නිසා ඉදිරි කාලයේ දැනටත් වඩා බිත්තර හා කුකුළුමස් හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇතැයි එම කර්මාන්තකරුවෝ පවසති. 13 September 2022
දැල් පන්දුවෙන් ආසියාව ජයගත් කෙල්ලො දිවයිනට ආසියානු දැල් පන්දු ශූරතාවය දිනා ගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ . 13 September 2022
කිඹුල් නඩු චෝදනාවට රාජිත නිවැරැදිකරු කියයි ජනාධිපතිවරණ ප්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් මහතාට එරෙහි නඩුවේ සාක්කි විභාගය ලබන 26 වැනිදා සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියම කළේය. 12 September 2022
කෝටි 800 පිරමිඩ ජාවාරම් කළ පහකට රට යන්න තහනම් පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ ප්‍රධානින් පස් දෙනකුට විදෙස් ගතවිම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (12) නියෝගයක් නිකුත් කළේය. 12 September 2022
දුමින්දට වජිරට ඇමැතිධූර නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරුන්ටද ඇමැති ධූර පිරිනැමෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත. 12 September 2022
වාහන පැති කණ්නාඩි හයට මිනියක් මරයි කොච්චිකඩේ දළුව කොටුව ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවි කිරීමේ ස්ථානයකට ඇතුළු වී එහි මුරකරුගේ අත් පා ගැට ගසා කටට පාන්කඩ ඔබා ඝාතනය කර මෝටර් රථ තුනක පැති කණ්ණාඩි 6ක් ගලවා ගෙන ගොස් ඇතැයි කොච්චිකඩේ පොලිසිය පවසයි. 12 September 2022
පොලිස් කතුන් නාද්දී වහළට නැඟ බැලූ පොලිස් අනංගයා මාට්ටු පොලිස් කාන්තා නිලධාරීනියන් නාන අයුරු එහි වහලයේ තහඩුවක් ඉවත් කර බැලූ බව කියන පොලිස් සැරයන්වරයකු සැකපිට අත් අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 12 September 2022
ආසියානු සූරයෝ හෙට මවු බිමට ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් හෙට (13) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට විශේෂ රථ පෙළපාළියකින් කොළඹ මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලය වෙත සහ ක්‍රීඩා අමත්‍යාංශ සංකීර්ණයේ දැල්පන්දු සම්මේලන මූලස්ථානය වෙත කැඳවාගෙන ඒමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි. 12 September 2022
මවු කිරි සිරවී දින 45 දරුවා මරුට මවු කිරි පිට උගුරේ යාමෙන් වයස මාස එක හමාරක බිළිඳකු මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. 12 September 2022
බදුල්ලේ මවයි-දුවයි ඝාතනයේ සැකකරු අල්ලයි බදුල්ල හිගුරුගමුව ගැලන්ඇල්පීන් වතු ගම්මානයේ සය දරු මවගේ සහ ඇගේ දියණිය ඝාතනය කර ඇත්තේ 20,000සක් නොදීම නිසා බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මරා දැමූ බව කියන ත්‍රිරෝද රථ රියැදුරා සොරාගත් රන් ආභරණ සහ ඝාතනයට යොදාගත් පිහිය සමග අත්අඩංගුවට ගෙන ඇත. 12 September 2022
මෘදුකාංග ශිල්පියා කෝටි ගණනකට විදලා පිලිකා රෝගීන් සහ වකුගඩු රෝගීන්ගේ සැත්කම් සදහා මුදල් පරිත්‍යාග කරන ලෙසට සදහන් පුවත්පත් දැන්වීම්වලට අමතා මුදල් පරිත්‍යාග කරන බව පවසමින් ඔවුන්ගේ තොරතුරු ගෙන අන්තර්ජාල මුදල් හුවමාරු මෘදුකාංගයක් ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළැයි කියන එරාවුර් ප්‍රදේශයේ පදිංචි පරිගණක මෘදුකාංග ශිල්පියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය. 12 September 2022
ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් සැසියට ශ්‍රී ලංකාවේ ප්රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්කාර්යාලයේ වාර්තාව අද (12) මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට වැඩබලන මානව හිමිකම් මහ කොමසාරිස් නාඩා අල් නෂීෆ් මහත්මිය ඉදිරිපත් කළාය. 12 September 2022
වී මිලදී ගැනීමේ ගැටලුව ගැන ඉහළ තැන් දෙකකට කියන්න යයි යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා මුදල් නොමැති වීමේ ප්රශ්නය කැබිනට් මණ්ඩලයට සහ ජීවන වියදම් කමිටුව කමිටුවට ඉදිරිපත් කොට විසඳුමකට එළඹීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 12 September 2022
රැජිනට ගෞවර දක්වන්න එන රාජ්‍ය නායකයන්ට උපදෙස් මාලාවක් මහ රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට පැමිණෙන රාජ්‍ය නායකයන්,අනෙකුත් රටවල රාජකීයයන් සහ සම්භාවනීය අමුත්තන් හට ලන්ඩන් නුවරට පැමිණීමට වාණිජ ගුවන් යානා භාවිතා කරන උපදෙස් දී ඇත. 12 September 2022
උඩරට විවාහ පනතේ ගැසට්ටුව පිටවෙයි උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. 12 September 2022
ලංකාවට සහාය දෙන්න ආසියා සංවර්ධන බැංකුව සූදානම් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා පවසයි. 12 September 2022
පාරේ තිබූ බසය හොරාගෙන පෙම්වතිය බලන්න ගිහින් පිළියන්දල බස් නැවතුම්පොලේ ගාල් කර තිබූ බස් රථයක් සොරාගෙන පෙම්වතිය බැලීමට ගිය 15 හැවිරිදි බාලවයස්කරු පැය තුනකට පසු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 12 September 2022
ජාතික සභා යෝජනාව න්‍යාය පුස්තකයට ආර්ථික ගැටලු ඇතුළු රටේ ප්‍රශ්න විසඳීම අරමුණු කරගත් ජාතික සභාවක් පිහිටුවීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. 12 September 2022
අයියාගේ වියෝවෙන් කම්පාවට පත් නංගී ලය පැලී මරුට තම සහෝදරයාගේ හදිසි වියෝවට කම්පාවට පත් ඔහුගේ බාල සොයුරිය ද ලය පැලී මිය යාමේ පුවතක් කළුතර ප්‍රදේශයෙන් වාර්තා වේ. 12 September 2022
අගමැති වෙනස් කිරීමේ සූදානමක් නැහැ විවිධ පුද්ගලයන් කුමක් කීවද අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පැවසීය. 12 September 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026