ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මීට සුළු මොහොතකට පෙර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය . 12 September 2022
දමිතාට ඇප ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය. 12 September 2022
මන්ත්‍රිනී හරිනිට කළ බාධාව සම්බන්ධයෙන් පරික්ෂණයක් රිමාන්ඩ් බාරයට පත්කර සිටි නිළි දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරියට මහත්මියට බන්ධනාගාර නිලධාරීන් බාධා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 12 September 2022
කඩුවක් සමඟ යාපනයේ නිවසක සැගව සිටි 4ක් අත්අඩංගුවට අපරාධයක් සිදුකිරීමේ අරමුණින් කඩුවක් සහිතව යාපනය මනිපායි ප්‍රදේශයේ නිවසක සැඟව සිටි තරුණයින් සිව්දෙනකු ඊයේ (11) රාත්‍රියේ අතඅඩංගුවට ගත් බව මනිපායි පොලිසිය කියයි. 12 September 2022
මාර්ටින් චොන්ගොන් පාර්ලිමේන්තුවට පැමිණෙයි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා අද උදේ පාර්ලිමේන්තුවට පැමිණ කතානායක මහින්ද යාපා අබේවර්ධන , පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු එහි ප්‍රධානින් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. 12 September 2022
රට බංකොලොත් කරපු අයට ඇමති තනතුරු දීම පිස්සුවක් මේ රට බංකොලොත් කරපු අයට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය. 12 September 2022
ශ්‍රී ලංකාවේ කඩාවැටීමට දේශපාලකයන් - නිලධාරීන් වගකිව යුතුයි දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබා ගැනීමට තැත්කිරීම ඇතුළු කරුණු රාශියක් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වූ බව ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවැසුවාය. 12 September 2022
වාහනයේ ගැටුණු තරුණයාගේ සිරුර මේෆීල් හන්දියෙන්න හමු වෙයි හැටන්- නුවරඑළිය මාර්ගයේ කොටගල මේෆීල්ඩ් මංසන්ධියේ මාර්ගය අසල වැටී තිබු පුද්ගල මළසිරරුක් අද (12) සොයාගත් බව දිඹුලපතන පොලීසිය පවසයි. 12 September 2022
පළාත් කීපයකට වැසි ස්වල්පයක් බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 September 2022
සමන්තා පවර්ගෙන් ලංකාවට හොඳ සහතිකයක් ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළයුතු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවසුවාය. 11 September 2022
ක්‍රිකට් විරුවන්ට ජනපති සුබ පතයි ආසියානු කුසලාන කිරුළ දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. 11 September 2022
ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් ශූරතාව දිනයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට අද (11) රාත්‍රී සමත් වුහ. 11 September 2022
ඒ.ටී.එම්වලින් ලක්ෂ 50ක් අද්ද තරුණයෙක් මාට්ටු ඒ. ටි. එම්. කුටි තුළ රැඳී සිටිමින් විවිධ පුද්ගලයන් මුලාකර ඔවුන්ගේ ඒ. ටී.එම් කාඩ්පත උපක්රමශීලීව සොරා ගෙන රුපියල් ලක්ෂ පනහකට (50 )කට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි. 11 September 2022
මරා ගල්වලේ දැමූ දැරියගේ සිරුර හමු වෙයි අමානුෂික ලෙස පහර දී මරා පොහොර උරයක බහා දෙල්වල උඩදෙල්වල ගඟපහළ ප්‍රදේශයේ පිහිටි පරණ පතල් වලකට දමා තිබූ හත් අවුරුදු දැරියකගේ මල සිරුර රත්නපුර මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය ඉදිරියේ අද ගොඩගත්තේය. 11 September 2022
දැල් පන්දු ශූරියන්ට ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම් 2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිළිගන්වා තිබේ. 11 September 2022
ජනමත විචාරණයකට ජනපතිගෙන් ඉඟියක් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන අතර ඒ වෙනුවෙන් මාස හයක කාලයක් සියලු පක්ෂ වලට ලබා දී ඇතැයිද එම කාර්යය සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 September 2022
සමන්තා පවර් ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ තෙද නිල සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර සංවර්ධන සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද(11) පැවැත්විණි. 11 September 2022
ස්වර් ණ පුස්තක සම්මානය ’ප්‍රේමානිසංශ’ කෘතියට වසරේ හොඳම නව කතාවට හිමි ස්වර් ණ පුස්තක සම්මානය මෙවර චන්ද්‍රරත්න බණ්ඩාර මහතා රචනා කළ ‘ප්‍රේමානිසංශ’ කෘතියට හිමිවිය. 11 September 2022
මඩකලපුව මුහුදෙන් රට පනින්න හැදූ 78 ක් අල්ලයි බහුදින ධීවර යාත්‍රාවකින් නීති විරෝධී ලෙස මුහුදු මාර් ග ඔස්සේ විදෙස් රටකට සංක්‍රමණයවීමට උත්සහ කළ 78 දෙනකු මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍ර දේශයේදී අද (11) අලුයම අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි. 11 September 2022
ලක්ෂ 10 ක කුඩුත් එක්ක තරුණයෙක් මාට්ටු රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග විශ්‍රාමික දුම්රිය නිලධාරිනියකගේ අවිවාහක පුත්‍රයා පෙරේදා (10 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 11 September 2022
මැයි 09 ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ රාජපක්ෂලා ගැන පරීක්ෂණ කෝ? පසුගිය මැයි නව වැනිදා රාජ්‍ය ප්රචණ්ඩත්වය අතට ගෙන කටයුතු කළ රාජපක්ෂලාට සහ එම මැර කණ්ඩායම් වලට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේදැයි තමන් ප්‍රශ්න කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 11 September 2022
ජනපති මහ රැජිනට අවසන් ගෞරව දක්වයි දෙවන එළිසෙබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11)ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණියේය. 11 September 2022
වතුකම්කරුවන්ට විශේෂ දීමනාවක් සියලු වතු කම්කරුවන්ට ලබන මාසයේ සිට ලෝක ආහාර වැඩසටහන සහ ලෝක බැංකු ආධාර යටතේ විශේෂ දීමනාවක් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 11 September 2022
රාජ්‍ය ඇමතිවරුන්ගේ වියදම ගැන ජී එල් ගෙන් ප්‍රකාශයක් රාජ්‍ය ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලවලට වාහන 111ක් වෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. 11 September 2022
ගොවි ගැටලු යට ගහන ’’බහිරවයෙක්’’ ගැන කෘෂි ඇමති හෙළිදරව් කරන්න යයි වී මිලදී ගැනීම ඇතුළු ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා දින දෙකක් ඇතුළත විසඳුමක් නොලැබුණොත් ගොවි ගැටලු විසඳීම කල් මරමින් කඩාකප්පල් කරන්නේ කවුදැයි නම සහිතව හෙළිදරව් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 11 September 2022
මහ රැජිනට අවසන් ගෞරව දක්වන්න ජනපති යයි දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා බ්‍රිතාන්‍යයට යාමට නියමිතව ඇත. 11 September 2022
මාස අටට වෛද්‍යවරු 500 ක් රට ගිහින් ගෙවුණු මාස අටක කාලය තුල ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු පන්සියයක් පමණ විදෙස්ගතවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි. 11 September 2022
චන්ද්‍රිකා මහ රැජින ගැන පැරණි මතකයක් අවුස්සයි දෙවන එලිසෙබෙත් මහ රැජිනගේ සහ පිලිප් කුමරුගේ 50 වන විවාහ සංවත්සරය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් වෙනුවෙන් පැවති බෝජන සංග්‍රහයේ දී සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් එම යුවලට සුබ පැතීම පැවරුනේ තමා වෙත බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි . 11 September 2022
වෑන් රිය ප්‍රපාතයේ:කතක් මරුට:හයක් රෝහලට කැප්පෙටිපොල බැලුන්ගල ප්‍රදේශයේදී කුඩා වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් එක් කාන්තාවක මිය ගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි කැප්පෙටිපොල පොලිසිය පවසයි. 11 September 2022
අද වැස්ස නෑ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (11) වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 September 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026