චාල්ස්ට ඔටුන්න ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගයේදී හෙට (10) චාර්ල්ස් කුමරු නිල වශයෙන් තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස කිරුළු පැළඳීමට නියමිත බව බී.බී.සී පුවත් සේවය පවසයි. 09 September 2022
අයි.එම්.එෆ් ගිවිසුමේ සංවේදී තැන් ඇති බව කියයි රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමේ බදු සංවේදී කාරණා ගණනාවක් ඇතුළත් වන හෙයින් මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා තමාට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 09 September 2022
විභාග නිල වෙබ් අඩවියට රිංගූ සිසුවාට ඇප විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී පරිගණක අපරාධ පනතේ වරදක් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ගාල්ල ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුවා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (09) නියෝග කළේය. 09 September 2022
රුසියා තානාපති ලංකාවට ආයුබෝවන් කියයි සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මටේරි මහතා ( Yury Materiy) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු විය. 09 September 2022
ජිනීවා මානව හිමිකම් සැසිවාරයට කාවින්ද ජිනීවා යයි ජිනීවා නුවර පැවැත්වෙන 51 වන මානව හිමිකම් සැසිවාරය සඳහා එක්වීමට සමගි ජනබලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් දිවයිනෙන් පිටත්ව ගියේය. 09 September 2022
ජල නළය අලුත්වැඩියා කරන්න ගිය දරුවා ඇළට වැටිලා තම නිවසට පානිය ජලය ලබා ගන්නා ජල නළය අළුත්වැඩියා කිරිම සදහා නිවසින් කිලෝමිටර් ½ පමණ දුරකින් පිහිටි ඇළ මාර්ටගයකට ගිය 15 හැවිරිදි සිසුවකුගේ සිරුර එම ඇළ පාවෙමින් තිබියදී සොයාගත් බව නිවලපිටිය පොලිසිය කියයි. 09 September 2022
දුම්රිය ආසන කලින් වෙන් කිරීම දින14 සිට 30 දක්වා වැඩි කරයි දුම්රිය ආසන කලින් වෙන් කිරීමේ දින14 ක කාලසීමාව දින 30 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරී (වාණිජ) වී.එස් පොල්වත්තගේ මහතා සඳහන් කරයි. 09 September 2022
නැගෙනහිර මැර කල්ලියක සාමාජිකයෙක් එස්.ටී.එෆ් දැලේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක ’’කුට්ටිපුලි’’ නමින් ක්‍රියාත්මක මැර කල්ලියේ ක්‍රියාකාරී සාමාජිකයකු හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 09 September 2022
සපුගස්කන්දේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නකින් ගබඩාව සුන් සපුගස්කන්ද පෞද්ගලික ප්ලාස්ටික් කාර්මාන්ත ශාලාවක නිපැයුම් ගබඩාවේ හටගත් හදිසි ගින්නකින් එය සම්පූර්ණයෙන්ම ගිනි බත් වී ඇත. 09 September 2022
සතොසෙන් අලෙවි කෙරෙන භාණ්ඩ වර්ග 7ක මිල පහළට සතොස මගින් අලෙවි කරන ආනයනික සුදු කැකුළු, සුදු නාඩු, රතු පරිප්පු, සුදු සීනි සහ හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ වර් ග හතක මිල අද (9) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇතැයි එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසීය. 09 September 2022
ඛනිජ තෙල් නිෂ්පාදන පනතට එරෙහි පෙත්සමේ තීන්දුව කතානායකට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ’’ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත’’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වල තීන්දුව ඉදිරියේදී කතානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) දැනුම් දුන්නේය. 09 September 2022
මාළු ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියට විද්ද කතුන් දෙදෙනා මාට්ටු ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගමන් ගත් මාළු ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය පවසයි. 09 September 2022
සැප්තැම්බර් 19 ජාතික ශෝක දිනයක් කරයි දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙි 09 September 2022
උදැල්ලකින් පහරදී තරුණයෙක් මැරූ හතක් අත්අඩංගුවේ ගොකරැල්ල ප්‍රදේශයේ දී 26 හැවිරිදි තරුණයෙකුට උදැල්ලකින්, තියුණු ආයුධ වලින් සහ පොලු වලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කියයි. 09 September 2022
අඩු ආදායම් ලාභීන්ට නිවාස ව්‍යාපෘති පහක් අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස 1996ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි . 09 September 2022
කැල්කියුලේටර් හිඟයෙන් දරුවන් 30,000කගේ අධ්‍යාපනය නවතී විද්‍යාත්මක ගණක යන්ත්‍ර (scientific calculator )හිඟයෙන් දිවයින පුරා දරුවන් 30,000 ගේ උසස් අධ්‍යාපනය ඇනහිටින තත්වයක් උදාවී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 09 September 2022
මැතිසබය කලින්ම නවතියි ජාතික සභාව පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් නොවීම සැලකිල්ලට ගෙන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් දිනට නියමිත කටයුතු නවතා පාර්ලිමේන්තුව ලබන 20 වැනිදා දක්වා කල් තබනු ලැබීය. 09 September 2022
75 වන නිදහස් උළෙල අඩු පිරිවැයකින් පවත්වන්නට තීරණය කරයි අඩු පිරිවැයකින් එහෙත් අභිමානවත් අයුරින් 75 වන නිදහස් දින උත්සවය සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 09 September 2022
ජනාධිපති මහරැජිණ වෙනුවෙන් සොව පළ කරයි එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව එක්සත් රාජධානියේ රාජකීය පවුල, රජය සහ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවෙි බලවත් ශෝකය පළ කර තිබෙි. 09 September 2022
මහ රැජින වෙනුවෙන් මැතිසබයේ ශෝකය බ්‍රිතාන්‍ය එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කර පාර්ලිමේන්තුවේදී දී අද ශෝකය පළ කළහ. 09 September 2022
මහ රැජිනගේ අභාවයෙන් පසු මාලිගයේ අනාගතය රැජින කී සැණින්, අපේ සිත්වල මැවුණේ ඇගේ රුවය. ලෝකයේ අපට ඇය ‘රැජින’ වුවත්, බ්‍රිතාන්‍ය වැසියන්ට ඇය ඔවුන්ගේ මවු රැජිනයි. මහා බ්‍රිතාන්‍යයේ වැඩිම කළක් රජ කිරුළ දැරූ තැනැත්තිය වන්නේ ද ඇයයි. එපමණක් නොව, ලෝකයේ වැඩිම කාලයක් රජ කිරැළක් දැරුවේ ද ඇයයි. 09 September 2022
තියුණු අවි රැගෙන ආ පිරිසක් මහ දවල් අයියයි - නංගි කපා කොට දමයි දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ මෛත්‍රී විහාර පාරේ දී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී කඩු පොලු අතැතිව ත්‍රීරෝද රථ දෙකකින් කඩා වැදුණු 6 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පුද්ගලයකුට සහ ඔහුගේ නැගණියට තියුණු ආයුධවලින් හා පොලුවලින් පහරදී බරපතළ තුවාල සිදුකර පලායමින් සිටි කණ්ඩායමක් ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 09 September 2022
දිසා කීපයකට විටින් විට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 September 2022
අණ නොතකා ගිය ත්‍රිරෝද රියට පොලිසියෙන් වෙඩි තිස්සමහාරාම ජූල් පල්ලම පාලම අසල දී පොලිස් අණ නොතකා කතරගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසිය වෙඩි තබා ඇත. 09 September 2022
මහ රැජින වෙනුවෙන් ජාතික කොඩිය අඩකුඹු කරයි 1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අද (9) දින සිට අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත් කර තිබෙි. 09 September 2022
දෙවන එළිසබෙත් මහා රැජින ලොවට සමු දෙයි බ්‍රිතාන්‍යයෙ දෙවැනි එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බව බකිංහම් මාළිගය මීට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 08 September 2022
කෙසෙල්වත්තේ වෙඩි තැබිමකින් අයෙක් තුවාලයි කෙසෙල් වත්ත සාන්ත සෙබස්තියන් විදියේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 08 September 2022
හත් හැවිරිදි දැරියක ගල් පිරවූ කවරයකට දමා පතලකට විසිකරලා හත් අවුරුදු දැරියකට අමානුෂික ලෙස පහරදී මරා පොහොර කවරයකට දමා එයට ගල් පුරවා පතල්කට දමා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 08 September 2022
අති විශාල ඇමති මණ්ඩලට සජබයේ විරෝධය අති විශාල ඇමති මණ්ඩල නඩත්තුව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඒකමතික විරෝධය පළ කරනු ලැබීය. 08 September 2022
සිසුවිය දූෂණය කළැයි පෙම්වතා ඇතුළු පහක් අත්අඩංගුවට පාදුක්ක ප්‍රදේශයේ දාහතර හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කළ බව පැවසෙන ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි . 08 September 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026