රෝහිත විපක්ෂයට අභියෝග ලැයිස්තුවක් දෙයි විපක්ෂයේ සිට පාලන බලය ඉල්ලන නායකයන් තමා ඉදිරිපත් කරන ප්‍රශ්න කිහිපයකට පැහැදිලි උත්තර දුන්නොත් තම සහය ඔවුන්ට ලබාදෙන බව පොදු ජන පෙරමුණේ පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 March 2023
රුපියලට වෙන්න යන දේ ඩොලරය හමුවේ මෙම වසරේ ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය වූ ශ්‍රී ලංකා රුපියල මෙම වසර අවසාන වන විට නැවත වරක් පහළ යෑම ආරම්භ විය හැකි බවත් මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 20 කින් පහළ යා හැකි බවත් ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී ඇත. 09 March 2023
රජරට සරසවි සිසුන්ගේ ලැප් ටොප් උස්සලා රජරට විශ්ව විද්‍යාලයේ පිරිමි සිසුන්ගේ නේවාසිකාගාර දෙකක තිබු රුපියල් ලක්ෂ අටකට වඩා වටිනා කමකින් යුක්ත ලැප්ටොප් වර්ගයේ පරිගණක පහක් කිසිවෙකු විසින් සොරා ගෙන ගොස් ඇතැයි මිහින්තලය පොලිසිය කියයි. 09 March 2023
ඡන්දෙට සල්ලි නොදුන්නොත් ආපහු උසාවි යනවා ඡන්දෙට මුදල් නොදුන්නොත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නැවත වතාවක් අධිකරණයට යන බව සජබ පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 March 2023
ෆොන් එක කනේ තියාගෙන ගියා යැයි කන කපලා තියුණු ආයුධයකින් කන් පෙත්තක් කපා දැමීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු අද (09) මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. 09 March 2023
ගුටි කෙළිය රෝහලෙන් කෙළවර වෙයි මොරන්තුඩුව ප්‍රදේශයේ විදුහලක 11 වසර සිසුවකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන එම විද්‍යාලයේම සිසුන් පිරිසෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මොරන්තුඩුව පොලිසිය කියයි. 09 March 2023
මඩ පොහොර නැව ලබන 17 කොළඹ වරායට වී වගාව සඳහා අත්‍යවශ්‍ය මඩ පොහොර හෙවත් TSP- Triple Super Phosphate මෙට්‍රික් ටොන් 36,000ක් සහිත පොහොර නැව මෙම මස 17 දින කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ. 09 March 2023
ඩොලර් හැංගු අය අමාරුවේ දේශපාලන පක්ෂ විසින් කළ ප්‍රකාශ විශ්වාස කිරීම නිසා ඩොලර් සඟවාගෙන සිටි අය අද අමාරුවේ වැටී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 09 March 2023
පියාගේ දැලිපිහි පහරින් පුතා රෝහලේ පස්සර ගෝනකැලේ වත්තේ දී සිය 18 හැවිරිදි පුතා දැලිපිහියකින් කැපූ පියෙකු අද (9) සැකපිට අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි . 09 March 2023
මුහුදට වැටුණු ධීවරයා අතුරුදන් ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක ධිවරයෙකු මුහුදට වැටි අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි. 09 March 2023
පනාගොඩ ගිනි අවිය පැහැර ගැනිමට භික්ෂුවක් ඇතුළු දෙකක් සැකපිට පනාගොඩ යුද හමුදා කදවුරට යාබද මුරපලකින් ටී 56 ගිනි අවිය සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට හිමිනමක සහ තවත් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මගින් සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය . 09 March 2023
පළාත් රැසකට වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (9) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 09 March 2023
රන් කොල්ලයට හිටපු රග්බි ක්‍රිඩකයා මාට්ටු කදාන ලින්ටන් පාරේ දී හෝටල් හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ පවුම් 27 ක රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රිඩකයෙක් කඩුවෙල දී කදාන පොලිසිය මගින් පෙරේදා අත්අඩංගුවට ගනු ලැබීය. 09 March 2023
ගැට කපන්නාගේ පිහි පහරින් තරුණයා රෝහලට බස් රථවල ගැට කපන්නකුට එරෙහි වූ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුට එල්ල කළ උල් පීහි පහරක් වැදී බස් රථයේ ගමන් ගත් තරුණයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි . 09 March 2023
දේශපාලනාඥයන් ගැන විශ්වාසයක් නෑ ජනතාව වෙනුවෙන් කිසිඳු යටි අරමුණක් නොමැතිව වැඩ කරන විට දේශපාලඥායන් එය විශ්වාස නොකරන බවත් දේශපාලඥායන් ජනතාව වෙනුවෙන් සත්‍ය වශයෙන්ම සේවය කරන්නේද යන්න තමන් නොදන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (8) පැවසීය. 08 March 2023
කැලණිය සරසවි සිසු විරෝධයක්-කොළඹ මහනුවර මාර්ගය වසයි අත්අඩංගුවට ගෙන ඇති සිසුන් නිදහස් කරන ලෙසත්, අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ට කොළඹ විශ්ව විද්‍යාලය අසලදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් කැලණිය සරසවි සිසුහු පිරිසක් කැලණිය සරසවිය ඉදිරිපිට විරෝධතාවකට සූදානම් වීම නිසා මහනුවර - කොළඹ මාර්ගය වසා දැමීය. 08 March 2023
මුද්‍රණාලාධිපතිනියගෙන් පොලිස්පතිට ලිපියක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව දෙන්නැයි ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානී ලියනගේ මහත්මිය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයා ලිපි යවා තිබේ. 08 March 2023
ආසියාවෙන්ම ඉදිරියෙන් සිටින්නේ ලාංකික කාන්තාවයි ආසියා කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය කාන්තාව ඉදිරියෙන් සිටින බවත් එම තත්ත්වය තවදුරටත් පුළුල් කර ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 March 2023
ස්විස් තරුණයෝ විහාර වටා රොක් වෙති යුරෝපයේ වෙසෙන එරට තරුණ ප්‍රජාව මේ වන විට බුද්ධ දර්ශනය ගවේෂණයට එක්වන ප්රමණතව එන්න එන්න වැඩි බව යුරෝපයේ ධර්ම ප්රචාරයේ යෙදී සිටින භික්ෂූන් වහන්සේලා පවසති. 08 March 2023
ගුරුනගර් ජැටිය පිරිසිදු කරන්න යයි වඩාත්ම ප්ලාස්ටික් දූෂණයට ලක් වූ වෙරළ තීරය ලෙස සැලකෙන පේදුරු තුඩුව ආශ්රිත වෙරළ තීරය සහ වඩාත්ම ප්ලාස්ටික් දූෂණයට ලක් වූ ධීවර ජැටිය ලෙස සලකන ගුරුනගර් ධීවර ජැටිය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ආයතන කිහිපයක සහයෝගයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීය ආරම්භ කර ඇත. 08 March 2023
ක්‍රීඩක ජීවිත රැකගත් රග්බි විනිසුරුවන් ඇගයේ ශ්‍රී ලංකා රග්බි සංවිධානය කළ රග්බි තරගවලදී විනිසුරුගේ කාර්ය ඉක්මවා යමින් ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්ව ඇති යැයි තේරුම් ගෙන ඔවුන්ගේ ජීවිත රැකගැනීමට කටයුතු කළ විනිසුරුවන් තිදෙනෙක් අද (8) ඇගයීමට ලක් කළහ. 08 March 2023
කාන්තා විරෝධය මඩින්න පොලිස් කාන්තාවෝ පෙරට බඩු මිලට සහ බදු බරට එරෙහිව කාන්තාවන් පිරිසක් ලෝක කාන්තා දිනය අද දින බත්තරමුල්ල පොල්දූව හන්දියේදී පැවැත්විණි. 08 March 2023
‘ක්‍රම වෙනසට අලුත් පාරක් නොනිමි අරගලයට කාන්තා බලයක්’ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (8) දිනට යෙදී ඇති කාන්තා දිනය වෙනුවෙන් කොළඹ ලිප්ටන් වටරවුමේදී අද පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය. 08 March 2023
මැතිවරණය කල් දැමීම ගැන දෙදින විවාදයක් පළාත්පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ දෙදින විවාදය හෙට (9) සහ අනිද්දා (10) දවස පුරා පැවැත්වේ. 08 March 2023
මැතිවරණය කල්දැමීම ව්‍යවස්ථා විරෝධියි රටේත් රාජ්‍යතාන්ත්‍රෙය්ත් නිරවුල් පැවැත්ම සදහා පළාත් පාලන මැතිවරණය නොපමාව පවත්වන්නැයි බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් සදහන් කරයි. 08 March 2023
මධ්‍යම සංස්කෘතික අරමුදලේ දූෂණ සොයන්න විශේෂ කමිටුවක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කෝප් කමිටුව නිර්දේශ කළේය. 08 March 2023
රටම බලා ඉන්නේ අයි.එම්.එෆ් බබා හම්බ වෙනතුරු අයි.එම්.එෆ් බබා හම්බ වෙන තුරු අද මුළු රටම බලාගෙන සිටින බව රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය. 08 March 2023
’’දියසෙන් එන්ජිම’’ ගැන රුවන් එක්ක සාකච්ඡාවක් ඉන්ධන රහිතව ක්‍රියාත්මක කළ හැකි ද්‍රව තෙරපුම් එන්ජිමක් නිෂ්පාදනය කළ දියසෙන් බලශක්ති උත්පාදන ව්‍යාපෘතියේ සාමාජිකයන් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 08 March 2023
කේතය මාරුව ඉරිදායින් අඟහරුවාදාට ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතයේ සතියේ ඉන්ධන කෝටාව අලුත් කිරීමේ මෙතෙක් පැවැති ඉරිදා දිනය අද (8 වැනිදා) සිට සෑම අඟහරුවාදා දිනකම මධ්‍යම රාත්‍රීයට වෙනස් කිරීමට බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 08 March 2023
උසස් පෙළ තොරතුරු තාක්ෂණ විභාගය 18 12 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මෙම මස 18 වැනි සෙනසුරාදා පැවැත්වේ. 08 March 2023
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026