IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුද්ගල ඝාතනයකට තිදෙනෙකුට මරණ දඩුවම

(සුමිත් පොතුපිටිය )

වසර 31 කට පෙර පොලුමුගුරු වලින් පහරදී  පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ  තිදෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් අද මරණ දඩුවම නියම කර තවත් පුද්ගලයකුට වසර 10 ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම  කලේය .

මීගමවත්ත ජනපදය , 5 කණුවේ ප්‍රදේශයේ පදිංචිව සිටී ධනපාල ප්‍රනාන්දු  නැමැත්තා 1992 ජනවාරි මස 15  හෝ ඊට ආසන්න දිනක නවුත්තුඩුව , කීරන්තිඩිය ප්‍රදේශයේ දී පොලු.මුගුරු වලින්  පහරදී   ඝාතනය කිරීම සම්බන්දයෙන් ඔවුනටඑ එරෙහිව චෝදනා නගා ඇති බව අධිකරණයේදී අණාවරණය  විය.

එකී නඩුවේ 3, 4 සහ 5 වන විත්තිකරුවන් වන, වලගෙදර , පල්ලේගොඩ පදිංචි මල්මුතුගේ දයාරත්න නොහොත් ඔලිවර් , නවුත්තුඩුව , කීරන්තිඩිය ප්‍රදේශයේ පදිංචි අනගිපුර ආරියරත්න නොහොත් ලොක්කා , 5 කණුව කිරිමැටිය ප්‍රදේශයේ පදිංචි ධර්මතිලක ප්‍රනාන්දු නොහොත් ප්‍රේමතිලක ප්‍රනාන්ද නමැති පුද්ගලයන් හට මෙසේ මරණ දඩුවම් නියම කෙරිණි .

1 වන විත්තිකරු වන බේරුවල , කාලවිල ප්‍රදේශයේ පදිංචි අනගිපුර ප්‍රේමතිලක නොහොත් රත්නා යන අයට වසර 10 ක සිර දඩුවම් සහ රුපියල් ලක්ෂ තුනක වන්දියක්ද එකී වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඩුවම්ද නියම කලේය.

එකී නඩුවේ 2 වන විත්තිකරු පිළිකා රෝගයකින් මියගොස් ඇති බවට අධිකරණයේදී අණාවරණය වී ඇත.

දෙපාර්ශවය අතර ඇතිවූ කෝලහලයකින් පසු නවුත්තුඩුව , කීරන්තිඩිය ප්‍රදේශයේ දී පොලුමුගුරු වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්දයෙන් විත්තිකරුවන් වැලිපැන්න  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයේ මූලික සාක්කි විභාග කිරීමෙන් පසු නීතිපති වරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකොට තිබුණි.

එච් සී 54/96 අංක යටතේ නඩුව විභාගයට ගෙන තිබූණි.

වසර 32 කට ආසන්න දීර්ඝ නඩු විභාගයකින් පසු නඩු තීන්දුව ප්‍රකාශයට පත්කල අතර , විත්තිකරුවන්ගේ පවුලේ ඥාතීන් පිරිසක් කළුතර අධිකරණ භූමිය ඉදිරිපිට රැස්ව සිටියහ.



අදහස් (2)

පුද්ගල ඝාතනයකට තිදෙනෙකුට මරණ දඩුවම

කිරිපුතා Tuesday, 10 October 2023 06:28 PM

මිනීමරුවන්ට දඬුවම් ලැබෙනකොට මියගිය පුද්ගලාට වසර 31ක් වෙනවා. ඉපදුණු තැනක...

:       2       20

sunil Tuesday, 10 October 2023 08:14 PM

මේ ගැන කියන්න දෙයක් නැහැ. අවුරුදු 32කට පස්සේ දඬුවම් දීපු මෝඩ ක්‍රමයට මේක අපිට වදයක් වෙයි. ඔවුන් එතැනින් විශ්‍රාම යනවා...!

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site