(සුජිත් හේවාජුලිගේ )
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (10) තීරණය කළේය.
මේ අනුව එම අයදුම්පත් ඉදිරි සති අන්ත පුවත්පත්වල පළ කෙරෙනු ඇත.
පාලිමේන්තුවේදී මෑතකදී සම්මත කෙරුණු දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ අඩුපාඩු කිහිපයක් පවතින අතර එම අඩුපාඩු පනතට සංශෝධනයක් ගෙන විත් විසඳාගන්නා තුරු සාමාජිකයන් තෝරා ගැනීමේ කටයුතු සිදු කිරීමටද කොමිෂන් සභාව තීරණය කළේය.
මේ අතර පොලිස්පතිවරයාගේ ධූර කාලය අවසන්ව ඇතත් එම ධූරය සඳහා නාමයෝජනාවක් අද දිනයේ ඉදිරිපත් නොකෙරුණු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පවසයි.
පනතට සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (10) රැස්විය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් කොමිසමට අලුත් සාමාජිකයෝ
වැඩපරක්කු Wednesday, 11 October 2023 05:15 AM
හැමදේම කල් මරනවා... ඉතින් කොහොමද 2048 සංවර්ධිත රටක් හදන්නේ? අපි ඒ වැඩේ අත්හැරලා දාමු.. මෙහෙම ඇද ඇද සංවර්ධනය කරන්නේ කොහොමද? අපි හැමදාම කියන ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියකියා තවත් අවුරුදු 75ක් ඔහොම්ම යංකෝ... ඇත්තටම ඔය පනත් කෙටුම්පත් කරන්නේ කවුද? හැමදාම මොකක් හරි අඩුවක් තියෙනවාමයි.
C.K.Lankaputhra Wednesday, 11 October 2023 06:16 AM
සාධාරණ පොලිස්පති කෙනෙක්වත් පත්කර ගන්න බැරි රටක් තව මොන කතාද...?
අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Wednesday, 11 October 2023 08:57 AM
කොමිසමේ සාමාජිකයින් අලුත් වුණාට වැඩක් නැහැ. හරි ක්‍රමවේදයක් නැතිනම්. මගේ රකියාව අහිමි කිරිමෙන් පසු ඒ පිළිබඳ විවිධ කරුණු ඔස්සේ මම මේ වනවිට පැමිණිලි 25 ක් විතර කරලා තියෙනවා. දකුණු පළාතේ නිල ඇඳුමක් නොමැති රාජ්‍ය සේවකයින් පිරිසක් වන ගුරුවරුන් සඳහා නිල ඇඳුම් දීමනා වශයෙන් පහලොස් කෝටි හැත්තෑ හත් ලක්ෂ අසූ හත් දහසක් අයථා පරිදි එම පළාතේ අධ්‍යාපන ලේකම් විසින් වියදම් කිරීම පිළිබඳවද පැමිණිල්ලක් කරලා තියෙනවා. දකුණු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ දූෂිත වැඩ ගැනත් ඉතා විධිමත් පරිදි පැමිණිලි කළා. ආණ්ඩුකාරයාගේ එකම උපදේශකවරයාත් එම කොමිෂන් සභාවට පත් කරගෙන කරන වැඩ ගැන විශේෂ පැමිණිල්ලක් කළා. මම ගිහිං කට උත්තරත් දුන්නා. අම්බලන්ගොඩ පාසලක විදුහල්පතිවරයෙක් අල්ලස් කොමිෂමේ විමර්ශන 3 ක් තිබියදීම මේ වනවිට එම පාසලේම වසර 18ක් රඳවාගෙන ඉන්නවා. මොකටද මේ කොමිසම. මින්පසු මම මේ කොමිසමට නොයාමට තීරණය කර තිබෙනවා. ඒ කොමිසම කෙරෙහි කිසිඳු විශ්වාසයක් නැහැ.. කොමිසම ස්වාධීන නැහැ. එහෙම කොමිසමක් කොහොමද? අනික් ආයතනවල අඩුපාඩු සොයන්නේ... රට මේ තත්වයට පත්වුනේ මේවා නිසා තමයි...!
අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Wednesday, 11 October 2023 09:02 AM
අනේ මේ කොමිෂන් මොකටද? මම දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කියාකලාපයට එරෙහිව පැමිණිල්ලක් කළා ජනාධිපතිතුමාට... ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මට ලිපියක් එවලා තියෙනවා ජනාධිපතිවරයා කෙරෙහි තබපු විශ්වාසයට ස්තුති වන බවත් ලිපිය ලද බවත් එච්චරයි. ඒ පැමිණිල්ල විභාග කරනවා කියලා නම් ඒ ලිපියේ සඳහන් කරලා නැහැ. නිකං පොඩි කෙනෙක් ලියන ලිපියක් වගේද? මම මේ පිළිබඳ ඉදිරියේදී සමාජය දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ ආයතන මොකටද? මෙහෙම නඩත්තු කරන්නේ...? අපරාදේ මහජන බදු මුදල්... මේ ලිපිය දැක්කෝතින් ඔබලා පුදුමවේවි. කවදාවත් ප්‍රශ්නයක් විසඳන්නේ නැහැ. ඒත් මම ගරු අධිකරණය කෙරෙහි මෙන්ම තොරතුරු කොමිෂන් සභාව කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙන පුරවැසියෙක්. මම මගේ ගැටලු කොහොම හරි විසඳා ගන්නවා. ඒත් මොකවත් කරකියා ගන්න බැරි අහිංසක මිනිස්සුන්ට නම් මේ ආයතනවලින් සිදුවන සේවයක් ඇත්තේම නැහැ කියලා කිව්වොත් එය ඉතා නිවැරැදියි...!
C.K.Lankaputhra Wednesday, 11 October 2023 01:24 PM
බීරි අලියන්ට වීනා වාදනය කරනවා වගේ නේද මහත්තයා. අනේ රටට ගිය කලක්.
Rata Perata Wednesday, 11 October 2023 12:14 PM
ඔන්න ඔය විපක්ශ නායක කම කරන්න පුලුවන් කෙනෙක් ට දීල අයින් වෙයන් බන්. රටෙ මෙච්චර ප්‍රශ්න, මතිවරණ, බඩු ගනන්, ජල විදුලි ගාස්තු අහස උසට. මෙ මනුස්සය ඔහේ ඉන්නව.
සෙනෙවිරත්න Wednesday, 11 October 2023 02:23 PM
තමන්ගේ පැත්තේ හිටපු මහලු මඩම්වලට යන්න සුදුසුකම් ඇති, වරදක් වුණත් වගවීමේ අවශ්‍යතාවයක් නැති, ඉන්න කාලෙත් වැඩකට නැති පෙන්ෂන් ගියපු නාකි තමයි ඔව්වාට දාන්නේ... තමන්ගේ අවශ්‍යතාවයට විතරයි වැඩ කරන්නේ. රටට වැඩක් නැහැ, හීනියට පගාවක් ගනිපු ටී ඕ කෙනෙක්, පියන් කෙනෙක් ඕවාට කොටුවෙනවා. ලොකු ලොකු පගාකාරයෝ නාවලා සුද්ද කරලා දෙනවා.