IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදෙස් රාජ්‍ය ඇමතිවරියෝ දෙදෙනෙක් ජනපති හමුවෙති

(අංජුල මහික වීරරත්න)

ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය (Anne-Marie Trevelyan) සහ දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය (Dr. Naledi Pandor) අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ.

එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය (Anne-Marie Trevelyan) පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඇතුළු මාතෘකා රැසක් පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක් විය.

සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පත සහ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඇතුළු ප්‍රධාන නීති සම්පාදන කටයුතුවලදී  ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී රාජ්‍ය අමාත්‍යවරිය දැනුවත් කළ අතර එක්සත්  රාජධානියේ විශ්වවිද්‍යාල ද මේ සඳහා එක්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද පැවසීය.

අනතුරුව දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූවාය. 



අදහස් (2)

විදෙස් රාජ්‍ය ඇමතිවරියෝ දෙදෙනෙක් ජනපති හමුවෙති

චන්දිම Tuesday, 10 October 2023 08:16 PM

දැන් ඊළඟට මට ඒ ගොල්ලෝ ආරාධනා කළයි කියලා ඒ රටවල්වලට කට්ටිය පිටින් සවාරිය යාවි. බදු ආදායම තියෙන්නේ ඒවාට කියලනේ හිතන් ඉන්නේ...!

:       8       5

chandima Tuesday, 10 October 2023 08:44 PM

අදහස් නම් එමටයි. ඒ රටවල්වල විශ්ව විද්‍යාල පවත්වා ගෙන යන්නේ පිටරටින් එන සිසුන්ගෙන් ලැබෙන මුදලින්... ඒ රටවල් ඒක නැතිකර ගත්තොත් විශ්ව විද්‍යාල අමාරුවේ වැටෙනවා. අනික ඒ විශ්ව විද්‍යාලවලට යන සිසුන් විශාල මුදලක් ගෙවලා එහෙ යන්නේ ඉගෙන ගැනීමට අමතරව කොහොම හරි ඒ රටවල්වල ස්ථිර පදිංචිය හදාගන්න බලාගෙන. ඒ දෙකම නැතිව අපේ රටට ඉගෙන ගන්න එනවා නම් එන්නේ අතළොස්සක්...

:       6       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site