පොලිසියේ දෙදෙනකුට පොලු පහර පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ හිසට පොල්ලකින් සහ ගලකින් පහරදී තුවාල සිදුකළ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් තෙරිපැහැ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ 08 March 2023
පුංචි ඡන්දය ඉල්ලා ඉතාලියෙත් විරෝධතා ජාතික ජන බලවේගයේ විසින් සංවිධානය කළ ’’මැතිවරණයකට බියගුළු රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදය වළ දමන කුමන්ත්‍රණය පරදවමු’’ යන තේමාව යටතේ රජයට එරෙහිව විරෝධතා පෙළපාලියක් හා ජනරැලියක් මිලානෝ නගරයේ දි පැවැත්විණි. 07 March 2023
රට ඉඳි බද්ධ රුපියලට බස්සයි රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබේ. 07 March 2023
අයි.එම්.එෆ් අවසන් සාකච්ඡා 20 වැනි දා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකා ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් මස පළමු වැනිදා ඇති කරගත් මූලික කාර්ය මණ්ඩල ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා එළඹෙන මාර්තු 20 වැනිදා විධායක කමිටුව රැස්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා පවසා ඇත. 07 March 2023
චීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් බාර දෙයි චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හු වෙයි (Hu Wei) මහතා අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් බාර දෙනු ලැබීය. 07 March 2023
විරෝධතාවයේදී තුවාල ලැබූ 3 ක් රෝහලේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවය අතරතුර දී තුවාල ලැබූ පොලිස් නිලධාරීයෙකු ඇතුළු තිදෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය. 07 March 2023
උද්ඝෝෂකයන් ලෙස පෙනී සිට ආර්ථිකය කඩා වැට්ටවීමේ තැතක් උද්ඝෝෂණකරුවන් ලෙස පෙනී සිටින ඇතැම් කණ්ඩායම් රටේ වැදගත් ආර්ථික මර්මස්ථානවලට අයුතු ලෙස ඇතුල් වී ඒවාට පහර දී ආර්ථිකය කඩා වැට්ටවීමේ සූදානමක් පවතින බව බුද්ධි අංශ තොරතුරු වාර්තා කර ඇතැයි කොටුව පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට වාර්තාවක් ඉදිරිපත් කරමින් අද (07) දැනුම් දුන්නේය. 07 March 2023
වීරකැටියේ සිද්ධිය: මව-පියා ඇතුළු එකම පවුලේ පහක් රිමාන්ඩ් වීරකැටිය අත්තනයාල ප්‍රෙද්ශයේ පවුලක සමාජිකයින් පිරිසක් හා වීරකැටිය පොලීසියේ නිළධාරීන් පිරිසක් අතර ඇති වූ ගැටුම අතර තුරදී පොලීසිය විසින් අත් අඩංගුවට ගත් එකම පවුලේ සාමාජිකයින් 06 අතරින් පස් දෙනෙකු අද (07) දින වලස්මුල්ල මහේස්ත්රාලත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහේස්ත්රා ත් මහේෂිකා විජේතුංග මහත්මිය නියෝග කළාය. 07 March 2023
මවගේ අනියම් සැමියා පහරදී ගොළු දැරිය මරාදාලා යාචක වෘත්තියේ යෙදෙමින් ජීවත් කරවූ ගොළු දැරියක ඉතා අමානුෂික ලෙස පහරදී මවගේ අනියම් සැමියා විසින් ඝාතනය කර ඇතැයි හිරණ පොලිසිය කියයි. 07 March 2023
රැසියාවෙන් නිවාඩුවට ඇවිත් මොරගල්ලේ දී අවසන් ගමනේ රුසියාවේ සිට මෙරට අලුත්ගම මොරගල්ල තරු පන්තියේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක විවේක ගත කරන්න පැමිණ සිටි තරුණ සංචාරකයකු අද එම සංචාරක හෝටලය ආසන්නයේ මුහුදේ දිය නාන්න ගොස් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේන බව අලූත්ගම පොලිසිය කියයි 07 March 2023
මහ බැංකුවට හයිය දෙන්න යයි ශ්‍රී ලංකා මහ මහ බැංකුවේ කටයුතුවලට බාධා කිරීම වැළැක්වීම සහ පරිපාලනමය සහ මූල්‍ය ස්වාධීනත්වයක් ලබා දීම සදහාවූ ‘ශ්‍රී ලංකා මහබැංකුව’ පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට අද (07) ඉදිරිපත් කරනු ලැබීය. 07 March 2023
අන්තරේ විරෝධයට ජල සහ කඳුළු ගෑස් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩය සංවිධානය කළ විරෝධතාවට කොළඹ විශ්ව විද්‍යාල ඉදිරිපිටදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. 07 March 2023
මුදල් දෙනවාද? නැද්ද? අධිකරණය ලබාදුන් තීන්දුවට අනුව මැතිවරණයට මුදල් ලබාදෙන්නේ ද යන්න ගැන ජනාධිපතිවරයා රටට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු යැයි මාර්තු 12 ව්‍යාපාරය පවසයි. 07 March 2023
පුංචි ඡන්දේ අප්‍රේල් 25 දා පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා අගහරුවාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. 07 March 2023
කුඹුරු ඉඩම් ගොඩ කිරීම තහනම් කරයි කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර දීම තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 07 March 2023
රට අක්‍රීය කිරීමෙන් ප්‍රශ්න වලට විසැඳුම් හොයන්න බෑ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් හෝ රට අක්‍රීය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලින් රටෙි පැවතන බැරෑරුම් ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් ලබා ගත නොහැකි වන බව තම ඒකායන විශ්වාසය යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 07 March 2023
මැරිච්ච සීයාගේ කීමට වැඩ කළ මුණුපුරා අත්අඩංගුවට සීයා හිනෙන් කියු මැණික් මුට්ටියක් ගැනිමට හතරවටේ බිත්ති බැඳ ඒ තුල වලක් හාරා නිදන් සෙවු පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමට මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකයේ නිළධාරිහු පිරිසක් සමත්වුහ. 07 March 2023
මාධ්‍යවේදී නිමල් ජයරත්නට මරණ තර්ජන ඓතිහාසික දිඹුලාගල ආරන්ය සේනාසනයේ කොස්ගහ උල්පත නිධන් හැරීමේ සිද්ධිය වාර්තා කළා සේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිදන් සෙවීමේ සිද්ධියත් වාර්තා නොකළ හොත් තමා ඇතුළු පවුලේ සියලු දෙනා වෙඩි තබා මරා දමන බවට නිර්ණාමික දුරකතන ඇමැතුමක් දුන් බවට ලංකාදීප මනම්පිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමල් ජයරත්න මහතා මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කළේය. 07 March 2023
සුදු කතගේ කැමරාව ඉස්සූ වන නියාමක දැලේ එංගලන්ත ජාතික කාන්තාවක් බුත්තල කතරගම මාර්ගයේ වනජීවි මුරපොල අසල වැසිකිළියට ගිය අතරවාරයේ ගමන් මල්ලේ තිබූ රුපියල් ලක්ෂ 24 ක් වටිනා කැමරා උපකරණ කට්ටලයක් සොරකම් කොට ඇති බවට කර තිබූ පැමිණිල්ලක් මත වනජීවී නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය කියයි. 07 March 2023
ධම්මික පෙරේරාත් අලුත් කාරක සභාවට පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටවනු ලැබූ ආර්ථික ස්ථායිකරණ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (7) දැනුම් දුන්නේය. 07 March 2023
රුපියල යළි නැගිටියි ශ්‍රී ලංකා මහ බැංකුව අද(07) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහත ගොස් ඇත. 07 March 2023
බස් -බස් ගැටී 22ක් රෝහලට මීගමුව සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බසයක් සහ මහනුවර සිට කොළඹ දෙසට ධාවනය කළ ලංගම බසයක් මැවනැල්ල ගණේගොඩ දී එකි නෙක ගැටීමෙන් මගින් 22 දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 07 March 2023
පා ගමන වළකන්න කුරුඳුවත්තෙන් කළ ඉල්ලීම විසිවෙයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංවිධාන විසින් අද (07) කොළඹ දී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය වලකන ලෙසට ආඥාවක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කළේය. 07 March 2023
මුද්රණලයාධිපතිනී සූදානම් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේදී අද (7) පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මුදල් ලබාගැනීමට භාණ්ඩාගාරයට දැනුම් දියයුතු බවත් රජයේ මුද්රණලයාධිපතිනී ගංගානී ලියනගේ මහත්මිය පැවසුවාය. 07 March 2023
අන්තරේ සිසුන්ට වාරණයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයේදි පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීමෙන් වළකින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා උද්ඝෝෂකයින්ට අද (07) නියෝග කලේය. 07 March 2023
රෝහිණීගෙන් සුසිල්ට නම්බු නාමයක් මේ සභාවේ පසුගිය දිනක ඇතිවූ සංවාදයකදී කළ ප්‍රකාශයකින් සමගි ජන බලවේගයේ රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සිත් රිදීමක් සිදුවූයේ නම් තමා කනගාටුව පළ කරන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද(7) පැවසීය. 07 March 2023
ණය ගෙවා ගන්න බැරිව දරු පවුලම දිවි නහගෙන? වවුනියාව ගුඞ්සෙඞ් ප්‍රදේශයේ නිවසක් තුළ තිබි මව,පියා දියණියන් දෙදෙනකුගේ මළ සිරුරු හතරක් හමු වූ බව පොලිසිය කියයි. 07 March 2023
මාළු කිලෝ 1000 ක් මුහුදේදී කොල්ලකති වැලිගම පැලෑන බද්දේවත්ත ධීවර තොටුපොළෙන් මුහුදු ගිය ධීවරයන්ට පහරදී කිලෝ 1000 ක පමණ මාළු තොගයක් මිරිස්ස මුහුදේදී 20 දෙනකුගෙන් යුත් මුහුදු කොල්ලකරුවන් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වැලිගම පොලිසිය කියයි. 07 March 2023
ජනපති ඡන්දය තියන දවස කියයි රට ස්ථාවර වූ පසු මැතිවරණයක් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 March 2023
වෙඩික්කරුගේ ඉලක්කය කොටහේනේදී වරදියි සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වැල්ලේ සුරංගගේ සහෝදරයා ඉලක්ක කරගෙන කොටහේන ඉබ්බගෙ වත්ත හන්දිය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීම ඉලක්කය වැරදී යාමෙන් ඔහුගේ දිවි බේරී ඇතැයි කොටහේන පොලීසිය කියයි 07 March 2023
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026