
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විදුලිය විසන්ධි කිරීමේ නිරතව සිටි සේවකයින් දෙදෙනෙකුට මදුරන්කුලිය මුක්කු තොඩුවාව ප්‍රදේශයෙදී වැලි ව්‍යාපාරීකයකු ඇතුළු පිරිසක් අමානුෂීක ලෙස පහරදීමේන් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ලංකා විදුලි බල මංඩලයට අයත් පුත්තලම විදුලි අධිකාරි කාර්යාලයට අනුයුක්තව විදුලි විසන්ධි කිරීමේ කටයුතු වල නිරත ව සිටි සේවකයින් දෙදෙනෙකු බව කියයි.
මුක්කු තොඩුවාව ප්‍රදේශයෙ අදාල වැලි ව්‍යාපාරිකයාගෙ ව්‍යාපාරික ස්ථානයෙ පසුගිය මාසයක විදුලි බිල නොගෙවිම හේතුවෙන් අදාල ස්ථානයෙ විදුලිය විසන්ධි කර ආපසු අදාල ස්ථානයෙන් පිටව යාමට පැමිණේමින් සිටියදී මෙසේ දන ගස්සවා අමානුෂීක ලෙස පහර දී ඇති බව කියයි.
අදාල ස්ථානයට ගිය විදුලි විසන්ධි කිරිමේ සේවකයින් දෙදෙනා පවසන්නේ විදුලිය විසන්ධි කිරීමට පෙර එම ස්ථානයෙ කාන්තාවක් දැනුවත් කිරිමේන් පසු විදුලිය විසන්දි කළ බවයි. ඒමෙන්ම බිල ගෙවිමේන් පසු නැවත විදුලිය ලබා දීමට පැමිණේන බවද දැනුම් දුන් බවයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd