(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලම්පිටිය බ්‍රැන්ඩිය වත්ත නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයකු ඉලක්ක කර සිදු කළ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.
තුවාල ලද පුද්ගලයා වයස අවුරුදු 44 ක් අයෙකි.
ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා පින්තාරු කරන්නෙකි.
වෙඩි තැබීම සඳහා 9 එම් එම් වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි ප්‍රහාරය එම පුද්ගලයාගේ උදර ප්‍රදේශයට වැදි ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd