
(අංජුල මහික වීරරත්න)
ඊශ‍්‍රායලයේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.
ඊශ්‍රායලයේ සිදු වූ මෑත කාලීන ප්‍රහාර සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ඊශ්‍රායල ජනතාවට එමගින් ඇතිවී තිබෙන බලපෑම් පිළිබඳ තම දැඩි අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් පැවසීය.
මීට අමතරව සංචාරකයින් සහ සේවකයින් ලෙස මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට නැවත සිය රට බලා යාමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, ශ්‍රී ලංකාව තුළ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙසත් ජනාධිපතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.
ඊශ්‍රායලය සහ පලස්තීනය යන ද්විත්ව රාජ්‍ය සංකල්පයට ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහයෝගය යළිත් තහවුරු කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, සිවිල් ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි කරමින් පලස්තීනයේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ශ්‍රී ලංකා රජය විසින් හෙළා දකින බව ද ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පසුගිය කාලයේ යම් යම් විවේචන එල්ල වුව ද මෙවැනි ප්‍රහාර සාධාරණීකරණය කළ නොහැකි බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අර්බුදය මගින් ගෝලීය ඉන්ධන මිල මත සිදුවිය හැකි දැඩි බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් අප්‍රිකානු සංගමයේ යෝජනාවට අනුව මෙම එදිරිවාදිකම් වහා නතර කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
දැනට පවතින මෙම ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්රායලය වෙත සහ ඊශ‍්‍රායලයෙන් හෝ ගුවන් සීමාව තුළ කිසිඳු ගුවන් යානයක් ගමන් නොකරන බව මේ වනවිට ප්‍රසිද්ධ ගුවන් සේවාවන් මගින් දැනුම් දී ඇත...!
හා හා දැන් බය වෙලා නේද? අපිටත් බැලස්ටික් මිසයිලයක් එවයි කියලා. කිරි නෑ කාර් නෑ
එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක, එම ධුරයට පත් කර ගැනීම සඳහා මේ වන විට පක්ෂයේ ප්‍රබලයින් අතර එකඟතාවක් පළ වී ඇති බවද පක්ෂය පෙර පැවැති ශක්තිමත් තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව පවතින එකම පුද්ගලයා රවී කරුණානායක බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර මතය කුමක් උවද එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ සහ වෙනත් පක්ෂවල සමස්තයක් වසයෙන් රටේ පුරවැසියන්ගේ රවී කරුණානායක පිලිබද දරන මතයද විමසා බැලීම වැදගත්
ලංකාවේ ඉන්න එවුන්වත් රැක ගන්න බැරි එකා ඊශ්‍රායලේ ඉන්න එවුන්ව රකින්න හදනවා
පුටුවේ ඉඳන් නියෝග දීලා වැඩක් නැහැ.නිලධාරීන් මොනවා කරන්නද ?ඔය හැමෝම අඳුරනවා කිව්වා නේද ?ඒ පස්සෙන් ගිය මචන්ලට කියලා කරගන්න බැලුවානම් නේද හොඳ ?
ලංකාවේ ඉන්න මිනිස්සු මේකේ ඉන්නෙ නැතිව රට අතහැරල යනවා. ලංකාවේ ඉන්න මිනිස්සු ටික ආරක්ෂා කර ගන්න බැරිව ...මෙතන ඉශ්‍රයාලේ ඉන්න උන් ගැන කතා කරනවා....