(එම්.සුසිල් පියන්ත සහ ඩී.ජී.සුගතපාල)
රත්ගමදී දැන් සිදුවූ වෙඩි තැබීමකින් හිටපු පොලිස් පරීක්ෂකවරයකු මරුමුවට පත්වී ඔහුගේ සොහොයුරා තුවාල ලබා රෝහල් ගත කළ බව රත්ගම පොලීසිය කියයි.
මෙසේ මරුමුවට පත්වී ඇත්තේබ් හිටපු පොලිස් පරීක්ෂක ඩී බාලේන්ද්රසීහ නමැති හතලිස් හැවිරිදි අය බවද පොලීසිය කියයි.
මේ හිටපු පොලිස් පරීක්ෂකවරයා රාජකාරී කටයුත්තකදී සිදුකරන ලදැයි කියන වරදක් සම්බන්ධයෙන් වසර එකහමාරක් පමණ රක්ෂිත බන්ධනාගාරගතවී මීට දින කිහිපයකට උඩදී ඇප ලබා පැමිණි අයෙකු බවත් අද(9) ඔහු එම නඩු කටයුත්තක් සදහා බලපිටිය අධිකරණයට ගොස් ආපසු නිවස කරා පැමිණෙමින් සිටියදී ඔහු ගේ නිවස ආසන්නයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
රත්ගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd