(නිමල කොඩිතුවක්කු)
සියලුම පෞද්ගලික බස් රථ ලබන වසරේ ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවසීය.
මෙරටට ගෙන්වන ඩීසල් වල ගුණාත්මක භාවය පිළිගත හැකි මට්ටමක නොමැති නිසා වාහන වල දුම් පරීක්ෂාව ප්‍රායෝගික නොවන බැවින් මෙම පියවර ගත් බවත් විජේරත්න මහතා සඳහන් කළේය.
දුම් පරීක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති පසුබිමක මෙම තීරණය ගත් බවත් ඒ සම්බන්ධයෙන් මෙම සතියේ දී ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුවත් කිරිමට පියවර ගන්නා බවත් කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් විජේරත්න මහතා පැවසීය.
ලංගම බස් රථ සහ රාජ්‍ය වාහන වල දුම් පරීක්ෂණ පැවැත්වීම ක්‍රමවේදයක් නොමැති බවත් පෞද්ගලික බස් රථ සඳහා දුම් පරීක්ෂාව අනිවාර්්‍යය කරන්නේ නම් ලංගම බස් රථ සඳහාද එම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ වෙනත් ඩීසල් වාහන දුවන්නෙත් ඔය ඩීසල් වලින්ම තමයි, හබැයි බස් රථ සේවකයො ඩීසල් වලට භූමිතෙල් කවලං කරනව. ඉතින් දුම් පරීක්ෂණ අසමත් වෙනව
රටේ පවතින නීතියෙන් එහෙම ඉවත් වෙන්න පුළුවන්ද? කසිකබල් බස් දාගෙන පරිසරයම දුම්වලින් ශබ්දයෙන් දූෂණය කරගෙන සල්ලිම හොයනවා මිසක් ඒවාට සාධාරණ විසඳුම් දීගෙන පරිසරයත් ආරක්ෂා කරගෙන ව්‍යාපාරයක් කරන්න අදහසක් නෑ.
රජයේ වාහන දුම් සහතික ගන්නවා කියලා රජයේ සේවයේ හිටපු කෙනෙක් හැටියට කියන්න පුළුවන්. ඇත්තටම පුද්ගලික බස්වලට ඩීසල් සමග භූමිතෙල් යොදා ධාවනය කරනවා. එහෙම කරලා ඩීසල් බාලයි කියලා කියනවා...
නියම තීරණයක්..., ලංගම බස් දුම් පරීක්ෂණය ආරම්භ කරනතුරු ඉවත් වී සිටින්න. එක බස් කොටසකට විතරක් පරීක්ෂණ කුමකටෙයි...!
එහෙම රටේ නීතිය කඩකරනවා කියලා ප්‍රසිද්ධියේම කියනවා නම් ඒකත් ත්‍රස්තවාදයක් තමයි
පුද්ගලික බස් රථයක් දුම් පරීක්‍ෂණය කරන තුරු, අනෙක් සියලුම වාහන ද දුම් පරීක්‍ෂණය වර්ජනය කරමු