
(යොහාන් භාසුර)
ජනමාධ්‍ය අමාත්‍යංශය, තැපැල් දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යංශය එක්ව සංවිධානය කරන ‘කොළඹ මුද්දර දැක්ම’ කොළඹ තැපැල් මූලස්ථානයේදී අද (9) පැවැත්විණි.
ලෝක තැපැල් දිනය සහ ජාත්‍යන්තර ‘මෙනේරි’ වසර වෙනුවෙන් එහිදී මුද්දර දෙකක් ද නිකුත් කළේය.
එම මුද්දර සහිත මුල්දින කවර වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට ප්රදානය කළේය.
තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ. රණසිංහ සහ මුද්දර කාර්යංශයේ අධ්යක්ෂ ලංකා ද සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd