(අංජුල මහික වීරරත්න)
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන් වී ඇති මගී ගුවන් පාලම වෙනුවට මාස පහක් ඇතුලත නව පාලමක් ඉදි කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබේ.
දින දහයක් ඇතුලත තාවකාලික ප්‍රවේශ මාර්ගයක් ඉදිකර මගීන්ට දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
ඒ සමඟම දැනට ඇති ගුවන් පාලම කඩා ඉවත් කරන්නැයි ද දැනුම් දී තිබේ.
හදිසි අවශ්‍යතාවක් සේ සලකා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අදාළ කාර්ය පවරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට නියමිතය.
නිර්මාණ හා ඉදිකිරීම අධීක්ෂණය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබන අතර මෙම සියලු කටයුතු අද (9) සිට ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා වෙත අදාල දැනුම් දීම කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පාලම හදල තවම මහ දවසක් ගියේ නෑනේ. හදපු එවුංගෙ හොරා කෑමේ තරම තමයි ඉතිං. හදපු එවුන්, අනුමත කරපු එවුන්ගෙන් අයකරගන්නෝන ඕවා. දැන් ආයේ හදන්න වියදම් කරහල්ලකො මහජන මුදල්.
වන් මෑන් ශෝ සංදර්ශනයක් දාන්න හිතිල වගෙ. පාලම් හදන්න තිරනය කරන්න මුලු දෙපාර්ථමේනතුවක් තියෙද්දි මෙයා ඉන්ජිනෙරු වැඩෙත් කරන්න වගෙ යන්නෙ.
රටේ පරිපාලනය කොච්චර දුර්වල වෙලාද කියනවා නම් පාලමක් අලුත්වැඩියා කරන්නත් රාජ්‍ය නායකයාගේ නියෝග ඕනෑ... තව ටික දවසකින් වැසිකිළි සුද්ද කරන ඒවාටත් රනිල්ගේ නියෝග එයි.. පිස්සු නැතිනම් හොඳයි.
රසික මහතා කිවූ දේ සහතික ඇත්ත... මගේ දැනුමේ තරමට මේ පාලම හදලා වසර 10ක් වත් ගතවී නෑ. කොන්ක්‍රීට් පතුරු ගොස් ඇති සැටි හොඳින් පේනවා. මෙය සැදූ අය ගැන ගෙන්න ගන්න පියවර කුමක්ද? මෙවැනි අන්තරායදායක නිර්මිතයක් නැවත ඉදිකරන්න මාධ්‍ය වලින් පෙන්වන තුරුම සිටිය යුතුද?
මේ කතාවේ තවත් පැත්තක් තියෙනවා. මේ වැඩේට අතදාලා විහින් ටින්කිරි ගාගත්තට, පාලම් පරීක්ෂා කිරීම සේවයේ නියුතු නිලධාරීන්ගේ වගකීමක්. ඒ නිලධාරීන් සිතා සිටින්නේ මාසික වැටුප කාර්යාලයට පැමිණ පුටුව උඩ සිටීමට දෙන දීමනාවක් ලෙසයි. මමත් කලක් රජයේ සේවකයෙක් ලෙස සිටියදී කලේ ඒ දේමයි. එය වරදක්... ඒ සඳහා ස්ථාවර නියෝග පැනවීම ඉහළ නිලධාරීන්ගේ වගකීමක්. ජනාධිපතිතුමනි, මහාමාර්ග, විදුලි බල වැනි ආයතන සියල්ලටම මෙය බලපාන්නේ නෑ... මෙවැනි වැඩපිළිවෙළක් නොතිබීමෙන් ලොව පුරා වූ හානි බොහොමයක්... ගොඩනැගිලිවල පාදමේ යකඩ මළ බැඳීම වරින්වර පරීක්ෂා නොකිරීම නිසා ගොඩනැගිලි කඩා වැටුණා. විශාල වැව් බැමිවල කම්බි නිසිලෙස පරීක්ෂා නොකිරීම නිසා ඒවා බිඳී ගොස් ජීවිත හානි වුණා. මෙවැනි දේට වගකිව යුත්තේ එයිට අදාළ නිලධාරිනුයි. පාලමක් ඉදිකිරීමේදී තත්ව පාලනය නිසිලෙස සිදුකිරීම නිලධාරීන්ගේ වගකීමක්. දේශපාලකයින් ඒ මැදට පැන වරදට වරද දීර්ඝ කාලීනව හරිගස්සනවා වෙනුවට ටින්කිරි ගාගැනීම නොකළ යුතුය.
කරුණාකර කොල්ලුපිටිය දුම්රිය පාලම පිළිසකර කර දෙන ලෙස අදාළ පාර්ශ්වවලට උපදෙස් දෙන්න. ස්තුතියි දෙරණට.