(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව සහ චීන අපනයන-ආනයන බැංකුව මෙරට චීන ණය ගැටලුව විසඳීම සඳහා මූලික එකඟතාවයකට පැමිණි බව එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා අද (10) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
මෙරට නිල ණය හිමියා ලෙස චීන අපනයන-ආනයන බැංකුව මෙම එකඟතාවයට ශ්‍රී ලංකාව සමඟ පසුගිය සැප්තැම්බර් මස අවසානයේ එළඹී බව වැන්ග් වෙන්බින් මහතා පැවසුවේය.මෙරට චීන ණය සඳහා සහනයක් ලබා දෙන අකාරය සම්බන්ධයෙන් මූලික එකඟතාවයට පැමිණි බව වැන්ග් වෙන්බින් මහතා පවසා ඇතත් ඒ පිළිබඳ වැඩි විස්තර මාධ්‍ය වෙත ලබා දී නොමැත.එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතික කාලානුරූපිව ශ්‍රී ලංකාවට ලැබීමට සලස්වා තිබෙන බවද වෙන්බින් මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවේය.
එපමණක් නොව ශ්‍රී ලංකාවට මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ අදාළ රටවල් සමඟ කටයුතු කිරීමට චීනය සැමවිටම සූදානම් බව වෙන්බින් මහතා එහිදී පවසා ඇත.
විශාලතම ද්වි පාර්ශ්වික ණය හිමියා වන චීනයෙන් ශ්‍රී ලංකාව ණය සහනයක් අපේක්ෂාවෙන් සිටින මොහොතේ චීන අපනයන-ආනයන බැංකුව මෙම එකඟතාවයට පැමිණ ඇත.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ණය මුදලේ දෙවැනි ණය වාරිකය ලබා ගැනීමටද චීන ණය ගැටළුවක් වී තිබිණ.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන ණය ගැටලුව විසඳීමට එකඟතාවයකට