IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බේරුවල කත මැරු සැකකරු මාට්ටු

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල ගාලු පාර හෙට්ටිමුල්ල වද කහවෙල ප්‍රදේශයේ නිවසක  මෙහෙකරු සමග වාසය කළ විවාහක කාන්තාවකගේ ගෙල නයිලෝන් වර්ගයේ කඹයකින් ගැටගසා හිසට ද මල් පෝච්චියකින් පහර දී තුවාල කර ඝාතනයකර ඉකුත් 7 දින පැනගොස් සිටි නිවසේ මෙහෙකාර 58 හැවිරිදි සැකකාර පුද්ගලයා  මිරිහාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය අද (10)පස්වරුවේ පැවසීය.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ බේරුවල,  ගාලු පාරහෙට්ටිමුල්ල වද කහ වෙල ප්‍රදේශයේ පදිංචිව සිටී පාලමුනිශාන්ති ඇලෙක්සැන්ඩ්‍රා ජයසිංහ (75) නමැති විවාහක කාන්තාවක බව පොලිසිය කීය.

මෙම නිවසේ මෙහෙකරු වෘත්තීයයේ නියුතු  කම්කරු පුද්ගලයා පසුගිය හත්වන දින  දින හතරක නිවාඩුවට බලංගොඩ   විකිලිය වත්ත  ඔහුගේ ගමට ගොස් එදින සවස මෙම නිවසට නැවත සේවයට පැමිණ තිබෙන අතර  එහිදී නිවසේ හිමිකාරිය සමග ඇති වූ බහින් බස් වීමක ප්‍රතිඵලයක් ලෙස  මෙම ඝාතනය සිදුකර ඇති බව  සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබෙන බව  විමර්ශන සිදුකරන පොලිසිය කීහ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන්  දීර්ඝ ලෙස ප්‍රශ්න කර අධිකරවෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  (11) දින   කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය



අදහස් (0)

බේරුවල කත මැරු සැකකරු මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site