IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජපානයෙන් ලංකාව⁣ට හිත පිරෙන්න තෑගි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට සිදු කළ ප්‍රදානයන් නිල වශයෙන් බාරදීම  ජනාධිපති කාර්යාලයේ දී අද(10) සිදු විය. 

හදිසි  ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන, පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩසටහන සහ ජාතික සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා මේ ආධාර ලැබී තිබේ.

ජපනයේ විදේශ  කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු  උප අමාත්‍ය කොමුරා මසාහිරෝ මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකි මහතා ද  මෙම අවස්ථාවට එක්ව සිටි අතර ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු නිලධාරීහු ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඊට එක් වූහ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා කීවෙි හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන (ERP) යටතේ හිමි වූ ජපාන ආධාර සෘජුවම ආර්ථික දුෂ්කරතා හමුවේ වඩාත් අවදානමට ලක් විය හැකි පවුල් වෙත ලැබීමට කටයුතු සළස්වා ඇති  අතර එමඟින් රට පුරා පවුල් එක්ලක්ෂ හතළිස් පන්දහසකට (145,000) ප්‍රතිලාභ ලැබී ඇති බවයි. 

මේ දක්වා ජපාන රජය විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන්  ආහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 7270ක්  ලබා දී ඇති බවත්, ඒ යටතේ  පාසල් ආහාර වැඩසටහන සදහා  රතු පරිප්පු ප්‍රදානය කිරීම සිදු වූ අතර එමගින් පාසල් ළමුන් නවලක්ෂ හැට දහසකට (960,000) ප්‍රතිලාභ ලැබී තිබෙන බවද සමරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (5)

ජපානයෙන් ලංකාව⁣ට හිත පිරෙන්න තෑගි

විජිතමුනි Tuesday, 10 October 2023 08:48 PM

පුළුවන් නම් ඔය පරිප්පු ටිකත් හොරා කාපල්ලා. සුනාමියෙන් ආපදාවට පත් වුණු පවුල්වලට දෙන්න එවපු පරිප්පු අවුරුදු ගාණකට පස්සේ පුස්කාලා හමුවුණා... රඹුක්කන සමූපකාර ගබඩාවකින්.... සුනාමිය ආපු දුර හිතාගත්තැහැකි නේද...?

:       5       31

ManojTuesday, 10 October 2023 11:46 PM

අනිවාර්යයෙන්ම, ඔය ආධාර ටිකට දෙනවා වැඩේ... අඩුම තරමේ සතොසට හරි විකුණනවා.

:       1       4

CHANDIMA Tuesday, 10 October 2023 11:30 PM

අලයි, පරිප්පුයි දීලා නේද? සාඩින් ටින් දුන්නේ නැතිද?

:       0       0

Lalla Wednesday, 11 October 2023 08:59 AM

හිඟමන ජීවනෝපාය සහ බෝකිරීම වෘත්තීය කරන්න ලංකාව මෙහෙය වූ බණ්ඩාරනායක ලොක්කාගෙන් පටන්ගත්තු දූෂිත සම්ප්‍රදාය දිගටම ක්‍රියාත්මක කළ අපේ හිටපු දූෂිත නායකයින්ට ශාප වේවා... දැන්වත් ජනගහනය පාලනය කර පවුල්වල බර අඩුකර ගන්න බලකරන ක්‍රමයක් ක්‍රියාත්මක වනලෙස රට වෙනසකට භාජනය විය යුතුයි...

:       1       3

Saman Thursday, 12 October 2023 01:09 PM

නොදකින්, හිගන්නන්ට වගේ පරිප්පු දෙන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site