
(නිමල කොඩිතුවක්කු)
පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මකව බැවින් සතා සිව්පාවා ගහ කොළ මෙන්ම මානව සම්පත ගැන දත්ත අතිශය වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වන ජීවීන් සම්බන්ධයෙන් කටයුතු කරන වන ජීවී දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් වර්ධනය විය යුතු බවත් හරිත ආර්ථික හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කතා කලාත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන්නේ නම් එහි වැඩක් නොැමැති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
මැත කාලයෙ සිට පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති ඇති උනන්දුව වැඩි වීම සුබවාදී බවත් වන අලි ගැටලුව වනජීවී පරිසර හා ස්වාභාවික සම්පත් පිලිබද ආංශික අධික්ෂණ කාරක සභාවට එක්වෙමින් ඔහු පැවසීය.
මේ පිළිබඳ තොරතුරු දත්ත සම්බන්ධයෙන් සොයන කණ්ඩායම් වැඩි වීම සුබවාදී කරුණක් වුවත් මෙම උනන්දුවට සාපේක්ෂව විෂය තුළ භෞතික හා මානව සම්පත් වර්ධනය වී ඇත්ද යන්න බරපතළ ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා කීවේය.
වසර 10 කට වඩා වැඩි කාලයක් ස්වේච්ඡා සේවකයන් ලෙස කටයුතු කරන පිරසක් මෙම දෙපාර්තමේන්තුවේ සේවය කරන බැවින් ඔවුන් ස්ථිර කළ යුතුබවත් ප්‍රේමදාස මහතා පැවසීය.
COMMENTS
ඔන්න ඔය විපක්ශ නායක කම කරන්න පුලුවන් කෙනෙක් ට දීල අයින් වෙයන් බන්. රටෙ මෙච්චර ප්‍රශ්න, මතිවරණ, බඩු ගනන්, ජල විදුලි ගාස්තු අහස උසට. මෙ මනුස්සය ඔහේ ඉන්නව.