
(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 8 වැනි තරගය ලෙස ශ්‍රී ලංකව සහ පාකිස්තානය අතර හයිඩ්‍රාබාද්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු නවයක් දැවී ලකුණු 344 ක් රැස්කිරීමට සමත් විය.
පාකිස්තානු පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 6.9 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 345 ක් රැස්කළ යුතුය.
කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 77 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 122 ක් රැස්කිරීමට සමත් විය.
මෙන්ඩිස් සිය තෙවවැනි එක්දින ශතකය පන්දු 65 කින් සම්පූර්ණ කළ අතර එය ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලෝක කුසලාන තරගාවලියකදී රැස්කළ වේගවත්ම ශතකය වේ.
කුමාර් සංගක්කාර 2015 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව පන්දු 73 කදී රැස්කළ ශතකය මීට පෙර වේගවත්ම ශතකය ලෙස පැවතුණි.
සදීර සමරවික්‍රම අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 108 ක් රැස්කරමින් සිය පළමු එක්දින ශතකය සටහන්කරගත් අතර සදීරගේ පන්දු 89 ක ඉනිමට හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය.
නායක දසුන් ශානක ඇතුළු මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් සාර්ථක වූයේ නම් ශ්‍රී ලංකාවට ලකුණු 360 කට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමේ අවස්ථාව තිබුණි.
ශ්‍රී ලංකා පිල අවසන් ඕවර 10 ට ලකුණු 61 ක් රැස්කළ අතර අවසන් ඕවරයට කඩුලු දෙකක් පිරිනමමින් ලකුණක් පමණක් රැස්කළේය.
පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් වේගවත් පිතිහරඹයක් ක්‍රියාත්මක කරමින් දෙවැනි කඩුල්ලට පන්දු 92 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
පැතුම් නිස්සංක පන්දු 61 කින් හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 51 ක් රැස් කළේය.
කුසල් පෙරේරා දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී ලකුණු නොලබා දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් විය.
ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක කාසියේ වාසිය ලබා පළමුව ලකුණු රැස්කිරීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 9 ට 344 (පැතුම් නිස්සංක 51, කුසල් මෙන්ඩිස් 122, සදීර සමවික්‍රම 108, ධනංජය ද සිල්වා 25, හසන් අලී 71/4, හැරිස් රවුෆ් 64/2)
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා පිල ලකුණු 344ක් රැස්කරයි