(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හමුවූ නිෂ්පාදන සමාගම්වල හිඟ බදු මුදල් ඔක්තෝබර් 30 වැනිදා වනවිට ගෙවා අවසන් නොකළහොත් එම සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදීය.
තමා සියලු සමාගම්වල ප්‍රධානීන් කැඳවා කරුණු විමසූ අවස්ථාවේදී අරක්කු බෝතල් මත ව්‍යාජ ස්ටිකර් අලවා තිබූ බව පිළිගත් නමුත් ඒවා ඇලවූ බව පිළිනොගත්තේ යැයි පැවසූ කොමසාරිස් ජනරාල්වරයා තමා ඔවුන්ගේ එම ප්‍රකාශ පිළි නොගන්නා බවද සඳහන් කළේය.
ස්ටිකර් මුද්‍රණය කරපු ස්ථානයක් සොයා ගත නොහැකි බවත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් ජයසිංහ මහතා කීවේය.
හිඟ බදු අයකර ගැනීම සඳහා ඊට අදාළ නීතිය ක්‍රියාත්මක කරන්නැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
මේ අතර ව්‍යාජ ස්ටිකර් සහිත බෝතල් විකුණුම් ස්ථාන 52 කින් සොයාගත් බව සුරාබදු කොමසාරිස්( අපරාධ ) චන්ද්‍රසිරි සිල්වා මහතා පැවසීය
ව්‍යාජ ස්ටිකර් සහිත කාලේ බෝතල් 59,000ක් සොයාගත් බවද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිඟ බදු නොගෙවන අරක්කු සමාගම්වල බලපත්‍ර තහනම්
de silva Wednesday, 11 October 2023 01:00 PM
බලපත්‍ර තනම් කරල පමනක් මදි , මෙහි හිමිකරුවන් අත්අඩංගුවට අරන් නඩු පවරල, හිරෙ දමන්න ඔනෙ , අනිත් මිනිස්සුන්ටත් පඩමක් ඉගෙන ගන්නත් එක්ක , මෙම අයතන වල නම් ප්‍රසිද කරන්න ,
සෙනෙවිරත්න Wednesday, 11 October 2023 02:26 PM
දෙකක් දුන්නනම් දැනගත හැකි අපිවගේ සාමාන්‍ය මිනිහෙක් ඔය හොරලියවිල්ලක් හැදුවොත්. කෝට්දාපු මහත්වරුන්ට එහෙම කරලා බැහැනේ...!