ලංකාව වාසනාවන්ත නම් ආර්ථික වර්ධනය 3.5% ට නගීවි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ආකාරයට ලංකාව වාසනාවන්ත නම්, ඉදිරි වසර කිහිපය ඇතුලත 3.5% ක ආර්ථික වර්ධන වේගයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වෙන “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය කරමින් අද (28) පැවසීය.