ලිට්රෝ සමාගමෙන් කෝටි 150ක් භාණ්ඩාගාරයට ලිට්රෝ ගෑස් සමාගමේ ලාභයෙන් රුපියල් බිලියන 1.5 ක් හෙවත් රුපියල් කෝටි 150 ක් මහා භාණ්ඩාගාරයට පිරිනමන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (20) පැවසීය. 20 July 2023
බලන්ගොඩ අනතුරින් පාසල් ළමුන් 3ක් ඇතුළු 6ක් රෝහලේ බලන්ගොඩ ඔිපනායක උඩවෙල ප්‍රදේශයේදි යුද්ධ හමුදා ගිලන් රථයක් සහ වෑන් රථයක් එකිනෙකට ගැටිමෙන් අද (20) සිදු වු අනතුරකින් පාසල් ළමුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි බලන්ගොඩ රෝහල් පොලිසිය පවසයි. 20 July 2023
පාසල් නොඑයි: විභාගයට එයි, ඒක ගැටළුවක් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු දරුවන් පාසල්වලට නොඒමේ බරපතළ ගැටලුවක් පවතින හෙයින් ඒ ගැටලුව වහා විසඳන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (20) ඉල්ලීමක් කළේය. 20 July 2023
එක්ස්ප්‍රස් පර්ල් වන්දි සාකච්ඡා ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක් නීතිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම, සිංගප්පූරුවේ එක්ස්ප්‍රස් පර්ල් ( X-Press Pearl) නෞකාවේ හිමිකරුගේ නීතීඥයන් සහ රක්ෂණකරුවන් සමඟ ඵලදායි සාකච්ඡාවක් කර ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි. 20 July 2023
සද මතුපිට පාපන්දු තරගයක් ලොව ජනප්‍රියතම ක්‍රීඩාව වන්නේ පාපන්දුය. 2035 වසරේ සඳ මතුපිට පාපන්දු තරගයක් පැවැත්වීමට ඉන්ජිනේරු තාක්ෂණ ආයතනයක් සූදානම් වෙයි. මෙම තරගය පැවැත්වෙනු ඇත්තේ සඳ මතුපිට ජනාවාස පිහිටුවීමට සමගාමීවය. 20 July 2023
’නිර්වින්දන ඖෂධ නැතිව කළුතර රෝහලේ සිසේරියන් සැත්කම් නැවතිලා’ සිසෙරියන් සැත්කම් කිරීම සඳහා අවශ්‍ය නිර්වින්දන ඖෂධය හිඟවීමෙන් කළුතර ශික්ෂණ රෝහලේ එම සැත්කම් නැවතී ඇතැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 July 2023
අඟුරුවාතොට මවක සහ දියණියක ආගිය අතක් නෑ අඟුරුවාතොට ඌරතුඩාව ප්‍රදේශයේ තරුණ මවක සහ ඇගේ මාස 11ක සිඟිති දියණිය අතුරුදන්ව ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි. 20 July 2023
උඩවලව බිංදුවටම හිඳෙයි උඩවලව ජලාශයේ පෝෂිත ප්‍රදේශට වැසි නොලැබීම නිසා එහි ජල මට්ටම සියයට හත දක්වා පහත වැටී ඇතැයි නේවාසික ව්‍යාපාර කලමනාකාර තාක්ෂණ සේවා තිලක් රණසිංහ මහතා පැවැසීය. 20 July 2023
කෙහෙළියට විශ්වාසභංගයක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංගයට අත්සන් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 July 2023
පැත්තකට වැස්ස:පැත්තකට පෑවිල්ල බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 July 2023
පාලනය කළ වසංගත රෝග තුනක් යළි ඇවිත් පාලනය කොට තිබූ වසංගත රෝග හයකින් තුනක් නැවත සමාජයේ පැතිරෙමින් පවතින බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 July 2023
ඩිල්මා ටී නිර්මාතෘ දිවියෙන් සමුගනී ඩිල්මා තේ හි නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා (93) දී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු තහවුරු කළහ. 20 July 2023
කිමිදුම්කරුවන් දුටු අමුතු මාළුවා කිමිඳුම්කරුවන් කණ්ඩායමකට හමුවුණු අමුතු මාළුවකුගේ වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් නාළිකා ඔස්සේත් දකින්න ලැබේ. 20 July 2023
එස්.ටී.එෆ් වෙඩි පහරින් වෙඩික්කරුවෙක් මරුට මිනුවන්ගොඩ ,හොරම්පැල්ල , මහගම ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටි පාතාල සාමාජිකයකු අද (20) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී පාතාල සාමාජිකයා පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 20 July 2023
වරාය වෘත්තිය සමිති සන්ධානය ‘විරෝධතා පෙත්සමකට’ අස්සන් කරයි වරාය වෘත්තිය සමිති සන්ධානය, සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල්වල්වලට හානියක් නොකිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ‘විරෝධතා පෙත්සම’කට අද (19) අස්සන් තැබීය. 19 July 2023
හරීන් ලංකාවේ ලස්සන ඕස්ට්‍රේලියාවට පෙන්වන්න යයි ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන්ගේ ප්රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියා ක්‍රිකට් සහ රග්බි නිලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බව සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 19 July 2023
ඊ.ටී.එෆ්. සහ ඊ.පී.එෆ් වෙනුවෙන් ඇඟලුම් සේවක සේවිකාවෝ පාරට අර්ථසාධක කොල්ලයට සහ ඊනියා කම්කරු නීති සංශෝධනය හකුළා ගන්නැයි බල කරමින් කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවක සේවිකාවෝ දැවැන්ත උද්ඝෝෂණයක් කටුනායක ඇවරියවත්ත නගරයේ දී අද සවස පැවැත් වූහ. 19 July 2023
ව්‍යාපෘති මඟ නතර කිරීමෙන් කෝටි 3000 ක පාඩුවක් තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ ආයතනය පසුගිය වසර 20ක කාලයේදී ව්‍යාපෘති අතරමග නතර කිරීම හේතුවෙන් රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය නෙරන්ජන් ගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ පැවසීය . 19 July 2023
ජී.එස්.පි. ප්ලස් 2027 තෙක් මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ ශ්‍රී ජී.එස්.පී ප්ලස් සහනය තවත් වසර හතරකින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කළේය. 19 July 2023
හොඳම ආයතන අතර රන් සම්මානය අගමැති කාර්යාලයට ඉහළ කාර්ය සාධනයක් පසුගිය 2020 වර්ෂයේ සහ 2019 වර්ෂයේ පෙන්නූ රාජ්‍ය ආයතන අතර පළමු තැනට පත්ව ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයයි. 19 July 2023
අධිකරණ සේවකයා නඩු භාණ්ඩ උස්සලා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ රාජකාරි නිරත කාර්යාල සේවකයකු ගංජා පාර්සල් දෙකක් සොරාගෙන රැගෙන යමින් සිටිය දී අද (19) අත් අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි. 19 July 2023
'සල්ලි ගිලින කොන්දොස්තරලා 35 ක දිනකට වැඩ තහනම් වෙනවා' බස් රථයේ එකතු වන මුදල් නොදීම හේතුවෙන් ලංකා ගමනා මණ්ඩලයේ (ලංගම) කොන්දොස්තර මහතුන් 35 කගේ පමණ දිනකට වැඩ තහනම් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (19) පැවසීය. 19 July 2023
සක්විති වරද පිළිගනී:කෝටි 10ක් ගෙවන්න පොරොන්දු වෙයි සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් කෝටි 16 1/2කට ආසන්න මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට රුපියල් ලක්ෂ 50 බැගින් වු කොටස් 20කින් මුදල් ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද නියම කළේය. 19 July 2023
රැකියා අහිමි වූ අයට රැකියා සොයාදෙන්න කමිටුවක් ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් යළි රැකියාගත කිරීම සඳහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කර ඇත. 19 July 2023
රන් මිල වේගයෙන් ඉහළට ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල ද අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 19 July 2023
පොලිසි දෙකක දඩ කොළ අතුරුදන් වෙලා දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානවල රථවාහන අංශයේ තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කරන පොත්ක් හා ඇඹිලිපිටිය පොලිසියේ තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත්කර පොතක පිටු අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි. 19 July 2023
අනියම් ඇසුර හෙළි වී මන්ත්‍රී ඉල්ලා අස්වෙයි සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා මහතා සිය ධුරයෙන් ඊයේ (18) ඉල්ලා අස් වී තිබේ. 19 July 2023
පියා පොලිසියෙන් බේරෙන්න, දරුවා ප්‍රාණ ඇපයට ගනී පොලිසියෙන් බේරිම සදහා සිය තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට තබා ගනිමින් අමානුෂික ලෙස දරුවාට කැපුම් තුවාල සිදු කළ පියකු මහත් පරිශ්‍රමයක් දරා අත් අඩංගුවටගත් බව මදුරන්කුලිය පොලිසිය කියයි. 19 July 2023
ගුවන්තොටේ සේවකයෝ විරෝධතාවක සිය වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ සේවක, සේවිකාවෝ පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ තුළදී අද පෙරවරුවේ විරෝධතාවයක් ආරම්භ කළහ. 19 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026