(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව( නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (7) 10.30ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ.
පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව ඉතා අඩු වියදමින් මෙන්ම සරල සහ චාම් අයුරින් පැවැත්වීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
මේ අනුව එම උත්සවයට ආචාර පෙළපාළි, ආචාර වෙඩි මුර, පෙර ගමන් රථ, ආරක්ෂක නිලධාරීන් එක පෙළට සීරුවෙන් සිටීම යනාදී විශේෂාංග කිසිවක් ඇතුළත් නොවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව පසුගිය මස 26 වැනිදා වාර අවසාන කරනු ලැබීය.
ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පසු දින දක්වා කල් තැබෙනු ඇත..
ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දින දෙකක විවාදයක් අනිද්දා(8) සහ 9 වැනිදා පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් එම පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද දිනයේ ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනා ආපු දවසේ ඉඳලාම කෙරුවේ ඔය දේවල් කල්තියන එකයි... විවෘත කරන එකයි විතරයි.
කවුරුවත් යන්න එපා... ඔය බොරු සංදර්ශන වලට...