බදුරලියේත් වෙඩි තැබීමක් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබිමකින් තරුණයකු තුවාල ලබා ඇතැයි බදුරලිය පොලිසිය කියයි 21 July 2023
තලවතුගොඩදී වෙඩි වැදුණු අය මරුට නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි. 20 July 2023
බෝට්ටුව පෙරළී සිවුදරු පියා මියයයි ධීවර කටයුතු සදහා මුහුදු ගොස් එමින් සිටීයදී ධීවර බෝට්ටුව අද (20) පස්වරුවේ පෙරලී පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනෙකු පිහිනා දිවිගලවාගෙන ඇති බව වාද්දුව පොලිසිය පවසයි . 20 July 2023
ථෙරවාදී බුදු දහම ලෝකයට ගෙන යනවා ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 20 July 2023
භාණ්ඩ 328 ක ආනයන සීමා ඉවතට ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 328 ක ආනයන සීමා ඉවත් කරමින් අද (20) මධ්‍යම රාත්‍රී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 20 July 2023
ඩොලර් කෝටි 150 ක ආයෝජන ඉලක්කයක් මෙම වසරේ විදේශ ආයෝජන ඩොලර් බිලියන 1.5 ක (ඩොලර් කෝටි 150) ඉලක්යක් ඇති බවත් මෙම වසරේ පළමු කාර්තුවේදී සක්‍රීය විදේශ ආයෝජන ලෙස ඩෙලර් මිලියන 211 ක් ලැබී ඇති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (20) පැවසීය. 20 July 2023
ලක්ෂ 80ක අම්බර් එක්ක දෙකක් මාට්ටු හම්බන්තොට යුද්ධ හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව රුපියල් ලක්ෂ 80ක් වටිනා අම්බර් කිලෝ 08ක් සමග සැකකරුවෝ දෙදෙනෙක් මාතර දෙවි නුවර ප්‍රදේශයේදී මාතර අපරාධ කොට්ඨාශ නිළධාරීන් විසින් අද (20) සවස අත් අඩංගුවට ගනු ලැබූහ. 20 July 2023
හයර් යන මුවාවෙන් ත්‍රීවීල් කොල්ල කෑ අයියා මලෝ තුනක් දැලේ කුලී ගමන් යන මුවාවෙන් ත්‍රි රෝද රථවල නැගී ගොස් ත්‍රි රෝද රථ රියදුරුගේ ගෙළට තියුණු ආයුධයක් තබා බියකර එම ත්‍රි රෝද රථ කොල්ලකෑමේ යෙදුණු එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු කොල්ලකෑ ත්‍රිෙරා්ද රථ තුනක් සමගින් අද (20) දින කඩුවෙල වැලිවිට දී අත් අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි. 20 July 2023
මහබැංකු පනත් කෙටුම්පත සම්මතයි ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 42 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 24ක් පමණි. 20 July 2023
ශිෂ්‍යාධාර ඉල්ලා රජරට සිසුහු මහා පාරට බසිති විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යාධාර නිසි පරිදි නොලැබිම හේතුවෙන් සිසුන් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ඇතැයි චෝදනා කරමින් රජරට සරසවියේ සිසුහු අද විරෝධතාවක නිතර වූහ. 20 July 2023
උ:පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට තවමත් බාධා අපොස උසස් පෙළ විභාගයේ (2022) පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට ගුරුවරුන් නොපැමිණීම හේතුවෙන් එම කටයුතුවලට තවදුරටත් බාධා ඇතිවී තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 20 July 2023
ජපාන සමුද්‍රීය ආරක්ෂක නෞකාවක් නිල සංචාරයක ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘සමින්ඩරි’ නැමැති නෞකාව නිල සංචාරයක් සඳහා අද (20) කොළඹ වරායට සේන්දු වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත්තේය. 20 July 2023
කැලණි සිසුහු විරෝධතාවක කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු පිරිසක් අද දහවල් උද්ඝෝෂණයක නිරත වූහ. 20 July 2023
ශිෂ්‍යත්වයට - උසස් පෙළට දින දෙයි 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 25 වැනි දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. 20 July 2023
පිරමීඩ් ජාවාරම පිටිපස්සෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා ඔන්මැක්ස් නැමැති පිරමීඩ ජාවාරමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. 20 July 2023
ලංකා සතොස කිරිපිටි රුපියල් 31 කින් අඩුවෙයි ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 31 කින් අඩු කළ බවත් ඒ අනුව සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක නව මිල රුපියල් 999 ක් බවත් ලංකා සතොස සභාපති බසඳ යාපා අබේවර්ධන මහතා නිවේදනය කරයි. 20 July 2023
බලපත්‍ර කොන්දේසි කැඩූ බස් රථ 58 ක් අත්අඩංගුවට ජාතික ගමනා ගමන කොමිසමේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කළ බස් රථ 58 ක් පසුගිය සතියේ අත්අඩංගුවට ගත් බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 July 2023
ටෙලිකොම් අධ්යක්ෂවරු සභාපති ඉවත් කරති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභා පති රොහාන් ප්‍රනාන්දු මහතා එම ධූරයෙන් ඉවත් කර තිබේ. 20 July 2023
බොරු සාක්කි දෙන්න අල්ලස් ගත් එස් අයි ට වැඩ වරදී ගිරිඋල්ල පොලිස් වසම තුළ රථවාහන අනතුරක් වෙනුවෙන් කුලියාපිටිය දිසා අධිකරණයේ පවරා තිබූ වන්දි නඩුවක් සඳහා අසත්‍ය ලෙස පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂියක් ලබාදීමට රුපියල් දසදහසක අල්ලසක් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයකු අල්ලස් හා දූෂණ මර්ධන කාර්යාංශය මගින් අද(20) අත්අඩංගුවට ගෙන ඇතැයි පන්නල පොලිසිය කියයි. 20 July 2023
ඌව වෙල්ලස්ස සරසවි සිසුන් 14කගේ ශිෂ්‍ය භාවය අහෝසි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2 සහ 3 වසර පීඨවල සරසවි සිසුන් 14 ගේ ශිෂ්‍ය භාවය අද (20) සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අහෝසි කල බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය ආරංචි මාර්ග පවසයි . 20 July 2023
රුපියල අදත් බාල්දුවෙයි ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. 20 July 2023
ඝනපූර්ණය නැතිව මැතිසබේ කටයුතු නවතී මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වෙන අතරතුරේදී සභාවේ ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි දහයකට පමණ අද (20) පස්වරුවේ නතරවිය. 20 July 2023
‘ඩිජිටල් ආර්ථිකය 2030’ ඔක්තෝබර් එළි දක්වයි ශ්‍රී ලංකා පරිගණක සංගමය සංවිධානය කරන 41 වැනි වාර්ෂික ‘ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය’ට සමගාමීව ශ්‍රී ලංකා ආර්ථිකය තොරතුරු තාක්ෂණය ඔස්සේ පණ ගැන්වීමේ ‘ඩිජිටල් ආර්ථිකය 2030’ ප්‍රතිපත්ති මාලාව සහ වැඩසටහන කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී ලබන ඔක්තෝබර් මස 11 වැනිදා එළිදක්වන බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති ආචාර්ය අජන්ත අතුකෝරළ මහතා අද (20) පැවසීය. 20 July 2023
ජනාධිපති ලේකම් ධුරයේ වැඩ බලන්න කාන්තාවක් වැඩබලන ජනාධිපති ලේකම්වරිය ලෙස චාන්දනී විජේවර්ධන මහත්මිය පත්කර තිබේ. 20 July 2023
‘ශ්‍රී ලංකාවේ බංකොලොත්බව සැප්තැම්බරයේ ඉවරයි’ ශ්‍රී ලංකාව ලබන සැප්තැම්බර් මාසයේදී බංකොලොත්භාවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණු රටක් බවට පත් වන්නේ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 July 2023
නව මහ බැංකු පනතට අරමුණු දෙකක් නව මහ බැංකු පනත සම්මත වූ පසුව රට බංකොලොත් වුවහොත් ඊට වගකිව යුත්තේ කවුදැයි නිශ්චිතවම හඳුනා ගන්නට හැකියාව ලැබෙන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මහ බැංකු පනත පිළිබඳ විවාදය අරඹමින් පාර්ලිමේන්තුවේදී අද (20)පැවසීය. 20 July 2023
කිව්.ආර් නැතැයි පවරාගත් ඉන්ධන හල් වලින් කිව්.ආර් නැතුවම තෙල් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ගිවිසුම උල්ලංඝණය කළේ යැයි පවරාගෙන එම සංස්ථාව පවත්වාගෙන යන රාජගිරිය සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් දෙකක් කිව්.ආර්. කේතය භාවිත නොකර ඉන්ධන නිකුත් කරන බව සෙසු ඉන්ධන පිරවුම්හල් හිමියෝ චෝදනා කරති. 20 July 2023
ජනපති ඉන්දියාවට යයි ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. 20 July 2023
පාකිස්තානය පළමු ටෙස්ට් තරගය ජයගනී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පාකිස්තානය කඩුලු 4 ක ජයක් ලැබීය. 20 July 2023
ලිට්රෝ සමාගමෙන් කෝටි 150ක් භාණ්ඩාගාරයට ලිට්රෝ ගෑස් සමාගමේ ලාභයෙන් රුපියල් බිලියන 1.5 ක් හෙවත් රුපියල් කෝටි 150 ක් මහා භාණ්ඩාගාරයට පිරිනමන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (20) පැවසීය. 20 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026