IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දයා සඳගිරි සජබෙට එක්වෙයි

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක් විය.

සමුද්‍රීය හා නාවුක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් එතුමාට ඇති හසල දැනුම හා පළපුරුද්ද නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒ මහතාව සමගි ජනබලවේගයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගත්තේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මෙම හමුව සඳහා සමගි ජල බලවේගය මහලේකම් රංජිත් මදුමබණ්ඩාර, හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (16)

දයා සඳගිරි සජබෙට එක්වෙයි

චන්දන Wednesday, 07 February 2024 12:41 PM

මාෂල්තුමාගෙන් අහලද ගත්තෙ? බලාගෙන!

:       228       81

සාලිය​ Wednesday, 07 February 2024 12:58 PM

අනුරලා කරන දේ කොපි කරනවාට වඩා ප්‍රතිපත්තියක්, දර්ශනයක් නැති බව පැහැදිලියි.

:       254       188

Aravinda Monarawila Wednesday, 07 February 2024 01:03 PM

පව් සජිත් මහත්තයා ,අනුර කුමාර කරන දේවල් අනුකරනය කරන්න ගිහිල්ලා පක්ෂයත් නැතිවෙනවා

:       343       299

මහසෙන් Wednesday, 07 February 2024 01:42 PM

සඳුදා රෑත් ෆොනී මහත්තයා තමන්ගේ මහන්තත්ත කමගැන මොනවදෝ පුරසාරම් දෙඩෙව්වා! එයාට දැන් එයාගේ පක්ෂය සලකන්නේ ලොම් හැලිච්ච, දත් නැති සිංහයෙක් ගාණට.. මේ වෙන්න ජනාධිපති ගැන නම් කියන්න තියෙන්නේ මේ සිඟිති මානසිකත්වය මෙන්ම ෆොනීටත් වඩා තමන් ගැන අධි තක්සේරුවෙන් ඉන්න ඔයා නම් මේ රටේ ජනාධිපති වෙන්නෑ. ඒක ස්ථිරයි! තීන්දුයි! කැපයි!

:       287       226

නිලන්ත Wednesday, 07 February 2024 02:37 PM

පව් මාලිමාව... ෆේක් එකවුන්ට්ස් හදාගෙන අනිත් පක්ෂවලට මඩ ගහනවා...!

:       20       207

Vithana Wednesday, 07 February 2024 02:02 PM

යුද්දෙට බයේ හමුදාවෙන් පැනලා ගිය කට්ටිය මාලිමාවට යනවා... සැබෑ රණවිරුවෝ සජබෙට යනවා.

:       161       289

අරවින්ද මොනරවිල Wednesday, 07 February 2024 02:48 PM

ඒක ෆොන්සේකා දයා රත්නායකට දූන්නු සහතිකයෙන්ම පැහැදිලි වෙනවා "මම එයාට දුන්නේ කඳවුරුවලට බඩු බෙදන්න වගේ වැඩ" කියලා කිව්වාම...

:       45       9

ABARAN Wednesday, 07 February 2024 03:22 PM

හමුදාවල අය යුද විද්‍යාවේ දක්ෂයෝ... නමුත් දේශපාලනයේදී නොවෙයි. උදාහරණ එමටයි. ඒ නිසා මේ අය පක්ෂවලට එකතු වුණා කියලා එයාලාගේ ගෙවල් වල ඡන්ද දෙක තුනක් පමණයි... එම පක්ෂවලට ලැබෙන්නේ... අනික මේ අයගෙන් සමහරු තමන්ගේ නිලබලය යුතු ලෙස භාවිතා කරමින් රජයේ දේපල අවභාවිතා කළ බවටත් චෝදනා තියෙනවා. එනිසා කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනවා...

:       37       16

Sana Wednesday, 07 February 2024 04:10 PM

යුද්ධය විකුණාගෙන කෑවා කියලා පිරිසක් තව පිරිසකට චෝදනා කරනවා. විශ්‍රාමික හමුදා සාමාජිකයින් එකතුකර අපි ළඟ තමයි වැඩිපුර යුධ වීරයෝ ඉන්නේ කියලා පෙන්වන්න දැඟලීමත් යුද්ධය විකුණගෙන කෑමේ තවත් ක්‍රමයක් තමයි මිත්‍රයා. මහා ලොකු විරුවෙක් ඇවිත් කරපු හැටි මතක්වෙන්කොට තවමත් ඇඟ හිරිවැටෙනවා...!

:       0       4

Gunasena Wednesday, 07 February 2024 04:15 PM

විශ්‍රාමික සෙන්පතියෝ ඇවිත් වෙළෙන්ඳන්ගේ කනට ගහලා බඩුමිල පාලනය කළ හැටි අපිට මතක්වෙනවා...!

:       1       4

Prabha Wednesday, 07 February 2024 04:45 PM

මේ අර ඇවන්ගාඩ් එකේ වැඩකරන කෙනා නේද?

:       2       4

පිටරැටියා Wednesday, 07 February 2024 05:04 PM

පක්ෂෙට එකතු වුණා විතරයි තනතුරකුත් දීලා? තවත් ඔය වගේ කට්ටිය පෝලිමේ එයි වගේ...?

:       1       2

ලුම්බිණි Thursday, 08 February 2024 05:56 AM

සජිත් කියන්නේ ඕනෑම කුණු ගොඩක් ගන්න මිනිහෙක්.

:       0       0

chandima Thursday, 08 February 2024 06:22 AM

නිකන් ටින් කිරි නාගන්න හදනවා .කට්ටියටම ඒ පැත්තට ගිහින් ජවිපෙ චන්ද කඩලා දෙන්න කියලා වගේ ?

:       0       0

Perera Thursday, 08 February 2024 06:53 AM

වාහනේට නැගගට ඕක පනගන්වලා ගමනක් යන්න එන්ජිමක් නැහැ නේ

:       0       0

Thaaraka Thursday, 08 February 2024 08:13 AM

දයා සදගිරිට රාහුගේ හා සෙනසුරුගේ අපලයක් ලබලද කියලා හිතෙනවා ගිහිල්ලා තියෙන තැනත් සමගි ,සජිත් ප්‍රේමදාස සෙනසුරු කේතුගේ අපල .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site