(සූරියවැව දිලීප්ජ යසේකර)
අනියම් සබධතාවයක් මත ඇති වු ආරවුලක් හේතුවෙන් සූරියවැව පෝල්පහ ප්‍රදේශයේදි දෙදරු මවක කපා කොටා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන තිබූ තිදරු පියාගේ සිරුර සූරියවැව බැද්දෙවැව ප්‍රදේශයේ ගසක එල්ලෙමින් තිබියදී අද පෙරවරුවේ සොයා ගත් බව සූරියවැව පොලිසිය පවසයි.
මෙලෙස ගෙළවැළලාගෙන සියදිවි නසාගෙන ඇත්තේ සූරියවැව බැද්දේවැව පෝල්පහ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි තිදරු පියෙකි.
සූරියවැව පෝල්පහ ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි දෙදරු මවකගේ හිස ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පැවැත් වු අතර එහිදී අනාරවරණ වී තිබුණේ මියගිය කාන්තාව හා සැකකරු අතර කලක් තිස්සේ අනියම් සබධතාවයක් මෙම ඝාතනයට හේතු විය හැකි බවයි.
සැකකරු සිය අනියම් බිරිය ඝාතනය කිරිමෙන් පසු ඒ පිළිබදව සූරියවැව පොලිසියටද දුරකතන ඇමතුමක් ලබා ප්‍රදේශයෙන් පළාගොස් තිබුණි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනියම් ඇසුර දරුවන් පහකට මව් පිය සෙනෙහස අහිමි කරති