IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දියාවේ උත්සහය කඩිනමින් ආධිපත්‍ය පැතිරවීමයි

(යොහාන් භාසුර)
ඉන්දියාවේ උත්සහය කඩිනමින් ශ්‍රී ලංකාව තුළ එරට දේශපාලන සහ ආර්ථික ආධිපත්‍ය පැතිරවීම බවත් එයට ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ අද වන විට ගැතිකම් කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.  
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
ඉන්දියාවේ වුවමනාව මෙරට පත්ව සිටින තීව්‍ර ආර්ථික අර්බුදය යොදාගෙන එට්කා ගිවිසුම ද අත්සන් කරවාගෙන ශ්‍රී ලංකාව තුළ සිය දේශපාලන සහ ආර්ථික ආධිපත්‍ය පතුරුවාලීම බවත් ඊට අද ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ ගැතිකම් කරන හෙයින් ඔවුන් ද මෙම සැබෑ අනතුර පෙන්වා නොදෙන බවත් ඒ මහතා කීය.
‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ ලංකාවට උගන්වනු ලැබූ දේශපාලන පක්ෂය ද අද නිහඬව සිටින්නේ ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමේ ඉන්දියානු ක්‍රියාන්විතයේ ඔවුන් ද ඉතා ප්‍රබල සාමාජිකන් නිසා බව ද වීරවංශ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (12)

ඉන්දියාවේ උත්සහය කඩිනමින් ආධිපත්‍ය පැතිරවීමයි

Gulliver Wednesday, 07 February 2024 11:19 AM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       39       32

රංබොඩ Wednesday, 07 February 2024 11:35 AM

මේ කතාව නම් සත්‍යයක් . ඉන්දියාව කියන්නෙ මිනිසුන් බෝ කරලා කරලා ලෝකෙ හැම රටකටම පටවලා වාතයක් වෙලා තියෙන රටක්.

:       14       43

Karunajeewa Wednesday, 07 February 2024 11:59 AM

ඉත්තෑවෝ නලියනවා වගේ, NPP නායකයා ට ඉන්දියාවෙන් ලැබුන ආරාධනාවට එහෙ ගියාම.. මැක්කන්ට බල්ලෙක් හොයා ගන්න බැරිවුනාම ඔහොම තමයි..

:       34       39

ජගත් Wednesday, 07 February 2024 12:03 PM

වහාම ඉන්දියානු භාණ්ඩ හා සේවාවන් භාවිතයට ගැනීම අත්හල යුතුයි.

:       8       28

Muthu Wednesday, 07 February 2024 12:10 PM

චී... මේ වගේ ගොන් කතා වටිනා පත්තරේක දාන්න වත් එපා.....

:       26       31

Rata Perata Wednesday, 07 February 2024 12:50 PM

ඒත් මෙයා වහලා ඉන්න බල්ලා ඉන්දියාවේ නෙමෙයි මොන ලෝකේ ගියත් කමක් නෑ තමුන්ට හොරකම් කරගන්න පුළුවන් නම්

:       20       30

Christopher H.T Wednesday, 07 February 2024 02:01 PM

විමල්ට වැලේ වැල් නැතිව ඉන්න වෙලාවේ, මාලිමාව ආවොත්, කම්බි කූරු ගණන් කරන්න වෙනවා කියලා හිතෙනවා ඇති..?

:       23       25

Vithana Wednesday, 07 February 2024 02:10 PM

ඉන්දියාව හිතන්න නැතුව ඇති අනුර කුමාර කියන්නේ මෙච්චර නිවට නියාලු ලේසියෙන් රවට්ටන්න පුළුවන් කෙනෙක් කියලා. ඒත් ඇමරිකානු තානාපතිනිය ඉස්සරහ දෙකට නැවුණු නැවිල්ලෙන් එයාලත් මොකක් හරි අදහසක් ගන්න ඇති. ඒ කෙසේවෙතත් මීට පස්සේ නම් අනුර කුමාර ඉන්දියානු ආයෝජකයින්ට බනින කන්දොස්කිරියාවෙන් බේරිලා ඉන්න පුළුවන්.

:       18       56

Prabha Wednesday, 07 February 2024 03:29 PM

අනුර ඉන්දියාවේ ගියාට මොකද ඔක්කොමලා කලබල වෙලා. මෙයාලා විදිහට npp එකට තියෙන්නේ සියයට 3 නේ... ඒකෙන් කොහොමද ආණුඩු බලය ගන්නේ...!

:       1       16

Kithsiri Wednesday, 07 February 2024 04:06 PM

මෙයා මොකටද මේ කුලප්පු වෙලා. මේ ගොල්ලන්ගේ හැබෑ ස්වභාවය එළියට එන්නේ මේ වගේ අවස්ථාවලදී. මෙයා කරන්නේ කොන්ත්‍රාත්කාරයාගේ භූමිකාවද, සැබෑ ඉරිසියාකාරයාගේ ජවනිකාවද?

:       2       10

ගමේ එකාලා Wednesday, 07 February 2024 05:17 PM

තමුන් කවුද කියන එකත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මහින්දගේ සාටකේ එල්ලිලා ගොඩගිය හැටි, කියපු කරපු දේවල් දන්නෝ හොඳාකාරවම දන්නවා. ජනතාව ගොනාට අන්දවන්න හැදුවාට වැඩක් නැහැ...

:       2       9

Perera Thursday, 08 February 2024 04:20 AM

මේකාගේ උත්සාහයත් ඕකම තමයි .කාගේ හරි ඇඟේ එල්ලිලා ආපහු ඇමතිකමක් අරන් හිතේ හැටියට මාටියා ගහන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site