(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ  පද්මසිරි ගාර්දියවසම්     )

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ  පුද්ගලයකු බෙලිඅත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

සැකකරු නීතිඥ නීතිඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.  2024 ජනවාරි 24 වෙනි දින මෙම ඝාතනය සිදුවිය.

අත්අඩංගුවට ගත් සැකකරු විසි හතර හැවිරිදිඹුල් ගොඩ අකුරැස්ස පදිංචිකරුවෙකි.බෙලිඅත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි. මොහු ඝාතනය සදහා යොදාගත් ගිණිඅවි කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය ආච්චිගේ නිවසේ සගවා තබා පසුව එම ගිණිඅවි කඹුරුපිටියේ සිට ගාල්ල කරාපිටිය ප්‍රදේශයට රැගෙන යාමට සහායවූ සැකකරුවෙකු බව පොලිසිය පවසයි .