
(අංජුල මහික වීරරත්න)
කජු වගා කිරීමේ දී ගැම්බියාව යොදා ගන්නා වගා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට ශ්‍රී ලංකාවේ ගැම්බියානු තානාපතිවරයා සහයෝගය පළ කර තිබේ.
ගැම්බියාව ශ්‍රී ලංකාව මෙන් කෘෂිකාර්මික වශයෙන් කුඩා රටක් වුවත් රටකජු, කජු ආදී වගා රැසකින් ස්වයංපෝෂිත වී ඇතැයි ශ්‍රී ලංකාවේ ගැම්බියානු තානාපති මුස්තාපා ජවාරා මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ පැවසීය.
ගැම්බියාවේ වගා කරන කජු ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කර විශාල ආදායමක් උපයන බවද තානාපතිවරයා සදහන් කළේය.ගැම්බියාවේ ගංගා ඉවුරු දෙපස බහුල වශයෙන් කජු වගා කර ඇති බවත් ඔහු කීය.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි මෙරට කජු වගාවේ පසුබෑමක් වීමට හේතුව වැඩි අස්වැන්නක් ලබා දෙන නව කජු විශේෂ හඳුනා ගැනීමට පියවර නොගැනීම බවයි. එමනිසා ගැම්බියාවේ කජු වගා තාක්ෂණය යොදා ගැනීම සඳහා තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ගැම්බියානු තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැම්බියාවේ ක්‍රමයට කජු වවන්න යයි
බද්රානි Wednesday, 07 February 2024 03:40 PM
ස්වභාව ධර්මයේ ශාපයට ලක්වී ඇති මේ භූමියට ලෝකයේ මොන තාක්ෂණය ගෙනාවත් ඵලක් නැහැ... අනික ඉතින් කජු වර්ග රාශියක් පොකුරු පිටින් වැවුණු රටේ දැන් කජ්ජක් පැලකරගන්න අනුන්ගේ තාක්ෂණය හොයනවා කියන්නේ මේ නින්දිත කාපාලු ජාතිය ගැන ආයේ කවර කතාද..? අර මැදපෙරදිග කාන්තාරය අද තිබෙන හැටි බලලා වත් යමක් ඉගෙන ගන්න අඥාන මිනිසුනේ...!
පාඨකයෙක් Wednesday, 07 February 2024 04:09 PM
ශ්‍රී ලංකාවේ කජුවලට ජාත්‍යන්තර වෙළඳපලේ ඉහළ ඉල්ලුමක් තිබීමට ප්‍රධානම හේතුව වන්නේ එම කජුවලට ආවේණික කිරි රසයයි. එබැවින්, ඵලදාව වර්‍ධනය කරගැනීමට අවශ්‍ය කරන භෞතික සාධක දියුණු කරගත හැකි ක්‍රමවේද පමණක් ලබාගැනීමට අවධානය යොමුවිය යුතුයි. නැතහොත්, දැනට දේශීය වෙළෙඳපොලේ තිබෙන නීරස දෙමුහුන් වට්ටක්කා, කොමඩු ආදිය මෙන් වනු ඇත. ඉන්පසුව, වැඩි කලක් ගතවීමට පෙර, නියම ලාංකීය කජු රසය තිබෙන කජු මදයක් "බෙහෙතකට වත්" සොයාගැනීමට නොහැකි වනු ඇති බවට පුරෝකථනය කළ හැකියි.
Kumar Wednesday, 07 February 2024 11:59 PM
වසර 30කට වැඩි කලක් ඇමරිකාවෙ වාසය කරන අපට ලංකාවෙ කජු සොයාගන්න තවම බැරිවුනා. වියට්නාමයේ කජු රාත්තලක් $7.00 ගන්න ඕනෑ තරම් තියෙනව.
Walebofa Friday, 09 February 2024 01:30 PM
Amaraweera karana kisima krushikarama wedak saarthaka wela nehe