IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සජබෙ කොටසක් මැතිසබය වර්ජනය කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් අද (7)වර්ජනය කිරීම විශේෂ සිද්ධියක්  විය.

පාර්ලිමේන්තුව ආරම්භයේදී සභාගර්භයට පැමිණ සිටි විපක්ෂ නායකවරයා ඇතුළු සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන්  පිරිසක් ජනාධිපතිවරයා කතාව පැවැත්වීම ආරම්භ කිරීමත්  සමග සභාගර්භයෙන් පිටව යනු දැකගත හැකිවිය.

විපක්ෂ නායකවරයා ඇතුළු සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කොටසක් සභාගර්භයෙන් එසේ පිටව ගියද රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, ෆිල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා,ඉෂාක් රහුමාන් , වඩිවෙල් සුරේෂ්, ඒ.එච්.එම් ෆවුසි සහ  ෆයිසල් කාසිම්   ඇතුළු  සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු  දස දෙනෙක්  සභාගර්භයේ දිගටම රැඳී සිටියහ.

ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම, කතා කිරීමේ නිදහස නැති කිරීම,සාමකාමී උද්ඝෝෂණයන්ට ප්‍රහාර එල්ල කිරීම සහ  ජනතාව මත අධික ජීවන බරක් පටවා තිබීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන ජනාධිපතිවරයාගේ කතාව මෙසේ වර්ජනය කළ බව සමග ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසීය.

මේ අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි  අමරසූරිය මහත්මිය පමණක් ජනාධිපතිවරයා කතාව ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගී වූවාය.



අදහස් (4)

සජබෙ කොටසක් මැතිසබය වර්ජනය කරයි

සෙනෙවිරත්න Wednesday, 07 February 2024 01:15 PM

දැන් හරිනිට පමණක් බනිමු.

:       2       9

අරවින්ද මොනරවිල Wednesday, 07 February 2024 01:28 PM

ලාහෙට ගෙම්බො එකතු කරන පුතාණෝ, දැන් බලන්න සිදුවී ඇති දෙය, එකෙක් අල්ලාගෙන ඇතුළට දාගන්නා විට ඇතුලේ අය දෙන්නෙක් එළියට පැන ඇත...!

:       3       9

Welgama Wednesday, 07 February 2024 01:51 PM

හරින්ගේ ජනප්‍රියතාවයත් දැන් අඩුවේගෙන යන්නේ...!

:       13       9

Sharm Thursday, 08 February 2024 06:11 AM

සොම්බියගෙ මානසික රෝගය තමයි ඔය රාජාසන කතා..කියන ගොබ්බ කතා එයාටම මතක නෑ.. කිසි වගකීමකුත් නෑ රට විකුණන එකට එහා දෙයක් කරන්නෙත් නෑ .. මමයි රජා කියලා හිත හදාගන්න එක තමයි.. වරෙන්කො ඡන්දෙට..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site