
(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)
මොරගල්ල මුහුදේ දියනාමින් සිටි රුමේනියා ජාතික සංචාරකයෙකු අද (07) දහවල් දියේගිලී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මොරගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි නිස්ටොරෙස්කූ ටීඩෝර් නමැති 71 හැව්රිදි රුමේනියානු ජාතිකයෙකු බව පොලිසිය සදහන් කරයි.
මියගොස් ඇති රුමේනියානු සංචාරකයා මොරගල්ල සංචාරක හෝටලයක රැදී සිට ඇති අතර, එම හෝටලය ආසන්න මුහුදේ දියනාමින් සිටියදී අනතුර සිදුව ඇති බව සදහන් වේ.
ඔහු ගොඩගෙන බේරුවල ප්‍රදේශිය රෝහලට රැගෙනවිත් ඇති අතර, ඒ වනවිටත් මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මෘතදේහය බේරුවල ප්‍රදේශයේ රෝහලේ තැන්පත් කර ඇති බවත්, පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිත බවත් සදහන් වේ.
(ඡායාරූපය: සුමිත් පොතුපිටිය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd