
(අංජුල මහික වීරරත්න)
මෙම වසර අවසන් වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.
රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරලීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කර ඉදිරියට ගෙන යා යුතු බව ද අලි සබ්රි මහතා කීය.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට ධීවර, සංචාරක, කෘෂිකර්ම හා පුනර්ජනනීය බල ශක්ති පිළිබඳ ආයෝජන විශාල සංඛ්‍යාවක් ලැබීමට නියමිත බවද විදේශ අමාත්‍යවරයා කීය.
ලෝකයේ රටවල තිබෙන විශාල වෙළෙඳ පොළවල් සමඟ ගනුදෙනු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමට හැකියාව තිබෙන්නේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය නඩුවලින් බේරගත්තා වගේ ඊළඟට රනිල්වත් බේරගන්න වෙයි...
රනිල් හොඳ නැහැ කියලා නේද ගෝඨාභය ජනාධිපති කළේ. දැන් රනිල් හොරාගේ වැඩ පිළිවෙල ශක්තිමත් කරන්න හදනවා. ලැජ්ජයි සබ්රි ලැජ්ජයි...!
මොවුන්ට වුවමනා රටේ නිශ්පාදන හා සේවා ආර්ථිකය විනාශ කරලා දාන්න... ලෝකය හතර වටේම රටවල් එක්ක ගිවිසුම ගහලා රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතන අමන නරුම පාලකයෝ මේඅය...
මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා දෙයක් ඊට පස්සේ නැහැ... අපි හොඳ බඩු නිපදවලා වෙළෙඳ ගිවිසුම් තියන රටට... ඒ රටේ හැදුවා වගේ වැඩි මිලකට, අපෙන් අඩුමිලකට ගත්තු භාණ්ඩය විකුණනවා. මේක තමයි වෙළෙඳ ගිවිසුම්වල සැඟවුණු ක්‍රියාව...
මෙවැනි ගිවිසුම්වලින් බොහෝවිට අකාර්යක්ෂම ආර්ථිකයන්ට සිදුවන්නේ පාඩුවක්... හොඳට අධ්‍යයනයක් නොකර ගහන ගිවිසුම්වලින් පාඩුව අපිටමයි.