වෙන්නප්පුවේ සිට කල්පිටිය දක්වා වෙරළ කළු වේ වෙන්නප්පුව සිට කල්පිටිය දක්වා වෙරළ තිරයේ කළු පැහැති තාරෙවලට සමාන යම්කිසි අපද්‍රව්‍යයක් ගොඩ ගසා ඇතැයි ධීවරයෝ චෝදනා කරති. 18 July 2023
‘‘පාර්ලිමේන්තුව බලය පාවිච්චි කර නෑ‘‘ වියදම් පාලනයේ දී මෙන්ම රාජ්‍ය මූල්‍ය සම්බන්ධව මූලික වගකීමක් පැවරෙන පාර්ලිමේන්තුව එම බලය නිසි ලෙස භාවිතා නොකිරීම රටේ වත්මන් මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18)පැවසීය . 18 July 2023
පාසලේ පාටියේදී විනය බාර හිමිනමට හොඳටම වෙරි මහියංගනය මැදයායේ පාසලක විනය බාර ගුරු හාමුදුරුවන් අතුළු ගුරුවරුන් තිදෙනකු සාධයක් පවත්වා අධික ලෙස මත්වී සිටියදී සොයාගත් බව මහියංගනය පොලිසිය කියයි. 18 July 2023
දේශීය ආදායම් පනතට සංශෝධන දේශීය ණය ප්රශස්ත කරන ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා සේවක අර්ථසාධක අරමුදල ,සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, විශ්‍රාම වැටුප් අරමුදල හෝ පාවිච්චි කර මුදල් සහ ඒ හා සමාන අරමුදල් විසින් භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් උපයනු ලබන ආදායම මත වන ආදායම් බදු අනුපාතය වෙනස් කිරීම පිණිස 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට අදාල සංශෝධනය හඳුන්වාදීම සඳහා 2023.6.28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 18 July 2023
මව් කිරි දී ලෝක වාර්තාවක් තබයි එළිසබෙත් ඇන්ඩර්සන් සියේරා නම් ඇමෙරිකානු ජාතික දෙදරු මවක් තම මව් කිරි පරිත්‍යාග කරමින් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.වසර තුනක කාලයක් තුළ මව් කිරි ලීටර් 1599.68 ක් පරිත්‍යාග කරමින් එළිසබෙත් මෙම ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වී තිබේ. 18 July 2023
ආගමික සහයෝගයට ඉන්දියාව සමඟ ගිවිසුමක් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ සබඳතාවය ශක්තිමත් කිරීමේ නව ගිවිසුම් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 July 2023
නව බන්ධනාගාර පරිපාලන පනතක් හඳුන්වා දෙයි නව බන්ධනාගාර පරිපාලන පනතක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 July 2023
ජල බිලත් වැඩිවේ විදුලිය බිල වැඩි කිරීමට සාපේක්ෂව ජල ගාස්තුද වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 July 2023
ගුවන් යානය වහළත් අරන්ම යයි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීම සදහා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් , හදිසියේම යළිත් ඉහළට එසවීම නිසා පහළින් තිබූ නිවාස සහ දේපොළ රැසක් විනාශ වී ඇතැයි මීගමුව දිසාගෙවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෝ පවසති. 18 July 2023
ප්‍රීමා පිටි මිල බස්සයි ප්‍රිමා තිරිගු පිටි සමාගමේ නිෂ්පාදිත තිරිගු පිටි කිලෝවක මිල (18) දින සිට රු 10 කින් අඩු කළ බව එම සමාගම නිවේදනය කර ඇත. 18 July 2023
ජනපති රටේ ජනතාව අමාරුවේ දමා නෑ පෞද්ගලික දේශාපලන අභිලාශ වෙනුවෙන් කිසිම විටක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ජනතාව අමාරුවේ දමා නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 18 July 2023
බතලගොඩ දොර දෙදිනක් ජනතාවට ඇරෙයි බතලගොඩ වී පර්යේෂණ ආයතනය හෙට (19) සහ අනිද්දා (20) ජනතාවට නැරඹීම සඳහා විවෘත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය පවසයි. 18 July 2023
මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීම නතර කළ යුතුයි මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ පැවැත්වීම සඳහා බලයක් ලැබී තිබෙන වෙලාවක එම මැතිවරණ කොමිසම තේරීම් කාරක සභාවක් හරහා විමර්ශනයට ලක් කිරීම ප්රජාතන්ත්රවාදී කර්තව්‍යයක් නොවේයැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 July 2023
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සම්බන්ධ කරුණු විමර්ශනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමෙන් පාර්ලිමේන්තුවේ අද ( 18) උණුසුම් තත්වයක් ඇතිවිය. 18 July 2023
ගොවීන්ට පැරචුට් ගන්න ආණ්ඩුවෙන් සල්ලි ලබන මහ කන්නයේ දී පැරචුට් තැටි මිල දී ගැනීමට ගොවීන්ට සියයට 75ක සහනාධාරයක් රජයෙන් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 18 July 2023
කැලණි පාලමේ ඇණ ගැලවීම ගැන සී.අයි.ඩී පරීක්ෂණයක් කැලණි පාලමේ කෝටි විසි අටක ඇණ ගලවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 July 2023
බාල ඖෂධ කඩිනමින් ඉවත් කරන්න රට පුරා රෝහල්වල ඇති බාල ඖෂධ කඩිනමින් භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් පැවසීය. 18 July 2023
ඌව වෙල්ලස්ස සරසවියේ සිසුහු දෙපිරිසක් ගහගෙන ඌව වෙල්ලස්ස සරසවියේ දෙවන හා තෙවන වසර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් නිසා ගැටුමට සම්බන්ධ සිසුන්ට තාවකාලිකව විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත්ව යන ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරිය අද දැනුම් දුන්නේය. 18 July 2023
රුපියල තවත් පහළට ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද දිනයේද ඉහළ ගොස් ඇත. 18 July 2023
පිරිවෙනක ලක්ෂ 3ක සිවුරු සොරකම් කරලා වරකාපොල සිරි සීලවිමල පිරිවනෙ ආවාස ගෙයි තිබූ රුපියල් ලක්ෂ 3ට අධික වටිනා සිවුරු තොගයක් සහ රන් මාලයක් සොරාගෙන ගොස් ඇතැයි වරකාපොල පොලිසිය පවසයි. 18 July 2023
ඉදිරි මාස තුන මීට භයානකයි ලියාපදිංචි නැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් තිබෙන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 July 2023
සාම විනිසුරු වැඩේ හරියටම කරලා ගෝනා මස් සහ අන් තටිටුවක් සමග මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු ලෙස කටයුතු කරන පුද්ගලයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව සමනල වැව පොලිසිය පවසයි. 18 July 2023
2023 පළමු පාසල් වාරය 21න් අවසන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජුලි 21 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 18 July 2023
දිලිදු දරුවන්ට නොමිලයේ සීසන් ටිකට් දිළිඳු දරුවන්ට කිසිදු මුදලක් නැතිව නොමිලේ සීසන් ටිකට් ලබා දීමටත් ගෙවීමේ හැකියාවක් ඇති අයට ගමන් ගාස්තුවෙන් තුනෙන් එකක් ගෙවා ඉතිරිය සහනාධාරයක් ලෙස ලබා දෙන්නත් කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 July 2023
කඩුවක් -හෙරොයින් සමඟ බූචා දැලේ පාතාල නායකයකු ලෙස සැලකෙක මන්න රමේෂ්ගේ ළගම සමීපතමයෙකු කඩුවක් හා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කර්ය බලකාය කියයි. 18 July 2023
පොලිසියට විරෝධය පා උසාවි වහළට නැගලා මැල්සිරිපුර පොලීසියෙන් තමන්ට අසාධාරණයක් සිදු කළ බව පවසන පුද්ගලයකු අද ( 18) පෙරවරුවේ කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහල මතට නැඟ විරෝධතාවයක යෙදී සිටියි. 18 July 2023
කූඩැල්ලා අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වශයෙන් සැලකෙන ඌරුජුවාගේ සමීපතමයකු ඊෂි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී තියුණු ආයුධයක් සහ මත්ද්‍රව්‍ය සමගින් හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. 18 July 2023
මහ පාරේ රේස් පැද්ද 16ක් මාට්ටු කඩුවෙල පොලිස්බල ප්‍රදේශයේ ස්ථාන හතරක මහජනයා අනතුරේ හෙළමින් සහ අපහාසුතාවට පත්වන අයුරින් අපරික්ෂාකාරි ලෙස තනි රෝදයෙන් යතුරුපැදි රේස් පැද්ද යතුරුපැදි 16 දෙනකු පොලිසිය බාරයට ගත් බව කඩුවෙල පොලිසිය කියයි. 18 July 2023
කිරි ගව පාලනයට ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ හතක් ශ්‍රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ හතක මුල්‍ය සහයෝගිතාව ලැබුණ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 18 July 2023
පළාත් පාලන නාමයෝජනා අවලංගු කරන්න පළාත් පාලන මැතිවරණය පවත්වන්නෙ නැතිනම් එම නාමයෝජනා අවලංගු කරන ලෙස පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026