
ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බව කී බොලිවුඞ් නිළි පූණම් පාණ්ඬේ යහතින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
32 හැවිරිදි පූණම් පාණ්ඬේ මියගියේ යැයි ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබුණේ ඇගේ කළමනාකාරවරයා විසිනි. ඒ, පසුගිය බ්‍රහස්පතින්දා (1) ය.
තමන් මියගොස් නැති බවත්, තමන්ගේ කීමට තම කළමනාකරු කමන් මියගිය පුවත ප්‍රසිද්ධියට පත් කළ බවත් පූණම් පාණ්ඬේ ඊයේ (4) පැවැසුවාය.
පූණම් පාණ්ඬේ, මෙසේ බොරුවක් ප්‍රචාරය කර ඇත්තේ ගැබ්ගෙල පිළිකා සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට යැයි ද පැවැසෙයි.
‘මා බොරුවක් කළා තමයි. ඇත්ත. නමුත් මාගේ මරණය සමඟ ගැබ් ගෙල පිළිකා සම්බන්ධයෙන් කතාබහක් සමාජ මාධ්‍ය හරහා ඇතිවුණා. බොහෝ දෙනකුගේ අවධානය ගැබ්ගෙල පිළිකා සඳහා යොමු වුණා. මට අවශ්‍ය වූයේ එයයි’ යැයි පූණම් පාණ්ඬේ සිය සමාජ මාධ්‍ය ඔස්සේ පැහැදිලි කර ඇති නමුත්, මේ වනවිට ඇයට නොසෑහෙන්න දොස් අහන්න සිදුවී අවසන්ය.
(හින්දුස්ථානී ටයිම්ස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජ මාධ්‍යවල පළවන පුවත්, සම්මත මාධ්‍ය ආයතන මගින් වහවහා පළ නොකිරීම කාගේත් හිතසුව පිණිස වන්නේ, මෙවන් නරනාටක නිසාවෙනි.