ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බව කී බොලිවුඞ් නිළි පූණම් පාණ්ඬේ යහතින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
32 හැවිරිදි පූණම් පාණ්ඬේ මියගියේ යැයි ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබුණේ ඇගේ කළමනාකාරවරයා විසිනි. ඒ, පසුගිය බ්‍රහස්පතින්දා (1) ය.
තමන් මියගොස් නැති බවත්, තමන්ගේ කීමට තම කළමනාකරු කමන් මියගිය පුවත ප්‍රසිද්ධියට පත් කළ බවත් පූණම් පාණ්ඬේ ඊයේ (4) පැවැසුවාය.
පූණම් පාණ්ඬේ, මෙසේ බොරුවක් ප්‍රචාරය කර ඇත්තේ ගැබ්ගෙල පිළිකා සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට යැයි ද පැවැසෙයි.
‘මා බොරුවක් කළා තමයි. ඇත්ත. නමුත් මාගේ මරණය සමඟ ගැබ් ගෙල පිළිකා සම්බන්ධයෙන් කතාබහක් සමාජ මාධ්‍ය හරහා ඇතිවුණා. බොහෝ දෙනකුගේ අවධානය ගැබ්ගෙල පිළිකා සඳහා යොමු වුණා. මට අවශ්‍ය වූයේ එයයි’ යැයි පූණම් පාණ්ඬේ සිය සමාජ මාධ්‍ය ඔස්සේ පැහැදිලි කර ඇති නමුත්, මේ වනවිට ඇයට නොසෑහෙන්න දොස් අහන්න සිදුවී අවසන්ය.
(හින්දුස්ථානී ටයිම්ස්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මැරුණැයි කී නිළිය යහතින්
පාඨකයෙක් Monday, 05 February 2024 11:17 AM
සමාජ මාධ්‍යවල පළවන පුවත්, සම්මත මාධ්‍ය ආයතන මගින් වහවහා පළ නොකිරීම කාගේත් හිතසුව පිණිස වන්නේ, මෙවන් නරනාටක නිසාවෙනි.