(මනෝප්‍රිය ගුණසේකර)
අරගල සමයේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉංග්‍රීසි ගුරුවරුවරයා ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළණ ගමගේ මහතා අද (06) නියම කළේය.
රුපියල් ලක්‍ෂ 05ක් වටිනා ඇපකරුවකුගේ ශරීර ඇපයක් මත සැකකරු මුදාහැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියටට අදාළ පැමිණීල්ල යළි කැඳවන අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට අවවාද කළේය.
මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවරිදි ඉංග්‍රීසි ගුරුවරුවරයකු බව කියන ජේ” එම්”” විමලරත්න නමැත්තෙකි.
2022 ජුලි මස 09 වැනිදා එවකටට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තබන අවස්ථාවේදී නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීම අදාළ නිවස සහිත ඉඩමට අයුතු ලෙස ඇතුල්වීම භන්ඩ සොරකම් කිරීම ඇතු`ථ සිද්ධීන් මත වසරකුත් මාස 07 පමණ කාලයකට පසු රහස් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණී.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගැනිමින් සැකකරු ඇප මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි.. ඉරිසියාකාර.. අඩුකුලේ කෙනෙක් වෙන්න ඇති...!
උසිගන්වපු නාලිකාවයි, රට්ටයි, බෙට්ටයි, උදව්වට නැතුවා වගේ...
ඒ කියන්නේ ස්ටාර්ලින්ගේ සෙට් එකද?
නිකන් මිනිස්සුන්ව චූන් කරන බොරු වැඩ මේවා. නඩු දාලා සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි ඉදිරිපත් කරලා ගෙට ගිනි තිබ්බා කියලා ඔප්පු කරලා මෙයාව හිරේ යැව්වට පස්සේ චූන් වෙයල්ලා...