(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව එහි විධායක සභාව නියෝජනය කරන අයට වඩා ඇතැම් පිරිස්වලට කැක්කුමක් ඇති බවත් මෙරට දැවැන්තම දේශපාලන පක්ෂය විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියම වෙලාවට ජනාධිපති අපේක්‍ෂකයා කරලියට ගේන බවත් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද (6) පැවසීය.
මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (6) පැවති මාධ්‍ය හමුවෙදී එසේ පැවසීය.
අප රටේ අවාසනාවට සාම්ප්‍රදායික මාධ්‍යට එහා ගිය සම්ප්‍රදායික නොවන මාධ්‍ය මේ වන විට නඩු විභාග කරන වගකීම භාරගෙන තිබෙන බව කී ඒ මහතා රටේ වාසනාවට හෝ අවාසනාවට හෝ සාම්ප්‍රදායික මාධ්‍යවලට එහා ගිහින් සාම්ප්‍රදායික් නොවන මාධ්‍ය මේ වන විට නඩු විසඳීමේ වගකීම භාරගෙන ඇති බව සඳහන් කළේය.
නඩු ඇසීමේ කාර්ය උසාවියට භාරදෙමු යැයි එම මාධ්‍යයේ බලපෑමට ලක්වූ පුද්ගලයෙක් ලෙස සියලුම මාධ්‍ය ආයතවලින් සහ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙරට අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව තිබෙන්නාක් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට වරදකරුවෙක් වෙනතුරු ඕනෑම කෙනෙක් සැකකරුවෙක් පමණක් යැයි අධිකරණය පිළිගන්නා බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් බලාගෙන ඉන්නේ ,කැරැල්ල එලියට එනතුරු
මහාචාර්යවරයෙක්ට විකාර හැදිලද මහාචාර්ය පට්ටමක් ලැබිලද කියලා මට තවම හිතාගන්න බැහැ.
කුමන වෙලාවක ආවත්, ජනතාවගේ ප්‍රතිචාරය නම් ඉතා පැහැදිලියි.
මෙයා විකාර කියවනවා. එය අතීතයේදී කියපු විහිලු කතා අපිට නම් හොඳට මතකයි. මහාචාර්ය කියන්නේ විශ්ව විද්‍යාලයක තනතුරක්... අපේ රටේ බොහෝ දෙනෙකු හිතන්නේ මහාචාර්ය කියන්නේ සියල්ල දත් අයෙක් කියලයි. මෙයා අර ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සල්ලි අරගෙන මොකක්දෝ හුටපටයක් වුණා නේද? අර නහය කහලා පෙන්නුවේ... අනේ අනිච්චං... ඊළඟ ඡන්දෙන් ඔයා ගෙදර මහත්තයෝ...
අනේ යන්න ... අප්පිරියයි.
අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතාකරන මෙයා එදා ශිරානි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියව පන්නන විට ඔයා කොහේද හිටියේ? එතකොට කොහේද අධිකරණයේ ස්වාධීනත්වය...?
ඔය නහයේ මොනවද තියෙනවා වගේ...!
ලංකාවේ දැවැන්තම දේශපාලන පක්ෂය පොහොට්ටුවලු. සුනාමි හොරා වගේ දැවැන්තම හොර දූෂිතයින් ඉන්න පක්ෂය පොහොට්ටුව කියලා නම් ලෝකේම දන්නවා...
පොහොට්ටුව විනෝද සමය තුන් කට්ටුව. සාගර කාරියවසම්... රංජිත් බණ්ඩාර. කළුතර හෝල මරා..
ඔව් ඉතින් බෙට්ටක් වුණත් අපට ඕනෑ වෙලාවට එළියට එන්නේ නැහැනේ...
බලන් හිටහන් හම්බවෙයි ගූ