
(අංජුල මහික වීරරත්න)
පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බල ශක්ති සැපයීම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයේ ව්‍යාපෘති ආධාර ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල යන රෝහල් වල සූර්ය බල ශක්ති උත්පාදන පද්ධති ස්ථාපිත කිරීම මගින් විදුලි පහසුකම් සපයා ගැනීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය හරහා ජපන් යෙන් මිලියන 1230ක ව්‍යාපෘති ආධාරයක් (රුපියල් බිලියන 2.8ක) ලබා දීමට ජපන් රජයේ එකඟතාවය පළ කර ඇත.
සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ පුනර්ජනනීය නොවන බලශක්ති භාවිතය අවම කිරීම ,සෞඛ්‍ය සේවයේ සමස්ත කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම හා තිරසර සංවර්ධන ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වේ.
ඒ අනුව එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාලව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඇමැති ඕකෙන් හොරාකන හැටි ප්ලෑන් කරනවා ඇති... හැමදාම කළේ සංවර්ධන වැඩවලට දෙන මුදල්වලින් ඇඳක් හොරකම් කරන එක... ඕවා ගැන පිටරට සුද්දොත් දන්නවා ලංකාවේ දේශපාලුවන්ගේ කෙරුවාවල්...
හිතාගන්නවත් බැරි පුදුම යෝජනාවක්...! අපේම විදුලිය අපිටම ගන්න අදානිට, ඒකකයට ඩොලර් සත 50කට ගිවිසුම් ගැහුව පිනාගේ ආණ්ඩුව මේ වගේ හොඳ යෝජනාවක් ගෙනාව එක පුදුම සහගතයි. ජපානයෙන් එන ආධාර හෝ ණයවලින් කොමිස් ගහන්න හොරකම් කරන්න බැරි නිසා ඇත්තටම ව්‍යාපෘතිය ප්‍රෙයා්ජනවත් වෙයි.
මොවුන්ට කවදා ඥාණය පහළ වෙයිද? රජයේ රෝහල් විතරක් නෙවෙයි. පාසල් ඇතුළු සියළු රජයේ ගොඩනැගිලි.. අධිවේගී මාර්ගය.. විතරක් නොවෙයි පුද්ගලික නිවාස පවා මේ වැඩේට ගන්න පුළුවන්... මිනිස්සුන්ට වියදමට සල්ලි නැති නිසයි සෝලා පැනල් හයි කරන්නේ නැත්තේ... මොවුන් ඒකටත් වැට් ගැහුවා... මේ රට දියුණු කරන්න පුළුවන්ද?