IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති දඹුල්ලේ අලුත් වැඩ ගොඩක් විවෘත කරයි

(අංජුල මහික වීරරත්න) 

දඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ 'විශිෂ්ටත්වයේ කේන්ද්‍රය”  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

සමරු ඵලකය නිරාවරණය කර “විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

ජල ප්‍රතිකාර ඒකකයකින් හා ක්‍රීඩක ආබාධ පුනරුත්ථාපනය කිරීමේ නව වෛද්‍ය ඒකකයකින් ද මෙය සමන්විතය.

එමෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදි කළ ජාත්‍යන්තර මට්ටමේ නව පිහිණුම් තටාකය විවෘත කළ ජනාධිපතිවරයා පිහිණුම් තටාකයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.

මේ අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නවීකරණය කළ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවීනතම LED ආලෝක පද්ධතිය විවෘත කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

විචිත්‍රවත් සරඹ සංදර්ශනයකින් සහ සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය. 



අදහස් (3)

ජනපති දඹුල්ලේ අලුත් වැඩ ගොඩක් විවෘත කරයි

Dharmatileke Tuesday, 06 February 2024 02:50 PM

ඔයවගේ වැඩ කරන්න ඕනේ.. හැබැයි මගේ කතිරේ ඕවට පුදකරන්නේ නෑ.

:       8       28

Lal Tuesday, 06 February 2024 03:32 PM

විශිෂ්ටයි ජනාධිපතිතුමනි, ත්‍රස්තවාදීන්ට අවස්ථාව නොදී නැවතත් රටේ ජනපති වේවා..!!!

:       32       17

HafeelTuesday, 06 February 2024 04:27 PM

අනේ මේ ජනාධිපතිට ඔබ මෙහෙම උපදෙස් දෙන්නේ? එදා ඔහු බලයේ ඉන්න විට මිලේනියම් සිටි පාවාදීම අමතක වෙලාද? තවද එදා ත්‍රස්තවාදීන්ට එරෙහිව අවසන් සටනේදී මේ ජනාධිපති කකුලෙන් ඇද්දා...? කිසිම සහයෝගයක් දුන්නේ නැති එක අමතක වෙලාද...?

:       4       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site