(අංජුල මහික වීරරත්න) 

දඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ 'විශිෂ්ටත්වයේ කේන්ද්‍රය”  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

සමරු ඵලකය නිරාවරණය කර “විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

ජල ප්‍රතිකාර ඒකකයකින් හා ක්‍රීඩක ආබාධ පුනරුත්ථාපනය කිරීමේ නව වෛද්‍ය ඒකකයකින් ද මෙය සමන්විතය.

එමෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදි කළ ජාත්‍යන්තර මට්ටමේ නව පිහිණුම් තටාකය විවෘත කළ ජනාධිපතිවරයා පිහිණුම් තටාකයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.

මේ අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නවීකරණය කළ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවීනතම LED ආලෝක පද්ධතිය විවෘත කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

විචිත්‍රවත් සරඹ සංදර්ශනයකින් සහ සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.