උසස්පෙළට ලියු දරුවන්ට වෘත්තිය පුහුණුවක් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමේ වැඩසටහන අද (05) දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාතංශය පෙන්වා දෙයි. 05 March 2024
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන ට්‍රම්ප් සතුටින් ඇමෙරිකන් ජනපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින හිටපු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප්, මැතිවරණ අපේක්ෂකත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඇතැම් ජනපද තීරණය කිරීම අත්හිටුවීමට ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණ පියවර ගත්තේය. 05 March 2024
ගබ්සාවට ඇති අයිතිය ප්‍රංශය තහවුරු කරයි ගබ්සාවට ඇති අයිතිය, ව්‍යවස්ථාවෙන් තහවුරු කළ ලොව එකම රට බවට ප්‍රංශය පත්විය. ඒ, ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ බහුතර මනාපය හිමි වීමෙනි. 05 March 2024
රජයේ නිලධාරීන්ට බොරු චෝදනා එපා රාජ්‍ය නිලධාරීන්ට පදනම් විරහිත චෝදනා කරමින් දෝෂ දර්ශනයට ලක් කිරීමෙන් වළකින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 05 March 2024
’රටේ දරුවන් සමග සෙල්ලම් කරන්න එපා’ අධිකරණයේ නඩු තීන්දුවක් දරුවන් ලක්ෂ හතළිහක් ප්‍රාණ ඇපයට තබාගෙන සිටින බවත් ඉතා ඉක්මනින් ප්‍රශ්නයට විසඳුමක් නොදුනහොත් මේ සභාවට කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5)පැවසීය. 05 March 2024
වැඩි පිරිසකට වත්කම් බැරකම් දෙන්න වෙයි වත්කම් සහ බැරකම් හෙළි කළ යුතු පුද්ගලයින්ගේ ප්‍රමාණය ඉහළ නංවා ඇති අතර එය ලබාදිය යුතු නිලධාරීන්ගේ පරාසය පුළුල් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 05 March 2024
පුරා විද්‍යාවට නව පනතක් මෙරට පුරාවස්තු හා පුරාවිද්‍යා උරුමය, සොයා ගැනීම මෙන්ම ඒවා සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීම විධිමත්ව සිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව නව පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය 05 March 2024
විකුණනවාට බයේ හැංගුණු දැරිය කටුනායකින් හමුවෙලා මාස කිහිපයකට ඉහතදී ඉතාලි ජාතිකයෙකුගේ අනූ දැනුම මත තම බාල වයස්කාර දියණිය පැහැරගෙන ගොස්ඇති බවට මවක කළ පැමිණිල්ලක් විභාග කිරීමේ දී ඇය පැහැර ගැනීමකට ලක්ව නැති බවත් මව දියණිය විවිධ පුද්ගලයින්ට විකිණීම නිසා බේරී සිටීම සඳහා කටුනායක ප්‍රදේශයේ නිවසක කල් ගත කර ඇති බවත් හෙළි වී ඇතැයි බඩල්ගම පොලිසිය කියයි. 05 March 2024
බැසිල් ලංකාවට එයි මාස කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිවී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (5) පෙරවරු 8.16ට එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය 05 March 2024
ශ්‍රී ලංකන් හිමිකරුවා තේරීම අද ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලන්සු විවෘත කිරීම අද සිදුකෙරේ 05 March 2024
මුතුකුමාරණ දිවුරුම් දෙයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරයට පත් කෙරුණු සරත් චන්ද්‍රසිරි මුතු කුමාරණ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද දිවුරුම් දුන්නේය. 05 March 2024
දුම්රිය සේවා නිලවරණයට වාරණයක් ජාතික දුම්රිය සේවා සමිතියේ 22වන නියෝජිත සංවත්සර මහා සභා රැස්වීම හා නිල වරණය පැවැත්වීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නිකුත් කළේය. 05 March 2024
විශ්වාසභංගය අද භාර දෙයි කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව අද පාර්ලිමේන්තු මහලේකම්වරියට බාරදීමට නියමිතය. 05 March 2024
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ මුදල් ගනුදෙනු කළ අයෙක් මාට්ටු දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ගාල්ල , දොඩන්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. 05 March 2024
අද වැස්ස නෑ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතන බන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 March 2024
දෙන්නෙක් බෑව්වා බලපියව්: පොලිසියට ඇමතුමක් ‘මන්නා රොෂාන්ගේ මල්ලි මධුරංගටයි තවත් එකෙකුටයි නිරිපොළ වෙළ ගාවදී වෙඩි තිබ්බා. මම කතා කරන්නේ ලලිත් කන්නංගර ගිහින් බලන්න ‘ යනුවෙන් පවසමින් මන්නා රොෂාන්ගේ සහෝදරයාට සහ ඔහුගේ මිතුරකුට ඊයේ (4) පෙරවරු 11.30 ට පමණ වෙඩි තැබූ බවට සැකකරන පුද්ගලයකු විසින් හංවැල්ල පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 05 March 2024
බිල් ගෙවන්න සල්ලි නෑ:තන්තිරිමලේ ගම් රැසක් අඳුරේ අනුරාධපුර තන්තිරිමලේ ගම්මාන රැසක නිවාසවල විදුලිබිල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ විදුලිය විසන්ධි වීමෙන් එම නිවෙස්වල පාසල් දරුවන්, සිඟිති දරුවන් සහ වැඩිහිටියන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ගම්වාසීහු පවසති. 05 March 2024
ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු ජයක් සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිලාත්හිදී අද (4) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 3 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 207 ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ පිල ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 203 ක් රැස්කළේය. 04 March 2024
ඉන්ධන වර්ග 3ක මිල පහළට ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය නොකරන බවත් සෙසු ඉන්ධන වර්ග තුනේ මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. 04 March 2024
අයිස් ලඟ තබාගත්තාට දඬුවම නියම වෙද්දී ගෙල කපාගනියි අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාවට දඩ නියම කිරීමෙන් අනතුරුව විත්තිකූඩුවේ සිට බෙල්ල කපා ගත් සැකකරුවෙකු වහාම ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අද (04) පොලිසියට නියෝග කළේය. 04 March 2024
මහ බැංකුව වැටුප් වැඩි කර ගත්තාට කැබිනට් විරෝධය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු කියන ලෙස කැබිනට් මණ්ඩලය මහ බැංකු ප්‍රධානීන්ට අද (4) දැනුම් දුන්නේය. 04 March 2024
ගූගල් සිතියමෙන් අරලියගහ මන්දිරයට පැනලා ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 04 March 2024
ශ්‍රී ලංකා පිල ලකුණු 206 ක් රැස්කරයි සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිල්හෙට්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 206 ක් රැස්කිරීමට සමත් විය. 04 March 2024
කොට්ටුකච්චි පාළු නිවසකින් තරුණයකුගේ සිරුරක් හමුවෙයි පුත්තලම කොට්ටුකච්චිය මැල්ලන්කුලම ප්‍රදේශයෙ පාළු නිවසක අභිරහස් ලෙස මරණයට පත්ව සිටි තරුණයකුගේ සිරුරක් අද (4) දින සවස සොයා ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි. 04 March 2024
කෘමි නාශක තොගයක් සමග 2ක් මාට්ටු කල්පිටිය, උච්චමුණෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ඒමට උත්සහ කළ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පෙරේදා (3) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි. 04 March 2024
විදුලි බිල සියයට 21.9කින් අඩුකරයි විදුලි ගාස්තු සියයට 21.9 කින් අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (4) පස්වරුවේ පැවසීය. 04 March 2024
දියේ ගිලුණු සරසවි සිසුවා මරුට මහවැලි ගඟේ නාවලපිටියේ පිහිටි අතු ගංගාවක දිය නාමින් සිටියදී දියේ ගිලි අසාධ්‍ය තත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තුන්වැනි වසරේ සිසුවා මියගිය බව පොලිසිය කියයි . 04 March 2024
බංග්ලාදේශය පන්දු රැකීම තෝරාගනී සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිල්හෙට්හිදී දැන් පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය ලැබූ බංග්ලාදේශ පිලේ නායක නජුමුල් හොසේන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය. 04 March 2024
පෑලියගොඩ පොලිසියේ හිටපු දෙකකට මරණ දඬුවම සොරකම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු නීතීවීරෝධී ආකාරයෙන් රඳවා තබාගෙන කෲර ලෙස පහරදී මරා දැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු නිලධාරීන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මරණීය දණ්ඩණය අද (04) නියම කළේය. 04 March 2024
ලබන අවුරුද්දෙ තියෙන්නෙත් මේ ආණ්ඩුවමයි ලබන වසරේත් මෙරට තිබෙන්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 04 March 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026