අධිකරණ ඇමති පොදු රද මඩුලු නීති සමුළුවට ටැන්සානියාවේ සැන්සිබාර් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගි වෙයි. 04 March 2024
රියදුරුගේ විමසිල්ලෙන් ජීවිත ගණනක් බේරෙයි බලන්ගොඩ කල්තොට මාර්ගයේ දිගදුරේ ප්‍රදේශයේදි මාර්ගයේ ගමන් කරමින් තිබු ලංගම බස් රථයකට නා ගසක අත්තක් කඩා වැටි අද (4) සිදුවන්නට ගිය විශාල අනතුරක් වළවක්වා ගන්නට බසයේ රියදුරු මහතාට හැකිව ඇතැයි පොලීසිය කියයි. 04 March 2024
17 සිසුවියත් - 30 පෙම්වතාත් අයිස් සමග මාට්ටු වාද්දුව, පොහද්දර මුල්ල මුහුදු වෙරළේ අයිස් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය පාසලක 17 හැවිරිදි සිසුවියක සහ ඇයගේ 30 හැවිරිදි පෙම්වතා අද (04) අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි. 04 March 2024
මහ බැංකු ලොක්කෝ හෙට මැතිසබයට වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු එහි ප්‍රධානීහු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට අද (5) උදේ කැඳවෙති. 04 March 2024
ෆොන්සේකාගේ වාරණ නියෝගය දිග් කරයි සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය,සභාපති ධුරය, කැලණිය සංවිධායක ධුරය අත්හිටුවීම හා විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් සමගි ජන බලවේගය පක්ෂයට නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 19 දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද(04)නියෝග කළේය. 04 March 2024
රත්තරන් කිලෝ 9ක් රේගුවට මාට්ටු රුපියල් කෝටි 20ක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 09 ක් බර ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපොළ සේවකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (04) දින පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 04 March 2024
මාස 14ට නව නීති 42ක් රටේ කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14 ක කාලය ඇතුලත නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 04 March 2024
හංවැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට ඝාතනයට ලක්වු පාතාග සාමාජිකයකුගේ සහෝදරයාට සහ තවත් පුද්ගලයෙකුට මීට සුළු මොහොතකට පෙර හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේදී වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි. 04 March 2024
ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 04 March 2024
ගම්පහ රෝහල් තුනකට හොඳ කලක් ගම්පහ, මිනුවන්ගොඩ සහ මිරීගම රෝහල්වල අත්‍යවශ්‍ය විශේෂඥ වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය හා කනිෂ්ඨ සේවකයන් කඩිනමින් ලබා දීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා හා සෞඛ්‍ය ඇමතිවරයා එකඟ වූ බව නිවාස සහ නාගරික සංවර්ධන රාජ්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 04 March 2024
අභ්‍යවකාශ නැවතුම්පොළක් ඉදිකරන්න ඉන්දියාව සූදානම් අභ්‍යවකාශ තරණයටත්, විශ්ව ගවේෂණයටත් යොමු වී සිටින ඉන්දියාව, වසර 2035 වනවිට, අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. 04 March 2024
අල්ලස්ගත් බව කියන නුවරඑලිය ප්‍රවාහන අධිකාරියේ දෙන්නා 15 තෙක් රිමාන්ඩ් බස් රථ මාර්ග ධාවන බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් තිස් පන්දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නුවරඑළිය පළාත් සභා ප්‍රවාහන අධිකාරී කාර්යාලයේ දිස්ත්‍රික් කළමනාකාර සහ කළමනාකාර සහකාරවරයා ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (04)නියෝග කළේය. 04 March 2024
අටවැනි ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට අයිටී - ඒඅයි මෙරට රජයේ පාසල්වල අටවැනි ශ්‍රේණියේ සිට ඉහළ දරුවන්ට තොරතුරු තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය විෂයන් ලෙස හැදෑරීමේ අවස්ථාව හිමිවන බවත් 04 March 2024
පියාගේ වේවැල් පහරින් පුතා රෝහලේ තම පියා විසින් හිසට සහ දෙපාවලට වේවැලකින් පහරදීමෙන් තුවාල ලැබූ දරුවෙකුට මීගහකිවුල දිසාරෝහලට අද (04) උදෑසන ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. 04 March 2024
ඉන්දිය ධීවරයින්ට එරෙහිව යාපනය මුහුදේ විරෝධයක් ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවන්ට ඇතුල් වී නීතිවිරෝධීව මසුන් ඇල්ලීම සහ ඉන්දීය ට්‍රොලර් යාත්‍රා මගින් උතුරු ධීවරයින්ගේ දැල් ආම්පන් විනාශ කිරීම ආදි කරුණු කිහිපයකට විරෝධය පාමින් යාපනයේ ධීවරයින් යාපනය මුහුදේ විරෝධතාවක නිරත වූහ. 04 March 2024
’’බට අත’’ අයිතිය කෘෂිකර්මයට පවරයි වසර 14කට පසුව හුංගම බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේ නීත්‍යානුකුල අයිතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය. 04 March 2024
විදුලිය ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරයි විදුලිය සහ ඉන්ධන අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 04 March 2024
දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කරන්න චක්‍රලේඛයක් පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා චක්‍රලේඛයක් අද (4) නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 04 March 2024
උන්ඩයක් සමග ඊශ්‍රායල තරුණියක් අල්ලයි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ආපසු ඊශ්‍රායලය බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඊශ්‍රායල ජාතික තරුණියකගේ ගමන් මල්ලේ තිබූ මිලි මීටර් 5.56 ජීවී පතුරමක් කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත අද (04) දින අලුයම භාර දී තිබේ . 04 March 2024
ඉන්ධන මිල අඩුවෙයි? ඉන්ධන මිල සංශෝධනයක් අද (4) රාත්‍රී කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 04 March 2024
සිගරට් 160කට අසූදහක් දඩ නීතීවිරෝධී ආකාරයෙන් ගෙන්වු සිගරට් 160ක් ලඟ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය රුපියල් 80 000/-ක දඩයක් පැනවුවාය. 04 March 2024
සමන් රත්නායක අධිකරණයට රැගෙන එයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මීට සුළු වේලාවකට පෙර මාලිගාකන්ද අධිකරණය වෙත රැගෙන විත් තිබේ. 04 March 2024
සමන් රත්නායකගෙන් අද ප්‍රකාශයක් බාල බෙහෙත් ජාවාරම පිළිබඳ සියළු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ අද (04) රහස් පාපොච්චාරණයක් කිරීමට නියමිතය. 04 March 2024
රිය අනතුරින් ප්‍රංශ ජාතික මව-පියා දරුවා ඇතුළු 5කට තුවාලයි දඹුල්ල හබරන ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද(04) උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික එකම පවුලේ මව පියා සහ පිරිමි දරුවෙකු මෝටර් රථ රියදුරු මෙන්ම බස් රථයේ ගමන් කරමින් සිටි මෙහෙණින් වහන්සේ නමක් තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි. 04 March 2024
ශ්‍රී ලංකා - බංග්ලාදේශ ක්‍රිකට් තරගය අද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයේදී අද (04) ආරම්භ වේ. 04 March 2024
මනුෂ්‍ය ඝාතන ගැන පොලිස්පතිගෙන් ප්‍රකාශයක් මනුෂ්‍ය ඝාතන වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මේ මාසයේදී වැඩි අවධානය යොමු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 04 March 2024
බඳින තුවක්කුව පත්තුවී ගොවියා මරුට ගිරාදුරුකෝට්ට අලුත්තරම ප්‍රදේශයේ වන රක්ෂිතයක වනසතුන් දඩයම් කිරීම සදහා අටවා තිබූ බදින තුවක්කුවක් පත්තු වී බරපතළ තුවාල ලැබු පුද්ගලයකු මහියංගණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි . 04 March 2024
වෙරළබඩ වෙඩි තැබීමේ සිද්ධියේ තවත් අයෙක් මාට්ටු වෙරළබඩ නිව් හැම් චතුරස්‍රය වෙළඳසැලක් ඉදිරිපිටදී කුකුල් මස් ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් පුද්ගලයෙක් බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 04 March 2024
ජනපති මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කරයි ඉදිරි මැතිවරණ කටයුතු මෙහෙයවිය යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත් කර තිබේ. 04 March 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026