අරගලයේ පිරිසක් රස පරීක්ෂක හමුවට
අරගලය පැවති සමයේදී අරලිය ගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළුවීම සහ එහි දේපලවලට හානි කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකයෙකවූ එරංග ගුණසේකර, නිලූකා දමයන්ති, ඉනෝකා ලක්මාලි, ජනක රොෂාන් සහ මුදියන්සේලාගේ විමලරත්න යන සැකකරුවන් ලබන 20 වැනිදා උදේ 9ට රජයේ රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය.