
(අංජුල මහික වීරරත්න)
එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීම සඳහා ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසා තිබේ.
ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම ඒකාබද්ධ වැඩපිළිවෙල සකස් කර ඇත.
ගෙන්ගෙට යාම්, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, කුඩා ජන හමු මෙන්ම, ඩිජිටල් තාක්ෂණය උපයෝග කර ගනිමින් සිදු කරන මැතිවරණ මෙහෙයුම් කටයුතු ඒකාබද්ධව සිදු කිරීමට මෙහිදී සියලු පක්ෂ වලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක්ද පත් කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
COMMENTS
ගෙයින් ගෙට යන්න හැදුවොත් නම් මොවුන්ව එළවලා දමාපියව්...
කප්පම්කාරයෝ නැවත දිනනවා. වරෙල්ලකෝ ගෙවල් ගානේ, අපි බලාගන්න මේ සැරේ...
වරෙල්ලා.... වරෙල්ලා අපිත් එනකම් බලාගෙන ඉන්නේ...
කප්පම්කාරයන්ට,හොර දූෂිතයින්ට රනිල් තරම් ආරක්ෂකයෙක් නෑනේ? අපිත් බලාගෙන ඉන්නේ හොර දූෂිතයින් ගෙවල් වලට එනකම් තමයි...!
දිනවන්න නොවෙයි ගෙදර යවන විදිහ ලැහැස්ති කර ගනිල්ලා, සැප්තැම්බර් 21 රනිල්ට ඇපත් නැති වෙනවා.
රනිල් සියයට 10ක් වත් ගම්පහින් නම් ලැබෙන්නේ නැහැ ශුවර්...
මෙයා හදන්නේ ගම්පහ ඉන්න ඔක්කෝම කප්පම් කාරයෝ ටික එකතු කරන්න වගේ හදන්නේ...!
ගම්පහ අපිනම් මෙයාව එළවන්න සංවිධානය වී ඉවරයි.