
(කේ. බුද්ධික කුමාරසිරි)
මම කිසිම වෙලාවක කියලා නැහැ මහා බැංකු හොරකම කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. එතුමා පත් කරපු අය නිසා තමයි ඒක වුණේ. මම පත් කරපු කෙනෙක් වැරැද්දක් කළාට ඒකට මම පලි නෑනේ . ඒ වගේ දෙයක් තමා එතැන වෙලා තියෙන්නේ යැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ දී පැවසීය.
විනය පරීක්ෂණවලට ලිපි ෙ තවම නම් මෙ ලැබිලා නෑ.මධ්‍යම කාරක සභාව රැස්වීමේදී අපි විරුද්ධ වුණා පොහොට්ටුවෙන් අපේක්ෂකකු දානවට. විනය පරීක්ෂණ කරනවට අපි පක්ෂව ඡන්දය දුන්නා.අපි විනය විරෝධි දෙයක් කරලා නැහැ.
රටක් ගොඩ ගන්න වැඩපිළිවෙලක් හදලා. ඒක නීතියක් ලෙස කරල තියෙන එකම ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා පමණයි.ඕනෑම පක්ෂයක සාමාජිකයන් හා මධ්‍යම කාරක සභිකයන් ඒ පක්ෂවල වහල්ලු නෙමෙයි.
අපි තීන්දු තීරණ ගන්න කොට පක්ෂ පුද්ගලයන් පිළිබඳ නෙමෙයි රට පිළිබඳවයි හිතන්න ඕන. අපි රනිල් වික්‍රමසිංහ මහත්මයට නෙමෙයි සහය දෙන්නේ ජාතික වැඩසටහනටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ වගේ කතා කියන අයගෙ වගකීම් ගැන දැන්වත් සිතන්න. මා පත් කල අය කරන වැරදි වලට මා පලි නැත. හැබැයි මම දඬුවම් කරන්නෙත් නැහැ. රනිල් කලේ ඒක නොවේද ඉතිං රට බංකලොත් වීම ගැන කව්ද වගකීමක් ගන්නෙ.
ටියුෂන් කරපු කාලේ අවුරුද්දට කෝටි 2 ක ආදායම් බද්දක් ආපුවෙලේ චන්ද්‍රිකාව හම්බවෙලා " අනේ මේකට මොනවාහරි කරන්න මැඩම් " කියලා ඇඩුවේ රටගැන හිතලාද? චන්ද්‍රිකා ඒ ප්‍රශ්නෙට අත නොදාපු නිසා නේද ඊ කාලේ තිබුන ආණ්ඩුවෙන් අස්වුනේ ? රටේ බුද්ධිමත් ජනතාව ඕවාට ගෙඩි පිටින්ම ඡන්දෙන් උත්තරදේවී. දුෂිත හොරුන්ගෙන්,මිනීමරුවන්ගෙන් තොර වාසනාවන්ත රටක් උදෙසා මාලිමාවට ජයවේවා !!!
ඒ ගමන අර හත් පොලක මොනවද කරපු බළල්ලු වගේ කට්ටියම කෑගහන්න අරන්. මේ මිනිස්සුන්ට සහ ගෑණුන්ට ප්‍රතිපත්තියක් කියලා දෙයක් නෑ වගේම මතකය කියන දේ පවා නෑ. ඒත් ඡන්ද දායකයන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියනවා. අපිට නම් මතකයි විතරක් නෙමෙයි ඔය කියපුවා හැන්සාඩ් වාර්තාවල, පුවත්පත්වල සහ ඉන්ටනෙට් එකේ තියනවා. ඒ ඉස්සර කාලේ තමයි පච කෙලලා අපිව මෝඩයන්ට අන්දලා දිනුවේ. දැන් ඉන්න ජනතාව එච්චරම මෝඩ නෑ. ගියා නම් ගිය තැනකට වෙලා ඉන්න. අර නාමල්ට විරුද්ධව විනය පියවර ගන්න කියලා පොලිසි ගියා වගේ හතර බීරි කතා නොකියා ඉන්න.
රනිල් වික්‍රමසිංහ ඒ අය පත් කරේ තමන්ට ඕනේ වැඩේ කරගන්ට. තමුන්ට හැමදාම රටේ මිනිස්සු රවට්ටන්ට බැහැ.
මෙයා සරම ඇඳගෙන පිණුුම් ගහනවා. දන්නවනේ වෙන දේ? දේශපාලනයට ආවාම ලැජ්ජාව නැති වෙනවා. වාසි කියලා හිතාගෙන කට්ටියම හෝයියා කියනවා. බලමු..!
නෑ නෑ එහෙම කියලාම නෑ. 2019 දී හැම වේදිකාවකම රනිල්ගේ හොඳමයි කිව්වේ... රටේ ජනතාව මැරිලා උපන්න අයනේ...!
මහ බැංකුව හොරා කෑවා කිව්වෙත්, 2500 මාසයක් ජීවත් වෙන්න පුළුවන් කිව්වෙත් මේ බන්දුල ඇමැති නෙවේ... ඒ මම ප්‍රභා... ඇමැතිතුමා කවදාවත් ඒ වගේ කතා කියන්නේ නැති ආචාරියෙක්..
පහුගිය කාලේ ඉඳලා විටින් විට මෙයා කියන කතා අනුව මේ කතාව ගැනත් පුදුම වෙන්න් ඕන නෑ. තමාගේ ආසනේ තමාට නොකියා රැස්වීම් තිබ්බා කියලා පොලිසි ගිය අය මේ...?
ඔබලා වගේ නිවටයින්ට එහෙම කියන්න හයියක් නැහැ කියලා අපි දන්නවා. දැන් අසුචිත් සුවඳ ඇති ඌරාට.
මහත්තයෝ ඔයා කටින්ද කතා කරන්නේ... මේ වගේ දේශපාලඥයෝ ඉන්න රටකනේ අපි ඉන්නේ...
මේ වගේ දෙපිටකාට්ටුවෝ පාර්ලිමේන්තුවෙන් පන්නලා දාන්නම ඕනෑ...
එහෙනම් ඒක කරේ මහඵකාද?
කක්කුස්සි කටවලුත් මීටවඩා පිරිසිදුයි...
කන්ජිපානි පත්කළ අය තමයි ක්ලබ් වසන්න මැරුවේ. ඒක නිසා ක්ලබ් වසන්තගේ වරදක් නැහැ.
මහ බැංකුවේ මංකොල්ලය කලේ කවුද කියල හොඳටම හොයල බලන්න පුලුවන් රනිල් වික්‍රමසිංහ මහත්තය හොරකමක් වුණාද කියල බලන්න දාපු ත්‍රිපුද්ගල කමිටු වාර්තාවයි ජනාධිපති කොමිසමේ වාර්තාවයි සැසඳුවාම.
යු ටියුබ් එකේ හෙව්වම කියපු දේවල් තියෙනවා.
දේශපාලකයෝ එදා මෙදා තුර කියපු දේවල් මෙරට වැසියන් අමතක කරපු එකේ පතිඵලය අද පොදු වේ විදිනවා...
කතාවට කියන්නෙ රට ගැන හිතනව කියල තමයි.ඒ වුනාට හිතන්නෙ ඊළඟ ඇමතිකම ගැන.ඒකයි ඇත්ත.ඔහෙලට අතීතය අමතක කරන්න පුළුවන් වුනාට මේ රටේ ජනතාවට එහෙම කරන්න බැහැ.
ඔබතුමා 2019 ඡන්දේ ඉල්ලුවෙත් මහ බැන්කු හොරකම ජනගත කල බන්දුල කියලනේ. ඔලුව මොකක හරි හැප්පුනාද නැත්නම් ඔබතුමා හිතනවාද අපෙ ඔලුව මොකේක හරි වැදිලා කියලා.
ඊගාව ඡන්දෙදී පාර්ලිමේන්තු අසුන දිනාගන්න පුළුවන් කියලා හොඳටම දන්නවා. ඒකයි ඉතින් ඔහේ කියවන්නේ...!
හොරෙක් තව හොරෙකුට හොරා කියන්නේ නෑනේ. මොකද ඒ දෙන්නාම දන්නවා උඩ බලාගෙන කෙළ ගැහුවාම වැටෙන්නේ තමන්ගේම ඔලුව උඩට කියලා...!
බන්දුල කවදත් කතාකලේ වාසි පැත්තටයි. මහදවල් මහබැංකු මහා මංකොල්ලය කියලා එදා ප්‍රසිද්ධියේම කියපු බන්දුලට වාසි පැත්තට පනින නිසා එහෙම කිව්වේ නෑ කියලා දැන් කියනවා...
වයසට යනකොට අමතක වීමේ (අල්සයිම) ලෙඩේ හැදුණාම ඒ අයව ගෙදර තියන් බලාගන්න ඕනේ.. ඔය පවුල්වල අයගේ වගකීමයි...!
වරෙල්ලකෝ ඔය කතා කියාගෙන ඡන්දෙ ඉල්ලන්න ගෙවල්වලට...
පාර්ලිමේන්තුවේ කියපු ඒවා හැන්සාඩ්ගත වෙනවා... ඒවා චෙක් කරලා කියන්න ඕනෙ. බොරු කියලා ජනතාව මුලා කරනවා.
ලලින්ද්‍ර, ඇයි ඔබතුමා කියලා කියන්නේ...?
කටින්ද කතා කරන්නෙ නැත්නම්,... මේ වගේ අයට ඡන්දය දෙන අය කකුල් දෙකේ මී හරක්...
මේ කතාව ඇහුවාම ඔබ යන්තම් හෝ බුද්ධිමත් නම් තේරෙන්න වැටහෙන්න ඕනෑ... අපි මොනතරම් මුලාවක වැටිලාද? මේ වගේ තක්කඩි කතා කියන බොරුකාර, වංචනික කන්න ඕනෑ වුණාම කබරයා තලගොයා කර ගන්න අවස්ථාවාදී කාලකන්නි රැළකට බලය දීලා බලන් ඉඳලා තියෙනවා නේද කියලා. ඒ නිසා වෙනදාටත් වඩා මොවුන් මේ එන මැතිවරණයේදීම මේ රටේ දේශපාලනයෙන් සදහටම අතුගා දැමීමේ දැඩි අවශ්‍යතාවක් ඇති වී තිබෙන බව වටහා ගත යුතුයි...
බොරුම කියලා දැන් මෙයාගේ මූණ කැලෑ සතෙක් වගේ...
ජනතාව පාවාදෙන දිව හතරේ වාචාලයෝ මේ අයට ඡන්දෙ දෙන හැමෝගේම ජනතාවටත් ලැජ්ජාවක්...
මේ වගේ අවස්ථාවාදී, බඩගෝස්තරවාදීන්ට ආයේ ඡන්දෙ නොදීම ජනතාව සතු වගකීමක්.
අනේ tution master, දැන් ඔයාගේ පන්තියක් දැම්මොත් එක ළමයෙක්වත් නැති බව හිතාගන්න.
සුදු ලූනු වලටත් කිව්වේ ඕකම තමයි .අන්තිමට කියලා තියෙන්නේ කට හැරෙන හැරෙන පැත්තට එක එක විහිලු කතා සපයනවා
ඒ උනාට මහින්ද හොරා නේද දැන් ?
මමත් කිව්වෙ නෑ
හැම දේශපාලකයම කියන්නේ තමන් වැඩ කරන්නේ රට ගැන හිතලා කියලා. නමුත් තියන පුදුමය නම් එහෙම හිතලා වැඩ කරන පිරිසක් ඉන්න රටක් මේ තරම් බංකොලොත් වුනේ කොහොමද කියන එක.
ඇමතිධූරය හැමදාම තියාගන්න තමන්ගේ ආත්මය පාවා දෙන්න එපා.ඔබතුමා උගත් කෙනෙක් නේ ?ඕක අහලා ෂුවර් එකටම හෝමාගම මෝඩ ජනතාව නැවත ඔබතුමාව පාලිමන්ට් එවනවා , ෂුවර් එකටම
හෝමාගම බත් කන මිනිසුන්ගේ අවධානයට......
මෙයා මනුස්සයෙක් නම් වෙන්න බැහැ. මේ වගේ දිව දෙකේ කථා කියන වංක දේශපාලුවන් අපේ රටට විපත මේ මට්ටමින් නැවැතී තිබීම සතුටට කරුණක්... මොවුන් රටම විකුණලා කියයි. මං එහෙම දෙයක් කලේ නැහැ කියලා. අර හඬ පටියක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ කියපු... එතකොට රටේ ජනතාවද හොරුවෙලා තියෙන්නේ. මෙයාට ඡන්දේ දෙනවුන් බත් කෑම නැවතිය යුතුමයි...
ඇත්තනේ... මෙයා නෙවෙයි කියලා තියෙන්නේ... මෙයාගේ කටනේ කියලා තියෙන්නේ.
රු.2500කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියපු ආර්තික ඔස්තාර් කියන කතා කවුද විශ්වාස කරන්නේ?