
(ජේ ඒ එල් ජයසිංහ)
මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා විදෙස් සංචාරකයන්ගේ ආසනයක් සඳහා අධික මිලක් අය කිරීමට විදේශිකයන් දැඩි විරෝධයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහනුවර ඇසළ පෙරහැර බැලීම සඳහා කල් ඇතිව මහනුවරට පැමිණ සිටි විදෙස් සංචාරකයන් කීප දෙනෙක් පැවසුවේ තමන්ට පදික වේදිකාවේ සාමාන්‍ය මහජනතාව සමග පෙරහැර බැලීමට එක්ව වාඩිවී සිටිය හැකිබවයි.
මේ සම්බන්ධව මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතාගෙන් විමසූ විට දිසාපති වරයාපැවසූවේ සංචාරකයන්ගේ ප්‍රශ්න පිළිබඳව සහ මහනුවර ඇසළ පෙරහර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සංචාරක අමාත්‍යාංශයේ නිලධාරින් සමග පවත්වන බව පැවසීය.
මහනුවර ඇසළ පෙරහර සමයේ පෙරහර නරඹන්නන් සඳහා ආසන ඉදිකරන ආයතන එම ආසන අධික මුදලකට අළෙවි කිරීම සිදුකරන්නේ නම් ඒ පිළිබඳව කිසියම් ක්‍රියා මාර්ගයක් ගත යුතු වන්නේ මහනුවර ඇසළ පෙරහර භාරය බවද මහනුවර දිස්ත්‍රික් ලේකම් වරයා ප්‍රකාශ කළේය.
COMMENTS
මිනිසුන්ව සුරා කෑමේ සීමාවක් ඇත.
මේවාට නීති ගේන්න ඕනෑ. පාලනයක් තියෙන්න ඕනෑ. ක්ෂණිකව පරීක්ෂා කරන්න ඕනෑ. නැත්නම් පෙරහර සඳහා මහන්සි වෙන්නේ කට්ටියක්. හම්බ කරන්නේ වෙන කට්ටියක් සහ සංචාරකයින්ට ඒක එපාවෙයි...
දැන් ලංකාව ට එන සුද්දො මාකට් එකෙන් බඩු අරගෙන උයාගෙන කන්නේ. පෙට්ටි කඩ තමා එයාලා බලන්නේ. සංචාරකයින් එන තරමට වියදම් කරන්නේ නැහැ.
රත්තරං බිත්තර දාන කිකිළිව මරාගෙන කන්න ගියාම මොකද වෙන්නේ කියලා සංවිධායකයන් හිතන්න ඕනෑ...!
සංචාරකයන්ට අපේ රට එපා කරවන්නේ එම කර්මාන්තයේ යෙදෙන්නමයි.
මම එක්තරා දේවාල පෙරහැරක් වර්ෂ ගණනක් නරඹා තියෙන්නෙ පදික වේදිකා පිටුපසින් බිම වාඩිවෙලා තමයි ඒ අතර එහි රාජකාරි භාර අයගේ නිවාස වල සිට බලන්න අවස්ථාව අනන්ත තිබුනා ඒක එතරම් සිතට ඇල්ලුවේ නැහැ පස්සෙ කාලෙක රාජකාරි මට්ටමෙන් පැනවූ අසුන් වල සිට නැරඹීමේ අවස්ථාව ලැබුනා ඒක කොහොමත් සිතට ඇල්ලුවේ නැත්තේ නිදහස අහිමි වෙන නිසා තමයි ඉතින් සංචාරකයන් වුනත් නිදහස අහිමි කරගෙන මුදල් වැයකර කාලය නාස්ති කරන්න ඔතනට එන්නෙ මොකටද කියලා හිතනවා ඇති පෙරහර කමිටුවේ සංවිධායකලා සංචාරකයන් ගෙන් අදහස් විමසා තීන්දු තීරණ ගන්නවා නම් හොදයි කියලා හිතෙනවා
මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා පමණක් නොව විදෙස් සංචාරකයන්ගේන් අධික මිලක් අය කිරීම බොහෝ පුජනිය ස්ථානවල සිදුවේ. එසේ සිදුනොවිය යුතුවේ
පදික වේදිකාවේ ආසන නගර සභාවෙන් ඉදිකරන්නේ. සාධාරණ මුදලක් අයකරන්න
හොඳ වැඩේ අපේ බූරුවන්ට අපේ එවුන් දන්නේ නිකන් ඉදන් ගාණ කාපාගන්න දැන් තියෙන්නේ සංවිධායකන්ට ඒ පුටුවල වාඩි වෙලා බලන්න
සංචාරකයින්ව "සුද්දෝ" කියලා හඳුන්වන එක පවා හරිම අශීලාචාරයි. එන සංචාරකයෝ හැමෝම හම සුදු අය නෙමෙයි... ඒ වචනේවත් වෙනස් කරන්න පටන් ගන්න.
ඒක ඇත්ත කාරණයක්... විදේශික අයට විතරක් නෙවෙයි, දේශීය අයටත් අසාධාරණ අයකිරීම් මේකට නිසි අවධානය යොමු කරන්න.
වෙන රටවල ඇවිද ඇවිද්ද කෙනෙක් කවදාවත්ම ඔය ජරා වැඩේ කරන්නේ නෑ. සංචාරකයෝ බහුතරය කැමැති පොදු ජනතාව සමග ගැටී ලබන අත්දැකීම ගන්න. සුලු සංඛ්‍යාවක් සුඛෝපභෝගී තත්ත්වය බලාපොරොත්තු වෙනවා.
බටහිර රටවල උද්ධමනය හුඟක්ම ඉහළ තත්ත්වයයි... බඩු මිල 30% කින් පමණ වැඩිවෙලා, හම සුදුවුනා කියලා හිතන්නේ නොදන්න කම නිසයි. සෑම වෘත්තියකටම විශාල වැටුප් ලැබෙන්නේ නෑ. හුඟක් අය බැංකු ලෝන් එකක් අරගෙන නිවාඩු ගත කරන්න තවත් රටකට යන්නේ... මොවුන්ට එය අවශ්‍යම දෙයක් නිසයි ලෝකේ කොහේ රටක සති දෙක තුනක විවේකය ගත කරන්න යන්නේ... ඔවුන්ගෙන් ගසා කන්නේ නැතුව සාධරණව ගණන් අය කරන්න...
සිස්ටම් චෙන්ජ් කරන්න කොඩි අරගෙන පාරට බැහැපු දේශප්රේමීයෝම තමයි එයාපෝට් එකේ ඉඳන් ම රටට එන සුද්දාව සුද්ද කරලාම දාන්නේ.. ටැක්සි එකේ ඉඳන් තැඹිලි විකුණන කෙනා දක්වාම බහුතරේ කරන්නේ හුරන් කන එක.. මොවුන් බලන්නේ එදා වේල විතරයි. තව පාරක් මේ එන එකාව රටට ගේන්න ගන්න විදිහට හිතන මොවුන් පුනරුත්ථාපනය කරන්න ඕනෑ...
එයා පෝට් එකේ වීසා ගාස්තුවේ ඉඳලා හැම එකකින්ම දේශපාලුවෝ සූක්ෂම විදිහට ගසාගෙන කන්න හදනකොට විදේශිකයෝ ලංකාවට එවයිද .මුන් හැමදාම කලේ ගසාගෙන කන එකනේ .ලැජ්ජයි
බෙදාගෙන කන්ඩ තිබෙන මුට්ටිය සුරගෙන කන්නගියාම මේ දේ වෙනවා කියල අපි ඉගෙනෙගෙන තිබුණා .
ලංකාවේ හැම තැනම අධික ම්ල ගණන් ,සීගිරියට රුපියල් 20000 කියල ආරංචි සංචාරක කර්මාන්තය නැති කරන්න එපා
තමන්ටත් වාසියක් ලැබෙන නිසා විදේශීකයන්ගෙන් මුදල් හොරා කන්ඩ ඉඩ දිලා නොදන්න පාට් එකේ කතා කරන නිලධාරීන් තමයි අපේ රටේ පරිපාලනය ඉන්නේ
විදේශ ගත අයගෙන් ඇහුවානම් ලංකාවේ මිනිස්සුන්ට සමහර විදේශ රටවල් සලකන විදිය... ඒ නිසා අපේ රටට ඇවිත් ඔවුන්ට ඕන ඕන විදියට සෙල්ලම් කරන්න දෙන්න එපා... සාමකාමීත්වය නිදහස දිය යුතුයි. නමුත් ඔවුන්ට ඕන ඕන විදියට වැඩ කරන්න දෙන්න එපා...
කළ දුටුකළ වල ඉහගැනීම සිංහලයාගේ සිරිතක්...!